(සුජිත් හේවාජුලිගේ )
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතා ඔහු මිය යෑමට පෙර පාවිච්චි කළ විපක්ෂ නායක රජයේ බංගලාව ලබන මස 17 වැනිදා රජයට බාරදෙන බව සම්පන්දන් මහතාගේ දියණිය අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට ලිපියකින් දැනුම්දී ඇත.
සම්පන්දන් මහතා 2015 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු ඔහුට මෙම නිල නිවස හිමිවිය.
2018 වර්ෂයේදී විපක්ෂ නායක ධුරය අහිමිවීමෙන් පසුවද සම්පන්දන් මහතාට මෙම නිල නිවසේ දිගටම ජීවත්වීමට අවස්ථාව ලැබිණ. ඒ යහපාලන ආණ්ඩු සමයේදී එවකට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙනි.
සම්පන්දන් මහතා මියගිය පසුගිය ජුලි මස 1 වැනිදාය. මියගොස් මාස තුනකට කාලයක් ගතවී ඇතත් තවමත් එම නිල නිවස පවතින්නේ ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් බාරයේය.
මේ අතර මෙම නිල නිවස සම්පන්දන් මහතාට දිගටම පාවිච්චි කිරීමට අවසර ලැබුණු කැබිනට් පත්‍රිකාව වෙනස් කිරීමටද රජය කටයුතු කරමින් සිටී
මෙම නිල නිවසේ ජල බිල්පත් විදුලි බිල් පත් දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බවත් නිවසේ නඩත්තු කටයුතු කරන සේවකයන්ට වැටුප් ලබා දෙන්නේද රජයෙන් බවත් දැනගන්නට ඇත.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සම්පන්දන්ගේ බංගලාව 17 රජයට
SK Friday, 25 October 2024 08:54 PM
වයසක මනුස්සයෙකුට යමක් දීම උතුම් දෙයක්. ඒත් තමාගේ සේවාකාලේ අවසන් වුණාම ඒක බාර දීම දේව කටයුත්තක්. ඊට වඩා, මේ අපේ දියවන්නා ගිය පිරිස, ඒ ඒ ඒවාට අත උස්ස උස්ස හිටියා මිසක්, රටේ දියුණුවට අතක් උස්සපු බවක් නම් පේන්නේම නෑ, බලය අතට අරන් තම තමන්ටම බෙදාගත්තු විදිය පේන්න ගත්තාම දැන් දැන්....