IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සැප වාහන 7ක් රාජසන්තක කරන්න නියෝග

(රෝෂන් තුෂාර)

2018 වසරේ සිට 2024 වසර දක්වා රේගුවට හොර රහසේ ආනයනය කර රුපියල් කෝටි 25ක බදු ආදායමක් රටට අහිමි කළ රුපියල් කෝටි හතලිහකට අධික වටිනාකමින් යුත්  වාහන හතක් අත්අඩංගුවට ගෙන  රාජසන්තක කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළේය .

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.

මෙලෙස හොර රහසේ ආනයනය කළ වාහන රැසක් මීට පෙර අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගත් බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් නොනැවති අදාළ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගත යුතු බවට දන්වා සිටියේය.

2018 වසරෙන් පසුව ආනයනය කරන වාහන  සදහා  ඉංග්‍රීසි අකුරු තුනක්   සහිත ලියාපදිංචි  අංකයක් හිමි විය යුතු වුවද , පරිගණක පද්ධතියේ දත්ත මකා තීරෝද රථ මෝටර් සයිකල් ඇතුළු අඩු වටිනාකමින් යුත් වාහන අංක සඳහා මෙම සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කර ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය.

බදුල්ල, වාරියපොළ, බලන්ගොඩ, වත්තල, ඇතුළු ප්‍රදේශයන්හි විවිධ පුද්ගලයින් හත් දෙනෙකුගේ නමට ලියාපදිංචි කර ඇති gx 68 89.ජි එච් 5544,එච් ඒ 2426,ජි වයි 4675,ජි එස්9630,ජි ඉසෙඩ්8999,හා ජි යූ 9748 තරණ සුඛෝපභෝගී වාහන මෙසේ අත්අඩංගුවට ගෙන වහා අධිකරණයට ඉදිරිපත් කර රේගුවට බාර දෙන ලෙසට නියෝග කළේය.

මෙලෙස හොර රහසේ ආනයනය කර ලියාපදිංචි කළ වාහන දෙසීයකට අධික ප්‍රමාණයක් මේ වන විට අනාවරණය කරගෙන ඇති බවත්,2015 වසරෙන් පසුව 2024වසර දක්වා තවත් විශාල ප්‍රමාණයක් මෙලෙස ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් කොමිසම කරුණු දක්වමින් පැවසීය. 



අදහස් (6)

සැප වාහන 7ක් රාජසන්තක කරන්න නියෝග

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 05:46 PM

අර මෙතන පෝස්ට් දාන ,බංගලාදේශයේ ඒවත් ජවිපෙට පටවන අය මේක කලෙත් ජවිපෙ අය බව නොකීවොත් පුදුමයි.

:       0       0

Hemantha Tuesday, 06 August 2024 06:49 PM

එතකොට රේගුවේ ඉන්නේ කිරි සප්පයින්ද? වහාම එයාලාට ඉස්සරවෙලා දඩගහලා රැකියාවෙන් නෙරපිය යුතුයි. ඊට පස්සේ හොරුන්ට දඬුවම් දිය යුතුයි. ලැජ්ජයි මේ රටේ නිලධාරීන් ගැන.

:       0       0

LANKA LOVER Tuesday, 06 August 2024 07:28 PM

රේගු නිලධාරීන්ට කතා කරන්න... හොර හැත්ත... ඒ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න...

:       0       0

CC Wednesday, 07 August 2024 09:26 AM

මෙම රේගු වංචාවලට හසුවන පුද්ගලයින්ට රාජ්‍ය නිලදාරීන්ට නැවත එවැනි වැරදිවලට කිසි සේත්ම යොමු නොවීමට නොපෙළඹවීම උදෙසා දැඩි දඩුවම් ගෙන ආයුතු අතර දේශපාලකයන් වයංගයෙන් හෝ අනුග්‍රහය දක්වා ඇත් නම් අර සිංගප්පූරුවෙ වගේ එවුනුත් හිරේ ගාල් කල හැකි නව නීති සම්මත කලයුතුයි .අපට විශ්වාසයි මාලිමාව රජයක් එවැනි නීති ගෙන එයි කියලා.

:       1       8

Amin Wednesday, 07 August 2024 12:57 PM

එතකොට 88/89 කල විනාශය

:       1       0

Kamal Koyrala Wednesday, 07 August 2024 01:37 PM

රාජසන්තක කරන වාහන මීලග රජයේ ඇමතිවරුන්ට ලබා දිය යුතුය . කෝටි ගණන් වල පර්මිට් අවශ්‍ය නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 651 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 672 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 598 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6682 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2105 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 17 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34191 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23980 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 153 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 479 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site