(අජිත්ලාල් ශාන්තඋදය, පල්ලෙබැද්ද රෝහණ සමරවීර සහ දාපනේ ජයන්ත නානායක්කාර)
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් අසබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂවරියක ලබන මස 08දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් තිළිණ මහේෂ් පීරිස් අද නියෝග කළේය.
මෙසේ රක්‍ෂිතභාරයට පත්කෙරුණේ සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, ග‍්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර විශ‍්‍රාම ලබා ඇති දේවප‍්‍රිය විජයරාජ සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂවරියක වු කුසුම්ලතා කුමානායක යන දෙදෙනායි.
සබරගමු පළාත් සභා අරමුදල්වලින් ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවට ලබාදුන් රුපියල් හත්කෝටි දාසය ලක්‍ෂ හතළිස් පන් දහස් දෙසිය විසි හයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් මෙම දෙදෙනා ද සැකපිට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
එකි මුදල් වංචාව සම්බන්‍ධයෙන් මේ වනවිට ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයකු, ලිපකරුවකු සහ තාක්‍ෂණ නිලධාරියකු රිමාන්ඞ්භාරයේ පසුවෙයි.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
NPP Tuesday, 29 April 2025 05:27 PM
මේ නිසා තමයි අනුර සහෝදරයා කියන්නේ පළාත් සභාවල බලය මාලිමාවට දෙන්න කියලා. මොකද එතකොට තමයි දූෂණය නතර කරන්න පුළුවන් වෙන්නේ...
NimalasenaTuesday, 29 April 2025 07:40 PM
කවද්ද මෝඩයෝ අනුර සහෝදරයා මාලිමාවට පළාත් සභාවල බලය දෙන්න කිව්වේ. යකෝ ජනාධිපතිතුමා කිව්වේ පළාත් පාලන ආයතනවල බලය දෙන්න කියලා පමණයි.. පළාත් සභා හා පළාත් පාලන ආයතන කියන්නේ වර්ග දෙකක්...
sachith Tuesday, 29 April 2025 05:57 PM
මේවගේ හාල්මැස්සෝ අහුවෙනකොට තෝරු මෝරුන්ට හීන් දාඩිය දාලා තියෙන්නේ. ඒකනේ කටු කන බල්ලන් දාලා හැමතැනම ප්‍රශ්න කියලා බොරුවට මවාපාන්න හදන්නේ...
fairoos Tuesday, 29 April 2025 07:22 PM
පොඩි තැනකින් මෙච්චර හොරකළා නම් අනිත් අය ගැන කවර කතාද?
Nimal Tuesday, 29 April 2025 07:43 PM
ඔය කාන්තාවගේ පවුලේ පසුබිම සෙව්වොත් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නේ මොකක්ද තේරේවි...!
ගමේ එකාලා Tuesday, 29 April 2025 08:33 PM
හිටපු දූෂිත පවුල් පාලනේ අය, දූෂිත දේශපාලුවෝ බුරුතු පිටින් හොරාකන කොට අනික් අය නිකම් ඉඳීවිද? රට බන්කොළොත් කරපු විදිය ගැන කවර කතාද?