IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


සමෘද්ධියේ - පොලිසියේ ලොක්කෝ කෝපා ඉදිරියට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විවිධ අක්‍රමිකතා සහ කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ  ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානීන්  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) හමුවට ලබන සතියේ  කැඳවීමට තීරණය කර ඇත.

මේ අනුව  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලබන 25 වැනිදා අඟහරුවාදා දිනයේද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් ලබන 26 වැනිදා බදාදා දිනයේද  කෝපා කමිටුව හමුවට කැඳවෙනු ඇත.

එම ආයතනවල  පසුගිය වසරවලට අදාළ  විගණකාධිපතිවරයාගේ වාර්තා සහ වත්මන් කාර්ය සාධනය ඇතුළු කරුණු පදනම් කරගෙන මෙම විමර්ශනය පවත්වන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.



අදහස් (1)

සමෘද්ධියේ - පොලිසියේ ලොක්කෝ කෝපා ඉදිරියට

පුරවැසියෙක්..... Tuesday, 18 April 2023 04:26 PM

විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම කමිටු හමුවට කැඳවා කරුණු විමසීමේ තේරුමක් නැත. අක්‍රමිකතාවලට වගකිවයුතු නිලධාරීන්ට තරාතිරම නොබලා අධිකරණමය ක්‍රියාමාර්ග ගනිමින් දඩුවම් ලබාදීම මෙන්ම රජයට සිදුකළ පාඩුව පෞද්ගලික ධනයෙන් හෝ දේපලවලින් අයකර ගැනීමේ ක්‍රමයක් ඇති කළ යුතුය. වැරදි කළ අයට දඩුවම් නොමැතිව කෝප් / කෝපා කමිටු රැස්වී තේ පානයට වැය කරන මුදල් වැය කිරීම පවා රජයට පාඩුවකි. බලධාරීන් මේ ගැන සිතිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 97 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 435 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 519 0

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 2050 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 2829 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
2025 අප්‍රේල් මස 08 1270 0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 736 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 598 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1045 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site