(නිමන්ති රණසිංහ)
සංචරණ සීමා පනවා තිබියදී අද දින විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොළඹ නගරයට අද උදෑසන 6.30 - 9.30 දක්වා වු කාලයේ සිට ඇතුළු වූ වාහන සම්බන්ධයෙන් සංගනනයක් කළ බවත්, මහරගම, ගල්කිස්ස, වත්තල, කැලණිය හා පෑලියගොඩ නගර ආශ‍්‍රිතව එම සංගනයනය සිදුකළ බවත් ඔහු සඳහන් කරයි.
ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පුද්ගලයන් සඳහා ආයතන ප‍්‍රධානීන් විසින් නිකුත් කර ඇති ලිපි කිසිදු විධිමත්භාවයක් නොමැති බවට එම සංගනනයේ දී අනාවරණය වී ඇතැයි ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
අදාළ ලිපිවල ඉලෙක්ට්‍රොනික පිටපත් හි ඡායාරූප 1000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයා අද දිනයේ දී රාජකාරී කරන්නේ ද යන්න සොයාබැලීමට කටයුතු කරන බව ද ඔහු සදහන් කළේය.
(ඡායාරූප ශාන්ත රත්නායක)
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සීමා මායිම් නැති සංචරණ සීමා
මෝ Monday, 31 May 2021 08:26 AM
මේ සංචරණ සීමා ක්‍රමවේදය කිසිදා සාර්ථක වන්නේ නැත. මිනිසුන් මහපාරේ වෙනදා මෙන්.... මේක විහිළුවක්... රටම ඇරදමා මැරෙන්න ඕනෑ ඔවුන්ට මැරෙන්න ඉඩ දෙන්න...
Kapila Monday, 31 May 2021 08:39 AM
සංචරණ සීමා අවශ්‍ය රජයේ මාස්පඩි ලබන්නන්ට. අනෙක් ජනතාව ජීවන අරගලයේ... මෙම සංචරණ සීමා වහා ඉවත්කළ යුතුයි..
dalugama Monday, 31 May 2021 09:26 AM
හැම පොලිස් මුරපොළකම ටාටා බස්එකක් නවත්තලා තියලා සංචාරක සීමා උල්ලංඝනය කරන අය ඒකට නංවන්න ඕනෑ. ඒ අය ආපු වාහන පාර දෙපැත්තේ පවත්වලා තියන්න ඕනෑ.. අනෙක් අයට බලාගන්න. බස්රථයේ සිටින අයට ඇන්ටිජන් ටෙස්ට් එක කරලා ප.ව. 5ට ගෙදර හෝ රෝහලට යවන්න ඕනෑ. එහෙම නැතුව හුරතල් කරකර ඉඳලා හරියන්නේ නෑ...
සිසිල් නිහන්ත Monday, 31 May 2021 09:56 AM
සංචරණ සීමා - කැතයි ලැජ්ජයි... හොදේ
Sri Lanka Monday, 31 May 2021 11:46 AM
මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. රට වහන්න කියපු අය හොයලා බැලුවද එක පවුලට දවසකට යන වියදම ගැන? කිසි දෙයක් නැහැ.