(යොහාන් භාසුර)
ආණ්ඩුවේ වගකීම හොඳ අධ්‍යාපනයක් හරහා මේ සමාජයට ගුණගරුක, ආචාරශීලී හොද නායකත්වයක් බිහි කිරීම බවත් මෙරට සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
යාපන හින්දුු විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගෙි වෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ ප්‍රකාශ කළාය. ටියුෂන් පන්ති වර්ධනය වී ඇතැයි විදුහල්පතිතුමා සදඟන් කළ බවත් අධ්‍යාපන ක්‍රමය අසාර්ථක වීම නිසා ටියුෂන් කර්මාන්තය ප්‍රවර්ධනය වී ඇති බවත් ඇය කීවාය.
ටියුෂන් පන්ති අඩුකරන්න නම් අපේ දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් පාසල තුළින් දිය යුතු බව කී අග්‍රාමාත්‍යවරිය යාපනයේ හින්දු විද්‍යාලයට විතරක් නෙවෙයි ලංකාවේ හැම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් දීම ආණ්ඩුව අරමුණ බව ද සඳහන් කළාය.
යාපනයේ හින්දු විද්‍යාලයේ ශිෂ්‍යයන් සහ ගුරුවරු සමග සුහද පිළිසඳරක නිරත වූ අග්‍රාමාත්‍යවරිය පාසලේ හින්දු සංස්කෘතික අතීතය නිරූපණය වන කෞතුකාගාරය නිරීක්ෂණයට ද එක් වුවාය. මෙහිදී එම පාසලේ ජයග්‍රහණ හා පාසලේ කටයුතු පිළිබඳ වාර්තාවක් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරම්, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරු, යාපනයේ හින්දු විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, එම විදුහලේ සිසුහු සහභාගි වූහ.
පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් අරමුණයි ‘
මැක්ස් Sunday, 16 February 2025 11:16 AM
ළමුන්ට ඇති සෙනේ - යූඑස්ඒඩ් වලින් පෙනේ!
ජොලි ආව්වි Sunday, 16 February 2025 11:21 AM
කතායි, නාට්‍ය විතරයි, ඇක්ෂන් නෑ.
රරම්බොඩ Sunday, 16 February 2025 12:08 PM
ඔය කතා දැන් කීප දෙනෙකුගෙන්ම ඇහුවානේ. අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් තමයි අත්‍යාවශ්‍ය...