(නිමන්ති රණසිංහ)
බෞද්ධ ජනතාවගේ සිත් රිදවමින් ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය .
ඒ අනුව මෙම නඩු කටයුත්ත කටයුතු අවසන් කිරීමට අධිකරණය තීරණය කළේය.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි විණි.
තම සේවාදායකයා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් ගෙන් සහ මේ රට සියලුම බෞද්ධ ජනතාවගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව සේපාල අමරසිංහ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේය .
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ සැකකරු එවැනි කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටිත් නම් පමණක් මෙම සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට තමන් එකඟ වන බව ය .
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද සේපාල් අමරසිංහ මහතා විවෘත අධිකරණයේදී සමාව අයැඳ සිටියේය.
ඒ අනුව මෙම නඩුව අවසන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු නඩුවෙන් මුදා හැරිය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සේපාල් කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි
Aravinda Monarawila Tuesday, 21 February 2023 11:13 AM
සමාවදීම හොද දෙයක්, නැත්නම් මේවා ජාත්‍යන්තරයට යන්නේ මානව හිමිකම් ප්‍රශ්න ලෙසයි.
මැක්ස් Tuesday, 21 February 2023 11:20 AM
මදැයි සමාජ මාධ්‍යය හසුරැ වන "රෝං ජෙනරේෂන්" කට්ටිය ඉදිරියේ වීරයකු වීම සඳහා පහසුම මාර්ගය හෙවත් බුදු දහමට අගෞරව කරන්න ගිය ම්නිහට වෙච්ච දේ!
SenakaTuesday, 21 February 2023 01:39 PM
උප්පැන්න සහතිකේට විතරක් බෞද්ධ සෙට් එක රවට්ටගන්න අනිත් ආගම් වල උන් දාපු ඇම මූත් ගිල්ලා අනිත් උන්ටත් ගිල්ලෙව්වා. ඒ කාලෙත් ඔය වගේ බුදු දහමට මඩ ගහපු උන් හිටියා. හෙටත් ඉඳීවි අදටත් වඩා වැඩියෙන් සහ ප්‍රභලව. ඒකයි බුදු හාමුදුරුවො කිව්වේ මගේ දහම තේරුම් අරන් නිවන් මාර්ගයේ යන අය ඉන්නේ සමස්ථ මිනිස් ප්‍රජාව එක්ක සැසඳුවාම නිය පිඩට ගත් පස් පිඩක් තරමට කියලා.
VenuraTuesday, 21 February 2023 02:34 PM
ජේතවනාරාමෙට ගල් ගැසූ රෝං ජෙනෙරේසොමට බණ කියූ වැද්දා සමාව ඉල්ලා සිටී.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 21 February 2023 11:33 AM
සේපාල් මහතා මේ දළදා වහන්සේ හා සම්බන්ධ සිද්ධිය හැරෙන්නට ඔබ විසින් බොහෝ වංචා දූෂණ හෙළි කළා.ඒත් ඔබ බොහෝ විට වචන භාවිතා කළේ ආවේගශීලීව බව අප හොඳින් දැන සිටියා. ඔබ උපහාසය කියන දේට වඩා මුල්තැන දුන්නේ ආවේගශීලී භාෂා භාවිතයට.අපහාසය ගැන නඩු පැවරිය හැකි වුණත් උපහාසයට නඩු පැවරිය නොහැකියි.ඔබට අබමල් රේණුවක තරම් හෝ ශ්‍රද්ධාවක් තිබුණා නම්,අපේ දළදා වහන්සේට මෙසේ අපහාස වෙන දේ කියවෙන්නේ නැහැ.මින් ඉදිරියට හෝ මාධ්‍ය භාවිතයේදී අපහාස නීතිය ගැන සිතා කටයුතු කරන්න.ව්‍යංගාර්ථය භාවිතා කරන්න.අපහාසය ඉවත දමා උපහාසය භාවිතා කරන්න.අනුකම්පාව සහිත විවේචනය හෙවත් සදය විවේචනය යොදා ගන්න.අනුකම්පා රහිත විවේචනය හෙවත් නිර්දය විවේචනය ඉවත දමන්න.යු ටියුබ් එකේ ඇති කිසිදු වැදගැම්මක් නැති වචන යොදන ඇතැම් ව්‍යාජ මාධ්‍ය කරුවන් ඇසුරෙන් ඉවත්වන්න.බුදු දහම ගැන ගැඹුරින් හදාරන්න. ඔබට ජය ... !!!
ලුම්බිණි Tuesday, 21 February 2023 11:37 AM
අපහාස කිරීම බෝම්බ ගැසීමට වඩා වරදක් බව තේරුම් ගත්ත එක හොඳයි.
DineshTuesday, 21 February 2023 01:42 PM
ඔයාලගේ ආගමේ නම් විවේචන කරන අයව කෙලින්ම දිවිය ලෝකෙම යවනවනේ නේ. අපේ සෝම හාමුදුරුවන්ට එහෙම කරේ ඒකනේ. සිංහලයා මෝඩයා නිසා හොඳයි ඉතින්.
ඇත්ත තිත්තයි.Tuesday, 21 February 2023 02:37 PM
බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවොත් නොමරා මැරුවේ මෙයාලාම තමයි.
ලුම්බිණි Tuesday, 21 February 2023 03:49 PM
ඒ කියන්නේ බුද්ධාගමේ? මොකද මම අදහන්නේ බුදු දහම.
S. hettiarachchige Tuesday, 21 February 2023 11:41 AM
අසාදාරන ලෙස සිරගත කල ඔබ නිදහස් විම සතුටට කරුනකි. ආයෙත් නැ වතුන තැනින් වැඩ අරබන්ඩ. ඔබටද රටටද ජය .
පිටිගල මිලානෝ Tuesday, 21 February 2023 11:49 AM
ශ්‍රී දළදා වහන්සේට බෝම්බ ලොරියක් ගහපු එකාට රාජපක්ෂලා දුන් දඩුවමම සේපාල්ටත් දෙන්න.
යෝගා Tuesday, 21 February 2023 11:56 AM
නඩුව ඉවර කරගන්න ඔයා රනිල්ට පොරොන්දු උනේ මොනවද කියල දැනගන්න ආසයි.
dasun Tuesday, 21 February 2023 12:01 PM
මූට මහඅධිකරණයේ අධිචෝදනා දාන්නයි තිබ්බේ
Senarath Tuesday, 21 February 2023 12:17 PM
මෙයත් හරියට රා බීපු මීයෙක් වගේනේ .ලොකු කයිවාරු තිබුනට හිරේට යන්න බයට බලු කුක්කෙක් වගේ දන ගහනවා
SL Tuesday, 21 February 2023 12:29 PM
ඔයාගෙ කර්මය ඔයාට ලැබෙයි. අපිට කර්මයෙන් අයින්වෙන්ඩ බෑ.
උපාසක Tuesday, 21 February 2023 12:52 PM
ආගමක් දහමක්, උගත් කමක් නැති වාචාල කම පමණක් තියෙන ඔබලා වැනි අයගෙන් වෙන බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ. දැන්වත් වාචාල කමට යූ ටියුබ් කාරයෝ ඉස්සරහා වීරයෙක් වෙන්න හදන්නේ නැතුව සමාජයට රටට වැඩක් ඇති දෙයක් කරන්න. මුදල් වෙනුවෙන් ජාතිය, ආගම පවා නොදෙන්න. තදබල ලෙස බුදු දහමට, බික්ෂුන් වහන්සේලාට පසුගිය දවස්වල පහර ගැහුවා. ඒවාට ඔබට දඬුවම් මෙහිදී නොලැබුනත් විපාක විදියට යම් දවසක ලැබෙයි. ඒවගේ විපාක බරපතල බව දැනගන්න. එදාට කම්පා වෙයි. දුක් වෙයි. බුදුදහම ඉගෙනගන්න. මෙලොව, පරලොව දෙකටම වැඩ දායකයි .... තෙරුවන් සරණයි.
බද්රානි Tuesday, 21 February 2023 01:54 PM
මට නම් හිතෙන්නේ මේ හිටපු රැවුල් කාරයා ළඟදීම රහතන් වහන්සේ ඉදිරියේ දමනය වෙයි කියලයි. මේ වගේම පහුගිය කාලේ ගෝටාබය හිටපු ජනාධිපති වෙනුවෙන් සරම උස්සගෙන සින්දු හදපු කුණුහරුප කාරයෙකුත් ඉන්නවා. ඔහුවත් කුමන ආකාරයකින් හෝ දමනය කල යුතුයි. හරිහමන් රස්සාවක් නොකර සමාජය නොමග යවන විෂබීජ අවසානයේ ලගින්නේ තක්කඩි දේශපාලුවන්ගේ ඔඩොක්කුවල කියල අපිනම් දන්නවා. ඒ නිසා තමයි මේ දෙපත්නයින්ව අපි ප්‍රතික්ෂේප කරන්නේ...
AlfreadTuesday, 21 February 2023 02:28 PM
අරගලකාලේ ගිනිතියපන්, කඩපන්, මරපන් කියල කියපු චාල්ස් සොයුරාණන් ගැන වෙන්න ඇති ඔය කියන්න හදන්නෙ. එයා නම් දැන් ලස්සනට දමනය වෙලා ඉන්නේ රෙදි නැතුව. කිව්වෙ නම් සහෝදරත්වය, ප්‍රේමය, මානව දයාව ගැන. ඒ වුනාට .... අරෙහෙමයි ඉතින්.
බද්රානිTuesday, 21 February 2023 04:12 PM
අර කොහෙවත් ඉන්න චාල්ස් කෙනෙක් ගැන මෙතන දොඩවන්න ඔහෙට මොලේ විකාරේද? මට තේරෙනවා ඔහේ මේ කරන අමන වැඩේ. අර හරකව හංවඩු ගහන පරම්පරාවේ ඉපදුන ඔහෙ මටත් හංවඩුවක් (ලේබලයක්) ගහන්න නේද මේ දඟලන්නේ. දන්ත ධාතුන් වහන්සේට අපහාස කල මේ හිවල් රැවුලා ගහන දේශපාලන ගේම් එක මොකක්ද කියලා මම නම් දන්නවා. බොරුවට, ජනතා විමුක්තිපෙරමුනට කරණමක් ගසා යයි ලෝකෙට පෙන්වා, බුදු දහමට අපහස කරමින් ඔවුන්ව අප්‍රසාදයට පත් කිරීම තමයි මේ කරන්නේ..හරි හමන් රැකියාවක් නොකර දේශපාලකයින්ගේ කුණු කමින් වැජබෙන මෙවැනි නාකි හිවලුන් සමාජයට පිළලයක්.
Bishan Tuesday, 21 February 2023 02:21 PM
සන්තෝසයි.
Nihal Tuesday, 21 February 2023 02:47 PM
බුද්ධාගම ට නිසාම බේරුනා,වෙනත් එකකට කීවානම් හිස කඳ දෙපලු
chinthakaTuesday, 21 February 2023 03:42 PM
බුද්ධාගම පටලවාගන්න එපා.බුදුන් වහන්සේ දෙසූ බුද්ධාගම වෙනුවට ශ්‍රී ලංකාවේ දැන් තියෙන්නේ දුෂිත දේශපාලකයින්ට සුදු හුණු ගාන තලේබාන් බුද්ධාගම.සේපාල හරි.නමුත් ඔහු ඒ දෙය කිව රටේ ඉන්නේ මිත්යාදෘෂ්ටිකයින් බව ඔහු හිතුවේ නැහැ.
nilmini Tuesday, 21 February 2023 03:16 PM
සේපාල් ඔබට වැරදුන එක තැනක් තිබෙනවා, ඒ තමයි ඔබ කොහෙද සිටින්නේ කියන දේ. ඔබ සිටින්නේ බුද්ධාගම් තලිබාන්ලා සමග බව ඔබට අමතකවුනා. මිත්යාදෘෂ්ටිකයින්ගෙන් පිරුන ලංකාවේ දියුණුවක් කවමදාකවත් සිදුවන්නේ නැත.දිනෙන් දිනම පිරිහෙන මේ රටේ හිසමුදුනේ තියාගෙන අදහන ආගම් කීයක් තියෙනවාද ?ඒ ආගම්වල බලයෙන් අපිට හැමදාම ලැබුනේ විනාශයක් පමණයි.
Nandalal DE SILVA - France Tuesday, 21 February 2023 03:28 PM
සේපාල බෞද්ධ දර්ශනයට සහ බුදු රජාණන් වහන්සේට "අපහාස" කළ නිසා, ඔහුට ශ්‍රී ලාංකේය යුක්තිය සහ සමස්ත බෞද්ධ ප්‍රජාවගෙන් සමාව ලැබුණි. මැදපෙරදිග රටක ඔහු එවැනි ප්‍රකාශයක් කළේ නම්, මේ වන විට ඔහු ප්‍රසිද්ධියේ හිස ගසා දැමීමට ඉඩ තිබුණි. බුදු දහම සමාව දිය යුතු උතුම් දහමකි...
chithral Tuesday, 21 February 2023 04:05 PM
සමස්ත බවුද්ධ ප්‍රජාවක් කොහෙද ලංකාවේ ? තායිලන්තයේ,බුරුමයේ පමණක් නොව අමෙරිකාවවගේ ඉතාම දියුණු රටවල පවා නියම බවුද්ධයින් ඉන්නවා.ඔවුන්ට සාපේක්ෂව ලංකාවේ සිටින්නේ සමස්ත තලිබාන් ප්‍රජාවක් පමණයි.
sujith Tuesday, 21 February 2023 05:40 PM
හෙන පල්එක අප්පා. මම නම් වහකනවා...
Susil Fernando Tuesday, 21 February 2023 08:13 PM
සටනින් ඔබ පරාදයි!