(අජිත්ලාල් ශාන්තඋදය)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට නායයාමේ දෙවන (ඇම්බර්) මට්ටමේ පූර්ව අවදානම් නිවේදන අද දහවල් (10) නිකුත් කර ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කහවත්ත, රත්නපුර, නිවිතිගල සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස ආශ්‍රීත ප්‍රදේශ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම දෙවන මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
එම කොට්ඨවලට ගෙවුනු පැය විසි හතර තුල මිලිමිටර් 100ට වැඩි වර්ෂාපතන ලැබී ඇත. වර්ෂාව තවදුරටත් පවතීනම් නායයාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීමේ සහ පස් කණ්ඩි කඩා වැටීමේ සිදුවීම් විය හැකි නිසා අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. අවශ්‍ය වුවහොත් ආරක්‍ෂාකාරී තැනකට යාමට සූදානමින් සිටින්නැයිද දන්වයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨස දෙකට පළමු (විමසිලිමත්) මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම ප්‍රදේශවලට ගෙවුනු පැය විසිහතර තුල මිලි මීටර් 75ක් ඉක්මවු වර්ෂාපතනයක් ලැබී තිබේ. තවදුරටත් වැස්ස පවතී නම් අවදානයෙන් සිටින්නැයි එම කොට්ඨසවල මහජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සබරගමුවේ ප්‍රා.ලේ. අටකට ‘‘ඇම්බර්‘‘ නිවේදන