IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සාමකාමී මැතිවරණයක් අපේක්ෂා කරනවා - විදෙස් නිරීක්ෂකයෝ කියති

රටවල් බොහොමයක ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වී ඇති අවදියක, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් බවත්, එලැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී, සාධාරණය සහ සාමකාමී අයුරින් පැවැත්වෙනු දැකීම තම අරමුණ බවත්, ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානී නාචෝ සැන්චේස් අමෝර් මහතා පැවැසීය.

“මැතිවරණයකදී විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමයි. විනිවිදභාවයකින්, ඡන්ද දායකයන්ට පමණක් නොව, අපේක්ෂකයන්ටත් විශ්වාසය තැබිය හැකි මැතිවරණයක් පැවැත්වීම වැදගත්” යැයි නාචෝ සැන්චේස් අමෝර් මහතා පැහැදිලි කළේය.

 ස්පාඤ්ඥය නියෝජනය කරමින්, යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සැන්චේස් අමෝර් මහතා මේ බව පැවැසුවේ, අද (29) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. මාධ්‍යවේදීන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු බොහෝ දෙනෙක් එම අවස්ථාවට සහභාගී වූහ.

නාචෝ සැන්චේස් අමෝර් මහතා ප්‍රමුඛ යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායමට ප්‍රධාන නිරීක්ෂකයන් 10 දෙනකු සහ තවත් නිරික්ෂකයන් 26 දෙනකු ඇතුළත් වෙයි. 

ඊට අමතරව, ඉදිරියේ දී තවත් නිරීක්ෂකයන් කණ්ඩායමක් ද මෙරටට පැමිණීමට නියමිතය. ඒ අනුව, සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණයට දායක වන සමස්ත නිරීක්ෂකයන් ගණන 80 කි.

මොවුන් රට පුරා දිස්ත්‍රික්ක නවයේ සංචාරය කරමින්, ඡන්ද ප්‍රකාශ කිරීමේ වැඩ කටයුතු, ඡන්දය ප්‍රකාශ කිරීම්, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම නිරීක්ෂණය කරනු ඇත.
යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණ සිටින්නේ, මැතිවරණ කොමිසම කළ විශේෂ ඇරැයුමකට අනුවය.

“පැහැදිලිව කියන්න ඕනෑ ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ මිතුරෙක්. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ මිතුරෙක්. අනෙක් රටවල් හා සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. අප මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ශක්තිමත් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් දැකීමේ අරමුණින්. ශ්‍රී ලංකාවේ, ස්වෛරීත්වට බාධා කිරීමක් අපෙන් සිද්ධ වෙන්නේ නැහැ” යැයි නාචෝ සැන්චේස් අමෝර් මහතා මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මැතිවරණයෙන් දින කීපයකින් පසු, නිරීක්ෂණ කණ්ඩායම, මාධ්‍ය හමුවක් පවත්වා මූලික ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවත් පසුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් මැතිවරණ කොමිසම ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සමඟ බෙදා ගැනීමට නියමිත බව ද පැවැසෙයි.

ලුසිත ජයමාන්න
ඡායාරූපය - ලහිරු හර්ෂණ

 



අදහස් (1)

සාමකාමී මැතිවරණයක් අපේක්ෂා කරනවා - විදෙස් නිරීක්ෂකයෝ කියති

Chandana Fernando Friday, 30 August 2024 08:11 PM

නියමයි... මගේ ආචාරය ඔක්කෝටම...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1330 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1699 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5565 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1466 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5861 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5431 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17716 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site