IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


සමිඳුණි අවසරයි යන්නට ගමට මට

මහනුවර ඓතිහාසික ඇසළ  පෙරහරේ සදාතුක කරඬුව වැඩම කරවීමේ කාර්ය අවසන් වීමෙන් පසු නැඳුන්ගමුවේ රාජා හස්තිය මහනුවරින් පිටත් වීමට පෙර දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.

මහනුවර අපෙ පෙරවරුවේ ගමන් ආරම්භ කළ රාජා සිය ගම් ප්‍රදේශයට ළඟා වන්නට දින 10ක පමණ කාලයක් ගත වන බව රාජා බලාගන්නා කළු මාමා පවසයි.

(ජේ.ඒ.එල්.ජයසිංහ)



අදහස් (16)

සමිඳුණි අවසරයි යන්නට ගමට මට

SUNIL MILANO Wednesday, 01 September 2021 07:42 PM

මේ පින්වන්ත හස්තිරාජයාට ලබන වසරේදීත් දළදා කරඬුව වැඩම කරවීමට වාසනාව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා... කියා ඉත සිතින් පතමි.. බුදු සරණයි..!!!

:       2       73

පිටිගල මිලානෝ Wednesday, 01 September 2021 08:37 PM

යදම් වලින් බැඳ යකඩ උලකින් අනිමින් හසුරුවන සතකුගේ පිටින් ලොව පහළ වූ මුලු විශ්ව ධාතුවේම සියලු සත්ත්වයින්ට මහා කරුණාවක් දැක්වූ මුනිවරයාණන්ගේ දන්ත ධාතුන් වැඩමවීම උන්වහන්සේට කරන ගෞරවයක්ද?

:       27       28

lakvidu Wednesday, 01 September 2021 10:01 PM

තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයට ගරහන්න එපා!

:       4       19

reksWednesday, 01 September 2021 10:03 PM

ලබන අවුරැද්දට ඔයාගෙ බෙන්ස් එක එවන්න

:       3       16

PereraThursday, 02 September 2021 06:35 AM

ඒ වැඩේට කාගෙවත් බෙන්ස් ඕනේ නැහැ. මහනායක හාමුදුරුවන්ගේ අලියෙක් වගේ තියන රේන්ජ් රෝවර් එක ගන්න පුළුවන්නේ

:       1       5

ලකවිදුWednesday, 01 September 2021 10:15 PM

චූල හත්ථි පදෝපම සූත්‍රයේ බුදුන් වහන්සේ ඇතුන් එසේ හීලෑකිරීම උපමාවටද ගත්තා, ඒවාට ගැරහුවේ නැහැ. සමහර සූත්‍රවල අශ්වයන් හීලෑකිරීම උපමාවට ගත්තා. සමහර තැන්වල “දක්ෂ අසුන් මෙල්ල නරන්නෙක්” වැනි වදන් ද පැවසුවා. කරුණාකර සංස්කෘතික හා සාමාජයීය කරුණු ආගමික සංකල්සප සමග පටලවාගන්න එපා.

:       3       20

බමුණු.Thursday, 02 September 2021 07:48 AM

ඉහත අය කිව්වා වගේ ප්‍රථමයෙන්ම අපගේ සංස්කෘතික ලක්ෂණ වලට අගෞරව නොකරන්න. කාලයක සිටම දන්නා තරමින්, මේ හස්ති රාජයාට හෙන්ඩුවෙන් අනින්නේ නැහැ. මේ සද්ධන්තයාට තියෙන සැප හා මහජන ගෞරවය ඒ සතාට හොඳින් වැටහෙනවා. එදා දළදා වහන්සේ වැඩම කරවන අතර පාවඩය හැකිළී තිබියදී,එය තම හොඩෙන්ම හදාගත්තා.ඒ වගේ ගෞරවයක් තමයි මේ සතා දළදා වහන්සේට දක්වන්නේ.එදා කන්ථක වගේ පින් කරගෙන එන කෙනෙකු වෙන්නට පුළුවන් නේද මේ සතා. මට මෙවන් සතෙකු වී දළදා වහන්සේ වඩම්මවන්නට හැකි නම්, කෙතරම් අගනේදැයි සිතෙනවා. බලන්න මේ සතා සසර සිදුකොට ඇති පින. ඔබතුමා කී එක් දෙයක් ගැන මගේ අවධානය යොමු උනා. එය මතක් කරාට ස්තූතියි.වෙනත් අලි ඇතුන් දම්වැල් වලින් බැඳ, හෙන්ඩුවෙන් අනිමින්,වධ හිංසාවන්ට ලක් කරන ඇත්ගොව්වන් නීතියේ රැහැනට කොටුකල යුතුයි. අප ආගමික කටයුතු වලදී පරිස්සමින් අදහස් දැක්වීය යුතුයි.

:       1       5

පිටිගල මිලානෝ Thursday, 02 September 2021 11:44 AM

අලියෙක් වීම කෙසේවෙතත්, පන්දමක්වත් කරකවන්න බලන්න...

:       0       1

බමුණු.Thursday, 02 September 2021 01:19 PM

කෙතරම් කරුණු කාරණා පෙන්වා දුන්නද,ඔබ එයට හිස නොනමන කෙනෙකු සේ පෙනේ.සාමාන්‍යයෙන්,ටිකක් දන්නා මිනිසුන් එහෙමයි. තමන්ම විතරයි දන්නේ කියන මතයේ තමයි ඉන්නේ. පිටරටකට ගියාම තමන්ගේ රට, ඒ රටේ අයව පේන්නේ, ඒ දෙස බලන්නේ අඩු තක්සේරුවකින්. ඒක ඉතින් තමන්ගේම මෝඩකම. ඒකනේ අනිත් අයට පන්දම් කරකවන්න කියන්නේ. තමන්ගේ දැනීම් මට්ටමෙන් අනිත් අය දිහා බලන්න එපා. මායාවෙන් මිදී ලෝකය දෙස බලන්න.මිලානෝ ගියත්,රැකියාවකට. අදහස් වලින් පිටිගල බව පේනවා.

:       0       1

damith Wednesday, 01 September 2021 08:41 PM

ආයෙත් දකිනතුරු සුබගමන් ..!!!

:       1       35

sampath Wednesday, 01 September 2021 10:53 PM

මේ ඇතානම් පුදුම සත්වයෙක් යෝධ බල යෝධ වීර්ය ලැබේවා.!

:       0       25

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 01 September 2021 11:17 PM

" සමිඳුනි,අවසරයි යන්නට ගමට මට ... හිමි දළදා වඩා හිඳුවා කරමතට ... බැතියෙන් පිරුණු හදවත ගැන සිතෙන විට ... සමිඳු වැඳන් පින් ලැබ යමි නිවන්ගෙට ... "

:       0       19

lal Thursday, 02 September 2021 04:22 AM

අහිංසක සත්තු පයින් ඇවිද්දවනවා. දම්වැල් දාලා ගැට ගහනවා. බැමි කැපිමේ මංගල්‍ය පවත්වනවා. සත්ව හිංසාව උපරිමයෙන්. බුදුහාදරුවෝ මේවා කරන්න එපය ිකියලයි දේහනා කරලා තියෙන්නේ. මොන විකාරද මේ. ලස්සන ගාම්භිර ඇතෙක්. ඌට නිදසසේ ඉන්න දේනනෙ නැහැ.

:       22       13

ranjithThursday, 02 September 2021 11:09 AM

ඊයේ දවසේ අම්මා දුන්න බත් පතේ මස් මාළු තිබුනෙම නැද්ද

:       0       3

රාජුන් Thursday, 02 September 2021 05:19 AM

වෙලාවට මේ ඇතාට කතා කරන්න බැරි. නැත්නම් අහගන්න පුළුවන්

:       1       4

සමන්ත Thursday, 02 September 2021 01:41 PM

පෙරහැර යන මේ ඇතා ගැන කතා කරන අය හක්ක පටස් නිසා දුක් විඳලා පණ අදින අලි ගැන කතාවක් නෑ. මේ සතා කැැලේ හිටියා නම් අද ජීවතුන් අතරත් නෑ. මොකද ඇත් දළ දෙක ගන්න මරලා දාලා. තවත් දෙයක් කියන්න කැමැතියි, මතකද රතුපස්වල සිද්ධිය එම සිද්ධියේදී එම ප්‍රදේශයේ වතුර බීමට හෝ නෑමට පවා නුසුදුසු යැයි මිනිසුන් දැනගත්තේ මහනුවර සිට වතුර බවුසර් ගණන් නැදුන්ගමුවට ආව නිසා. සත්වයෙක්ට එච්චර සැලකීමම සත්ව හිංසාවක්ද? මේ ඇතාට ලැබෙන සැප බලන්න.. නැදුන්ගමුවටම ඇවිත් බලන්න. තවද පයින් යායුතු සතෙකු වාහනයක ගෙන යාමම සත්ව හිංසාවක්... එයද මෙම සතා වෙනුවෙන් නොකරයි. ඔහු පාගමනින්ම තම ගමනාන්තයට යයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග
2024 නොවැම්බර් මස 08 43 0

මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල


අකුරණ ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 08 264 0

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.


මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 159 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 102 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 698 0

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 515 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 85 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 462 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1437 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site