( ශාන්ත කුලරත්න සහ කේ බුද්ධික කුමාරසිරි)
පනාගොඩ යුධ හමුදා කඳවුරට ආසන්න පිටිපන මුර කුටියේ රාජකාරියෙහි නිරතව සිටි සෙබලකු අත තිබූ ටී -56 ගිනි අවියක් උණ්ඩ 30 බැගින් පිරවූ මැගසින් හතරක් යුධ හමුදා මේජර්වරයකුට සමාන ඇදුමකින් සැරසී පැමිණි පුද්ගලයකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.
මත්තේගොඩ ඉංජිනේරු බළකා කදවුරේ සිට රාජකාරි කටයුතු සදහා කැදවා තිබූ සෙබළකු ශ්‍රි ලංකා යුධ හමුදා බටහිර මූලස්ථානයේ පිටිපන මුර කුටියෙහි රාජකාරි කරමින් සිටින අතරතුර එහි පැමිණි යුද හමුදා මේජර් වරයකුට සමාන ඇදුමකින් සැරසී සිටි අයකු සැරයන් වරයකු පිළිබදව අදාල සෙබලාගෙන් විමසා ඇත.
පසුව අදාල සැරයන්වරයාට එම ස්ථානයේ සිටම දුරකතන ඇමතුමක් ද ලබා දී ඇති එම සැකකරු එහි රාජකාරි කටයුතු කරමින් අදාල සෙබලාට රැපියල් දෙසීයක් ලබාදී බුලත් විටක් සහ දුම්වැටියක් රැගෙන එන ලෙස පවසා ඇති බවත් ගිනි අවිය සහ මැගසින් එම ස්ථානයේ තබා යන ලෙස නියෝග කර ඇති බවද සෙබලා විසින් ලබා දුන් කටඋත්තයෙහි සදහන් වන බවද එම පැමිණිල්ලෙහි සදහන් වේ.
මේ සම්බන්ධයෙන් යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත් හෝමාගම පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කල බවත් හෝමාගම පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෙබළකුගේ ගිනි අවියක් සොරගෙන යයි