IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සේපාල අමරසිංහ යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

බෞද්ධ ජනතාවගේ සිත් රිදවමින් ශ්‍රී දළදා වහන්සේට අපහාස කළැයි කියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා ලබන 17 වැනිදා දක්වා තවදුරටත්රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්  මහතා  අද (10) නියෝග කළේය.

මෙම සැකකරු ශ්‍රී දළදා වහන්සේට සිදු කරන ලද අපහාසය හේතුවෙන් අන්තර්ජාලය තුළ පුද්ගල ගැටීමකට මග පෑදී ඇති එය යම් ආකාරයකින් සිවිල් ජනතාව අතරට ද පැමිණිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ට  නීතිපතිවරයා  නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.



අදහස් (22)

සේපාල අමරසිංහ යළි රිමාන්ඩ්

ලුම්බිණි Tuesday, 10 January 2023 01:18 PM

මේක ශෝචනීය දෙයක්. සේපාල කල දෙය හරි නොවුනත්, මීට කලින් වෙනත් ආගම් වලට අපහාස කරපු අයට නොලැබුණු සේපාලට පණක් ලැබුණු දඬුවමක්.

:       17       47

මැක්ස් Tuesday, 10 January 2023 03:11 PM

දළදා වහන්සේ යනු හුදු ආගමික සංකේතයකට එහා ගිය ජීවමාන සංස්කෘතිකමය වටිනාකමක් ඇති සේ ම ලක්ෂ ගණනක් ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ පූජනීය සහ ජාතික වස්තුවකි. ඊට නිග්‍රහ කරන්නාට ලීලය පාන්නට හැක්කේ "නිරාගමික" ලේබලයට මුවා වූ සිංහල බොදු විරෝධී ඊනියා ලිබරල්වාදීනට පමණි.

:       0       1

dasun Tuesday, 10 January 2023 01:32 PM

මෙවනි අය නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ තැබීම සුදුසුයි

:       0       1

පිටිගල මිලානෝ Tuesday, 10 January 2023 02:02 PM

ආගම ඔලුව උඩ තියාගෙන නොපෙනෙන දේවල් වලටයි ගස් වලටයි දත් වලටයි වැඳ වැඳ දුක් විඳිනවා.... පාරක් පාරක් ගානේ සුරුවන්, පිළිම හදාගෙන වැද්දෝ වගේ ජීවත් වෙද්දී ආගම හිතේ තියාගෙන ජීවත් වෙන දියුණු රටවල් වල මිනිස්සු සැප විඳිනවා..... මහා ලොකු සංස්කෘතියයි ආගමයි තියන රටේ උන් හැසිරෙන්නේ තිරිසන්නු වගේ.....

:       13       28

චාන්දනී-මිලාන්Tuesday, 10 January 2023 04:26 PM

පිටිගල වගේ මෙහෙම පව්කාරයෙක් මම දැකලාම නැහැ. කාලෙකින් පන්සල පැත්තේ ආවෙ නැත්තේ මේක තමයි එහෙනම්.

:       3       4

JAYASEKARATuesday, 10 January 2023 05:12 PM

හිතේ ඇති සුද්දෝ හරි දියුණුයි කියලා. හැම රටකම ඉන්නවා කලු සුදු චරිත. ඔයා හිතන්නේ ලංකාවේ ඉන්න වැද්දෝ කියලද? නමුත් ලංකාවේ ඉන්නේ ආගම අදහගෙන සංස්කෘතියට මුල් තැන දීලා ඉන්න හොඳ ගුණ ගරුක මිනිස්සු. ඔවුන් බෞද්ධ සහ වෙනත් ආගම් අදහන අය. මාද්‍යවලින් පෙන්නන්නේ නැහැ සුදු චරිත වැඩි පුර. කළු චරිත තමා වැඩි පුර පෙන්වන්නේ. අනික මතක තියා ගන්න සුද්දෝ ඔලුව උඩ තියාගත්තට ලංකාවේ මිනිස්සු තාම ලෝකෙන්ම ආගන්තුක සත්කාරයෙන් වගේම සංග්‍රහෂීලී මිනිස්සු ඉන්නේ. ඔය මිලානෝ වගේ යුරෝපෙ රටකට ගේකට නොදන්වා ගියොත් වතුර උගුරක්වත් හම්බවෙන්නේ නැහැ. නමුත් ලංකාවේ තමන් කන්න තියෙන එක හරි දෙයි ගෙදරකට ඕන වෙලාවක කවුරු හරි ආවොත්. ඒ ඔක්කොම අපිට ලැබුණේ විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් බව මතක තියා ගන්න.

:       2       2

පිටිගල මිලානෝTuesday, 10 January 2023 06:06 PM

ඔබේ අදහස් වලින් පෙනෙන්නේ ඔබ තවත් එක් වැද්දෙක්, ගෝත්‍රිකයෙක් බවයි. ඔබ ගෙවල් වලට රිංගන්නේ නිකං වතුර බොන්නයි නිකං කන්නයිද? ඔබගේ හොද නරක මනින නිර්නායකය පාරේ ඇවිදින ගමන් අහම්බෙන් ගේකට ගොඩවැදුනම ඔවුන් ඔබට කෑම මේසයක් ඇරලා ඒකේ නිකං වතුරයි නිකං කෑමයි පිලිගන්වන එකද? ඔබ වගේ නිකං ලැබෙනකං බලා ඉන්න ගෝත්‍රිකයෝ නිසා තමයි මේ රට තවමත් එකම තැන පල් වෙන්නේ. ලංකාවට නිකං පිටි දුන්න, ඔබත් ඉස්සර කාපු ඇදිහැස විස්කෝතු නිකං දුන්න, ත්‍රිපෝෂ නිකං දෙන, බේත් හේත් නිකං දෙන, සමහර විදේශ ආධාර නිකං දෙන රටවල් ඔබට අනුව මාර නොදියුනු සහ සංග්‍රහශීලී නැති ජාතීන් නේද? ලගදි ගේකට රිංගුවේ නැද්ද..?

:       1       1

SUNIL MILANO Tuesday, 10 January 2023 02:17 PM

ලුම්බිණි ඔය අපහාස කළා කියන එක්කෙනාගේ හරි නමක් සඳහන් කරන්නකෝ .මුස්ලිම් ආගමට නිගරු වෙන ආකාරයට ලියපු පොතක් නිසා මිස්ටර් සල්මන් රුශ්ධිට උන දෙය .මතකයි නේද?මේ කාලකන්නි අපතයා ජීවිතාන්තය දක්වා සිරගත කල යුතුයි

:       0       0

Nandana Tuesday, 10 January 2023 02:18 PM

රැවුල වවාගත්ත කොන්ඩේ වවාගත්තු මුන් හිතන්නේ පොරවල් කියලා.වාචාලයෙක් උනත් සීමාවක් තියනවා

:       0       0

asela09 Tuesday, 10 January 2023 02:20 PM

වෛරයෙන් මිදෙන්න දේශනා කරපු ආගමක් කරේදාගෙන තවත් අයට වෛර කිරීම අපේ බුද්ධාගමද? නැතිනම් මැතිවරණ උප්පරවැට්ටියක්ද?

:       0       1

මිලින්ද Tuesday, 10 January 2023 02:31 PM

බෞද්ධ ජනතාවට නම් හිත් රිදීමක් උනේ නැ . හැබැයි දෙසපාලුවොන්ටනම් සේපාල් නිසා හිත රිදීම් වෙලා ඇති

:       8       28

Santhu Tuesday, 10 January 2023 02:48 PM

කී දේවල් අනුව මේත් පරක්කුයි හරි නම්

:       11       7

Mohan Tuesday, 10 January 2023 02:57 PM

දැන් පැහැදිලියි හරියටම. ළංකාව හදන්න බැහැ . සේපාල...ඔබ වගෙ උගත් දැනුමක් තියෙන අයව මෙ රටට හරියන්නෙ නැහ. හොරුන්ටම ගිය රට.

:       9       20

saaliTuesday, 10 January 2023 05:03 PM

ඔවුන් දැනටමත් හානිය කර අවසන් බව පැහැදිලියි. වාචාලයන් කියන ඕනැම දෙයක් හිස් මුදුනින් පිලි ගැනීම සෝචනීයයි..

:       2       2

මැක්ස් Tuesday, 10 January 2023 03:01 PM

යළිත් අසමි. මේකා "මහතා" වන්නේ කෙසේ ද? අවම තරමින් "නමැත්තා" යනුවෙන් යෙදීමට වත් නොහැකි ද?

:       22       10

Sepal Tuesday, 10 January 2023 05:36 PM

ආගමික වහලුන් තවමත් සමාජයේ.

:       1       1

Kumara Tuesday, 10 January 2023 05:51 PM

ඔබේ උත්සාහ අතාරින්න එපා සේපාල මහත්තයෝ.

:       2       0

SUNIL MILANO Tuesday, 10 January 2023 08:36 PM

මේ සරත් පිටිගල තුමන්ගේ පැටිකිරිය අපි හොඳට දන්නවා .ඒක නිසා තමන්ගේ මෞබිමට ගරහන කාලකන්නියෙක් වෙන්නේ නැතිව.මනුස්සයෙක් වෙන්න බලනවා.තමුන් දන්නවනේ ඇවිස්සුවොත් අසූචි වලක් ඇද්දා වගේ කියලා

:       0       1

Bamunuarachchi Wednesday, 11 January 2023 07:42 AM

බුද්ධාගමට අවමන් කල ගෝල්ෆේස් පිට්ටනියට ගෙනත් ගල්ගහන්න ඕන එකා මහතා උනේ කොහොමද? එතකොට මහත්වරුන් ආමන්ත්‍රණය කරන්නේ මොනවා කියලද?

:       1       2

සෙනෙවිරත්න Wednesday, 11 January 2023 10:22 AM

එල්ලෙන්න වැලක් නැතුව හිටපු අයට මේක ලොකු දෙයක්, මට නම් පේන්නේ මේක නෑසුණා වගේ ඉන්න එක තමයි කරන්න තිබුනේ... බුදුන් අනුගමනය කළේ ඒ මාර්ගය, නමුත් දැන් බුදුන් දෙසූ දහමට වඩා බුදුන්ගේ පාරිභෝගික දේවල්වලට ගෞරව කරන, ඒ වෙනුවෙන් මරාගන්නා ආගමක් අදහන්නේ. මේ සේරම අය බුදුන් අනුගමනය කරනවා වෙනුවට විකුණන එකයි කරන්නේ, සේපාලගේ වචන ඒකට නොගැලපෙන නිසා තමයි... මේ කැක්කුම නැතුව බුද්ධ දර්ශනයට ඇති ආදරය නිසා නෙවෙයි.

:       0       1

BamunuarachchiWednesday, 11 January 2023 12:35 PM

ඔහෙලා කවදත් කළේ සිංහල ජාතියට බෞද්ධාගමට විරුද්ධව කියන කරන දේවල් නෑසුණා වගේ ඉන්න එක තමයි. එහෙම නේද? එහෙම කියන කරන දේවල් නෑසුණා වගේ සිටි නිසයි අපේ දේවල් බොහොමයක් දෙමල්ලු හම්බයින් අත්පත් කර ගත්තේ... තමන් කැමැති විදිහට ආගම අදහන්න.. ඒක අපිට ප්‍රශ්නයක් නොවෙයි. නමුත් බුද්ධාගම මෙරටින් තුරන් කරන්න හදන අනාගතේ මෙරටත් ඇෆ්ගනිස්තානයක් කරන්න පාරකපන සේපාල් හා ජෙප්පන් සෙට් වැනි තලෙයිබාන් කාරයින්ව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැල්ලා කරවට වලලා නගුලකින් හෑවාට පවු නැත...

:       1       3

සෙනෙවිරත්න Wednesday, 11 January 2023 07:43 PM

ඔබ කියන එක කරන්න තිබුණු 1815 දී සිංහල රාජවංශය ඉවර කරපු වඩිග රජතුමා හිටියා නම්, වඩිග රජතුමාගේ පෙරහැර සම්ප්‍රදාය නිසා තමයි මේ දළදාට මෙපමණ සැලකිල්ල... මම හිතන්නේ බුදුන්වත් අනුමත නොකරන සත්ව සහ මනුෂ්‍ය හිංසාව මූලික කරගත් පෙරහැර නිසා තමයි මුදල් ආගම ඉක්මවලා යන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 887 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 1545 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1150 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 518 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1357 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22958 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18838 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site