IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්

(දමිත් වික්‍රමසේකර)


රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේපළ අත්පත් කර ගැනීමට සිදුවන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමාගම් 1000 ආසන්න ප්‍රමාණයකට දැනුම් දී තිබෙන බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.

පසුගිය වසර අවසන් වනවිට එම සමාගම් ගෙවීමට තිබූ හිඟ බදු මුදල් සම්බන්ධයෙන් මෙම දැනුම් දීම සිදුකළ බවත් ඒ සඳහා කාලය දීර්ඝ කිරීමක් ලබා නොදෙන බවත් කොමසාරිස් ජනරාල්වරිය පැවැසුවාය.

මෙම දැනුම් දීම සම්බන්ධයෙන් දැනටමත් ඇතැම් සමාගම් ප්‍රතිචාර දක්වා තිබෙන බවත් දේපළ අත්පත් කර ගනිමින් හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා එම සමාගම් කැමැත්ත ලබාදී තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.ඒ අනුව එම සමාගම් ගෙවීමට ඇති හිඟ බදු මුදල් සාර්ථකව අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවන බව චන්ද්‍රසේකර මහත්මිය පැවැසුවාය.


බදු ගෙවීම පැහැර හැරි සමාගම් ගෙවීමට ඇති හිඟ බදු මුදල් අයකර ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මේ වනවිට එම සාමාගම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බවද කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළාය.

මුදල් අමාත්‍යංශයේ උපදෙස් මත දේශීය අදායම් පනතෙන් ලබා දී තිබෙන උපරිම බලය යටතේ හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව කොමසාරිස් වරිය පැවැසුවාය.

හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා යටතේ 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙන බවද  චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළාය.

බදු පැහැරහැරි සමාගම් අතර ලාභ ලබන සමාගම්ද සිටින බව දේශීය ආදායම් සේවා සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පැවැසුවේය.





 



අදහස් (1)

සමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්

මුදළිගේ Sunday, 10 March 2024 01:46 PM

දේපළ පවරාගෙන හිඟ බදු මුදල් අයකර ගැනීමට සමාගම් කැමැත්ත පලකලා කියන්නේ ගෙවන්න හැකියාව නැහැ කියලා නේද? එහෙම කළොත් ඉතින් ඒ ආයතන වැසීයාමට ඉඩක් නැද්ද ආයතනයේ වැටුප් ලැබූ පිරිස් රැකියා අහිමිවෙලා අනාථයින් නොවේද සොයා බලන්න ඕනෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 747 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 273 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1453 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2670 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 216 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1537 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site