රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් වී එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සදහා යොදාගැනීමට අනුමැතිය හිමිව තිබේ.
වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියාසිටියේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් ඊට අනුමැතිය ලබා දී ඇති බවයි.
ඒ අනුව, කොරෝනා මර්දනය වෙනුවෙන් මෙරට භාවිත කිරීමට අනුමැතිය හිමි වූ දෙවන එන්නත මෙය වේ.මේ වනවිට රජය, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මහජනයාට ලබාදෙමින් සිටී.
ඉදිරියේදී රුසියාවෙන් එන්නත් මාත්‍රා 300,000ක් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබෙනු ඇතැයි ද ආරංචි මාර්ග පවසයි.
(6844)
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ස්පුට්නික් එන්නත හදිසි භාවිතයට අනුමැතිය
mangala Thursday, 04 March 2021 09:05 AM
WHO එකේ අනුමැතිය නැති මේ වගේ රටවල හදන බෙහෙත් ගන්න එපා..
kamalThursday, 04 March 2021 10:17 AM
නිකන් දෙන මාත්‍රා ලක්ෂ 3... අස්සයාගේ දත් බලන්න එපා. නිකන් දෙනවා නම් දෙමළ පත්තරෙත් බලන අපිට ඕක මොකක්ද?
RohithaThursday, 04 March 2021 02:15 PM
මංගල ඔයා කොහොමද දන්නේ? බටහිරින් දෙන නිව්ස් විතරක් විශ්වාස කරන්න එපා. මේකට WHO එකේ අනුමැතිය දීලා ගොඩක් කල්.. යුරෝප්වල, හංගේරිවලත්, ලතින් ඇමෙරිකා රටවල් වලත් මේක පාවිච්චි කරනවා.
bandaThursday, 04 March 2021 09:53 PM
ධම්මික පැණිය බීපු අපි මේක අනිවාර්යයෙන්ම ගන්නවා.
Indhika Thursday, 04 March 2021 02:27 PM
බොහොම කණගාටුයි...!!! රුසියානු ජනතාවගෙන් 70%ක් මෙම එන්නත විදගන්න කැමැති නැහැ කියලා අද සමීක්ෂණයකින් ඔප්පු වුණා. එහෙව් එකේ ලංකාවේ අය විදින්න යනවා.
chandimaThursday, 04 March 2021 06:02 PM
ඉන්දික ඔයා කැමැති නැතිනම් විදින්නේ නැතිව ඉන්න. අපිට විදගන්න දෙන්න.
bandaraFriday, 05 March 2021 01:42 AM
සමීක්ෂණ වලින් කියන හැමදේම ඇත්ත කියලා හිතන්න එපා.. ඒ සමීක්ෂණයට ගත්තු නියැදිය මොකද්ද කියලා බලන්න. උදා- ලංකාවේ යුද අපරාධ කියලා උතුරේ සමීක්ෂණයක සහ මාතර සමීක්ෂණයක් කළොත් එන ප්‍රතිඵලය ගැන මම කියන්න ඕනේ නෑනේ. හැබැයි දෙකම ලංකාවේ කරපු සමීක්ෂණ. එ්ක නිසා හැමදේම අන්තර්ජාලයෙන් හරි මාධ්‍යවලින් හරි බලලාම තීරණ ගන්න එපා. මොකද මේ ලෝකේ මාධ්‍ය නිදහස කෙසේවෙතත් නිදහස් මාධ්‍ය කියලා දෙයක් නෑ.
rehan Friday, 05 March 2021 02:51 AM
ඉතාමත් පිළිකුල් සහගත වැඩක්. ලංකාවේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. කවුරුහරි රිසර්ච් එකක් කරලා සාර්ථක බෙහෙතක් හොයාගත්තොතින් ලංකාවටම ගොඩයන්න ඒක විතරක්ම ඇති.
kamalFriday, 05 March 2021 07:21 AM
පර්යේෂණ කරන්නේ දොස්තරලා නෙමෙයි අනේ.. විද්‍යාඥයෝයි. දොස්තරවරු ඉන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නයි.
anaSaturday, 06 March 2021 03:02 PM
ප්‍රායෝගික පරීක්ෂණ නැතිව ටියුෂන් බංකු ලෑල්ලක සයන්ස් කරන ලංකාවේ බිහිවෙයිද විද්‍යාඥයෝ?