(අංජුල මහික වීරරත්න)
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වෙළෙඳ පොළ ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය යන දෙඅංශයෙන්ම යුතුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමට සහ වැඩි දියුණු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවිධ ප්‍රයත්නයන් දරා ඇති නමුත්, ඒවා සාර්ථක වී නොමැත.
එම කාර්යය සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව වෙනම රාජ්‍ය ව්‍යවසායක් ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්ථාපිත කර සුදුසු උපාය මාර්ගික ආයෝජන හවුල්කරුවෙකු හඳුනා ගැනීම සඳහාත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත.
වත්මන් රජයේ බල ශක්ති ප්‍රතිපත්ති රාමුව යටතේ දැනට පවත්නා පිරිපහදුව නවීකරණය කිරීම හෝ නව පිරිපහදුවක් ඉදිකිරීම ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනා ගෙන ඇත.
ඒ අනුව, 2022 වර්ෂයේදී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනය මත පදනම්ව සුදුසු ආයෝජන හවුල්කරුවෙකු හඳුනා ගැනීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනය කිරීම සහ එම පරිශ්‍රය තුළම ඉදිකිරීම, මෙහෙයුම් හා පැවරීම (BOT) පදනම මත දිනකට බැරල් 100,000ක ධාරිතාවකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු මූල්‍ය සම්පාදක/ ආයෝජකයින් හඳුනා ගැනීම සහ තෝරා ගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත්, සුදුසුකම් සපුරන ආයතන වෙතින් යෝජනා කැඳවීමටත් බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සපුගස්කන්දට නව පිරිපහදුවක්
යෝගා Tuesday, 11 February 2025 04:24 PM
සීයා කාපු කජ්ජම කකා ඒ ප්‍රතිපත්ති ඒ විදියටම ක්‍රියාත්මක කරන්න කියලා කියන්න ඇත්තේ ඇමෙරිකාව වෙන්න ඕන.