IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සම්බන්ධන්ලාගෙන් ජනපතිට රතු එළියක්

(ලක්ෂ්මී ජයකොඩි)

ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය , ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේ ප‍්‍රකාශ කර තිබේ.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුව හා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවේදි මේ බව අවධාරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මන්තී‍්‍රවරයා පැවසුවේය.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබද විසදුම් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත් එම පොරොන්දු එයාකාරයෙන් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ගෝලීය ස්වයං තීරණ අයිතිය යටතේ මෙරට ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් විසදුමක් ලබාගැනීමේ ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීමට සිදුවනු ඇති බවත් මෙහිදි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එම් . ඒ සුමන්තිරන් යන මහත්වරු ජනාධිපතිවරයා වෙත අවධාරණය කර සිටිය බවද සානක්‍යන් මන්තී‍්‍රවරයා පැවසුවේය.

රෝගාතුව සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු පොසොන් පෝය දින නිමිත්තෙන් හෝ නිදහස් කරනු ඇතැයි සිය පක්ෂය අපෙක්ෂා කළද ඔහුව නිදහස් නොකළ බව කී සානක්‍යන් මන්තී‍්‍රවරයා සිය සන්ධානය වසරක කාලයක් වත්මන් ජනාධිපතිවරයා හා සාකච්ඡා පවත්වමින් සිටින බවද එහෙත් සිය සන්ධානය ඉල්ලා සිටි මුලික ඉල්ලීම්වලටවත් මෙතෙක් විසදුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බවද පැවසුවේය.

 



අදහස් (19)

සම්බන්ධන්ලාගෙන් ජනපතිට රතු එළියක්

Bamunuarachchi Sunday, 11 June 2023 01:37 PM

ජනවාර්ගික ප්‍රශ්නය රටේ ආර්ථික ප්‍රශ්නයක් නොවෙයි. ජනාධිපති රනිල්ට ජනවාර්ගික තීන්දු ගැනීමේ බලයක් අපි දීලා නැහැ. ඔබලා සාකච්ඡා වලට සහභාගි වුණා කියලා රටට වෙච්චි සේවයක් නැහැ. සාකච්ඡාවලට ඉන්න බැරිනම් යන්න.

:       12       60

fairoosSunday, 11 June 2023 07:33 PM

මෙන්න මෙයා තමයි බලය දීලා තියෙන්නේ... නන්දසේනට බලය දීලා කෙළවුණා මදි වගේ... මේ බයි සෙට් එක තමයි රට විනාශ කළේ...

:       3       8

Bamunuarachchi Monday, 12 June 2023 04:56 PM

මේ රටට කෙලවන දෙමළුන්ට පන්දම් අල්ලන්න අනිත් සෙට් එක. ගම්බිරිස් හොයා ගත්තා නම් අන්න බෝට්ටුව... යන්න අපිට පව්නොදී. සෞදි අරාබිය මොවුන්ව අනාථයෝ හැටියටවත් භාර ගන්නේ නැහැ.

:       0       1

amarathunga Sunday, 11 June 2023 01:48 PM

ලංකාවේ ඔය කියන ආකාරයට ජනවාර්ගික ගැටළුවක් නැත. එය හුදෙක්ම අවස්ථාවාදී, බලලෝභී කපටි දේශපාලුවන්ගේ මවාපෑමක් පමණි. තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් මාරුවෙන් මාරුවට කාලයෙන් කාලයට ඔවුන් එය අඩුවැඩි වශයෙන් යොදා ගනී. එහෙත් මිනිස්සුන්ට භෞතික සම්පත් බෙදී යාමේ සහ අදහස් හුවමාරු කරගැනීමේ විෂමතාවයන් සහ අඩුපාඩු පවතිනවා.. ඒවාට පැලැස්තර නොවන සාධාරණ විසඳුමක් ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි.

:       1       71

MahenSunday, 11 June 2023 04:30 PM

ඔබ කවුරු වුණත් හරිම දේ කියා තියෙනවා. ස්තූතියි...!

:       4       19

කිරිපුතා Sunday, 11 June 2023 02:34 PM

කොළඹ පදිංචි වෙලා, හොඳ සැප විඳින ගමන් මේ ⁣මිනිසුන් කියන ජනවාර්ගික ප්‍රශ්නය මොකද්ද? සාමාන්‍ය දෙමළ ජනයා සිංහල මිනිසුන් සමඟ කිසිම ගැටළුවක් නැතිව ඉන්න එක තමයි මොවුන්ට තියෙන ජනවාර්ගික ගැටළුව. මොකද මිනිසුන් රවටලා පාර්ලිමේන්තු එන්න තියෙන අවස්ථාව නැතිවෙනවා...

:       0       32

Nandalal DE SILVA - FRANCE Sunday, 11 June 2023 02:53 PM

ජනවාර්ගික ප්‍රශ්න යනු මොනවාද කියන්න මේ නායකයින්ට බැරිද? කොටි ත්‍රස්තවාදීන්ට ඕනෑ වුණු, රට දෙකට බෙදීමේ ඉතුරු කොටස කරන්නද මේ අය වලිකන්නේ..? එයට රටේ ජනතාව කිසිවිටෙකත් ඉඩ නොදෙනු ඇත...!!!

:       0       7

රංජිත් Sunday, 11 June 2023 03:15 PM

සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා හොඳින් ජීවත් වෙනවා. අපි නොදන්න අපිට නැති ජනවාර්ගික ප්‍රශ්නය මොකද්ද?

:       0       13

THUSITHA WIJATHUNGA Sunday, 11 June 2023 04:05 PM

රාසමානික්කම් කියන්නේ, ඉස්සර හොඳ කෙනෙක්, දැන්නම් පෙනෙන විදිහට තනිකරම අන්තවාදී අදහස් පිරුණු,NGO කාරයෙක් වගේ... නැති ප්‍රශ්න ඇති කරලා, මේ ගොල්ලන්ගේ පැවැත්ම තියාගන්න කරන කියන දේවල් මේවා... අහිංසක දෙමළ ජනතාව වෙනුවෙන් මොනවද මෙයාලා කෙරුවේ කියලා හොයලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන්, මේ ගොල්ලෝ හදන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. වැඩිය නැටුවොත්, කරන්න දේවල්, අපිටත් තියනවා කියලා අමතක වෙලා වගේ...

:       4       17

Prabha Sunday, 11 June 2023 04:09 PM

ජනවාර්ගික ප්‍රශ්නෙ කියන්නේ හිඟන්නගේ තුවාලෙ වගේ එකක්... තුවාලේ හොඳ වුණොත් හිඟන්නා කාලා හමාරය...

:       0       27

HELAYA Sunday, 11 June 2023 04:12 PM

උතුරේ අහිංසක ජනතාව රවටලා, ජාතිවාදය වපුරලා, කොළඹ 07 සැප විඳිනවා. අමෘත ලිංගම් කියන අය කළේත් ඔය වැඩේ... ප්‍රභාකරන් ශොට්එක දුන්නා. ප්‍රභාකරන් හිටියා නම් මොවුන්ටත් ඒක වෙයි..

:       1       21

විජේ Sunday, 11 June 2023 04:29 PM

ලංකාවේ එහෙම ජනවාර්ගික අර්බුදයක් නැහැනේ..., කිසියම් අවස්ථාවක කාලකන්නි දේශපාලකයින්ගේ වුවමනාවට රඟදක්වපු නාටක ඇරුණාම. ඒක නිසා ඔයාලා බොරුවට රඟන්නැතුව ඉන්න රාසා. ඒත් ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරන්න කාලය හරි, සිංහල සහ දෙමළ භාෂාත් ආරක්ෂා කරගෙන. කොච්චර නම් බුලට් පොරවල් ලංකාවේ ඉන්නවාද ඉංග්‍රීසි නිසා එක තැන පල්වෙන...

:       0       22

දාස Sunday, 11 June 2023 04:30 PM

රනිල් ඔය ප්‍රශ්නේ මතුකරලා ලොකු විවාදයක් මේ මෑතක ඇතිකළ 14 සංශෝධනය ගැන. ඔය තක්කඩියා නැවත ඡන්දයක් ලංකරලා දෙමළ ඡන්දවලට තට්ටු කරන්න ඔය ප්‍රශ්නය ගේන එක විශ්වාසයි. දෙමළ ජනතාව ඔය වගේ දේවල්වලට රැවටෙන එකක් නැහැ කියලා විශ්වාස කරනවා.

:       3       17

namal Sunday, 11 June 2023 04:31 PM

අරගලයට ජය, කෝච්චිවලින් අපි Gall face එනවා ළමයාත් අරන්, රනිල් රාජපක්ෂලා පන්නමු...!

:       7       12

THUSITHA WIJATHUNGASunday, 11 June 2023 04:55 PM

අරගලය කියන කසාදේ හින්දා හම්බ වුණු හනිමූන් බේබි තමයි රනිල්...

:       3       10

Ravi Sunday, 11 June 2023 04:39 PM

"සම්බන්ධන්ලාගෙන් ජනපතිට රතු එළියක්" ගොඩක් රතුයිද දන්නෑ...

:       1       17

Kazi Shajahan Sunday, 11 June 2023 05:06 PM

රනිල්ගෙන් ඕවා ඉල්ලන එක සාධාරණයිනේ.., මොකද රනිල්ට ජනතාවගේ බලයක් නැහැනේ... 134 දෙනාගේ කැමැත්තක් විතරයි තියෙන්නේ. මේවගේ දේවල් කරන්න ජනතාවගෙන් කැමැත්ත ගන්න වෙයි...

:       1       7

disnayaka Sunday, 11 June 2023 06:24 PM

දැන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් නැත. ඔය වගේ ආත්මාර්ථකාමී බෙදුම් කාරයෝ තමයි මිනිස්සු අතරේ මේ වගේ ප්‍රශ්න ඇති කරන්නේ. දැන් සියලුම මිනිසුන්ට ශ්‍රී ලාංකිකයින් ලෙස එකට වැඩ කරන්න පුළුවන්. දැන් අපේ ජනාධිපතිවරු පුංචි හුස්මක් අරගෙන රට හොඳ මුහුණුවරකට ගෙන ගියා. එබැවින්, ඔබට දැන් නිදහසේ සිටිය නොහැකි අතර එය විනාශ කිරීමට අවශ්‍ය වේ. මෝඩයෙක් වගේ හිතන එක නවත්තන්න...

:       0       14

සල්ලි Monday, 12 June 2023 08:08 AM

ඔය දේශපාලන පරයින්ට තියන ප්‍රශ්න සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ට නෑ. ඒ් අය තමයි ප්‍රශ්න අවුස්සන්නේ..., ඊට පස්සේ අපේ සල්ලි වලින් සැපේ ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 81 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1013 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2242 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 304 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 163 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26672 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1862 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site