සාමය ගොඩනැගීමේදී තරුණ සහභාගීත්වය ඉතා වැදගත් යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ නියෝජිතවරිය වන ජයත්මා වික්‍රමනායක මෙනෙවිය අද (14) ප්‍රකාශ කළාය.
දේශපාලනයේදී මෙන්ම අනෙකුත් අංශවලදී ද තරුණ සහභාගීත්වය අත්‍යවශ්‍ය සහ වැදගත් කරුණක් බව පෙන්වාදුන් ඇය තරුණ තරුණියන්ට අවස්ථා උදා කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නාය.
“තරුණ ස්ථානීයකරණය 2030 එක්සත් ජාතීන්ගේ යෞවන උපායමාර්ගය” යන මාතෘකාව යටතේ කොළඹදී පැවැති සංවාදයකට එක්වෙමින් ඇය එම කරුණු සඳහන් කළාය.
‘ආදිල් බාකීර් මාකර්’ පදනම මෙම සංවාදය සංවිධානය කර තිබිණි.
එක්සත් ජාතීන්ගේ යෞවන උපායමාර්ගය “තරුණ ස්ථානීයකරණය 2030 එක්සත් ජාතීන්ගේ යෞවන උපායමාර්ගය” නම් කර ඇත. ගෝලීයව සකසන එම උපායමාර්ගය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල, විවිධ සමාජ, ආර්ථික හා සංස්කෘතික ප්‍රජාවලට ගැලපෙන අයුරින් සකස් කිරීම තරුණ ස්ථානීයකරණය යනුවෙන් නම් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිතයා වන ජයත්මා වික්‍රමනායක මෙනෙවිය මෙහිදි ලෝ පුරා තරුණ ප්‍රජාව මුහුණ දෙන කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය අධ්‍යාපනයට වෙන් කරන මුදල වර්තමානයේදී වෙන් කරන මුදලට වඩා වැඩි කළ යුතු බව පෙන්වාදුන් අතර විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන පිරිස සහ උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති අවස්ථා වැඩි කළ යුතු බව ද කීවාය. අධ්‍යාපන අවස්ථා වැඩි කරන අතරවාරයේදී අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කළ යුතු බව ද ඇය එහිදි පෙන්වා දුන්නාය.
තරුණයන්ගේ කුසලතා වර්ධනය, පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනය හා අධ්‍යාපනික ක්‍රම සම්බන්ධයෙන් ඇය මෙහිදි අදහස් දැක්වූවාය.
බොහෝ රටවල් වර්තමානය වනවිට තරුණයන්ට අවස්ථා උදා කරමින් සිටි බව පැවැසූ ඇය ඇතැම් අවස්ථාවලදී තරුණයන්ට ලබා දෙන අවස්ථා සීමා වීම නිසා තරුණ තරුණියන් අධෛර්යට ලක්වී ඇති බවත් ඇතැම් තරුණ කොටස් වෙනස් කොට සැලකීම්වලට ගොදුරු වී ඇති බවත් පෙන්වා දුන්නාය.
තරුණයන් මුහුණ දෙන විරැකියා අර්බුදය, දරිද්‍රතාව, ප්‍රචණ්ඩත්වය, හිංසනය, අවස්ථා අහිමි වීම සම්බන්ධයෙන් ඇය මෙහිදි අදහස් පළ කළාය.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ තරුණ තරුණියන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘‘සාමය ගොඩනැගීමේදී තරුණ සහභාගීත්වය වැදගත්‘‘