IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සාමවිනිසුරු කොන්දේසි ලිහිල් කරලා

( ජේ.ඉඳුරුවගේ )

සාම විනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම ලෙස නියමකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර තිබේ.

අධිකරණ ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉකුත් නොවැම්බර් 27 දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් සාම විනිසුරු පත්වීමක් දීමේ අධ්‍යාපන සුදුසුකම ලෙස උසස් පෙළ විෂයන් තුනක් සමත් විය යුතු බව නියම කර තිබිණි .

එම නියමය සංශෝධනය කරමින් අධිකරණ අමාත්‍යවරයා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදයක් ඉකුත් 13 දිනයෙන් නිකුත් කරමින් සාම විනිසුරු පත්වීම් දීමේදී අධ්‍යාපන සුදුසුකම ලෙස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර දෙකකට නොවැඩි වාර ගණනකදී සම්මාන සාමාර්ථ දෙකක් සහිතව විෂයන් හයක් සමත් විය යුතුබව නියමකර තිබේ.

එසේ වුවත් එම සුදුසුකම නොමැති අයෙක් වුවද ඔහු ප්‍රජාව වෙත කළ ආදර්ශවත් සේවයක් සලකා සාම විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට යෝග්‍ය බවට කීර්තිමත් ආගමික නායකයෙක් හෝ සමිති සභාපතිවරයෙක් නිර්දේශ කරන්නේ නම් අධිකරණ අමාත්‍යවරයාට ඒ බව සළකා එම තැනත්තා සාම විනිසුරුවරයෙකු ලෙස පත්කළ හැකි බවද ගැසට් නිවේදනයේ සඳහන් වේ.

 



අදහස් (3)

සාමවිනිසුරු කොන්දේසි ලිහිල් කරලා

sam Saturday, 17 February 2024 02:58 PM

ළඟදීම 2 සමත් එවුනුත් සුදුසුයි කියලා ගැසට් ගහයි. 8 සමත් දේශපාලුවා ඉන්න. හොරට ලෝ සමත් දේශපාලුවෝ ඉන්න රටකට ඕවා මොනවාද?

:       1       65

සෙනෙවිරත්න Saturday, 17 February 2024 03:46 PM

ගෝනවල සුනිල් කියන මැරයාට ජේපී කම් දීපු එක්කෙනා තමයි වර්තමානයේ රට පාලනය කරන්නේ. ඒක නිසා ඕක පුදුමයක් නොවෙයි. අනෙක තම සහචරයෝ උසස් පෙළ සමතුන් වෙන්න බැහැ. යන කොට කොරහත් බිඳගෙන යනවා වගේ, අහෝ පිනාටම ගිය රට...

:       2       57

ruvan Saturday, 17 February 2024 07:03 PM

විජමු ලොකුබණ්ඩාර අධිකරණ ඇමැතිකාලේ සාමාන්‍යපෙළවත් හරියට සමත් නැති එයාගේ හපුතලේ නෑ කෙනෙකුට මුලු දිවයිනටම ජේපී පට්ටමක් දුන්නා. ඒ නෑයා ඒ වෙනකොට හපුතලෙන් ඇවිත් හිටියේ... ඒ නිසා කවුරුත් මේ නෑකම දන්නේ නෑ. ඒ ගෑනු එක්කෙනාට තනියෙන් ඇප්ලිකේශන් එක පුරවා ගන්න බැරි නිසා නෑනාගෙන් උදව් ගන්න ඕනෑ නිසා ඒ නෑනාටත් ජේපී පට්ටම අරන් දුන්නා. එයත් හරියට සාමාන්‍ය පෙළ සමත් නෑ. හැබැයි මොලයක් තියනවා. ඒ කාලේ විජමු හපුතලේ අයට දිගට හරහට ජේපීකම් දුන්නා කියලා ඒ අයම කිව්වා. ඔය කියන නෑදෑ එක්කෙනාට අදවත් හරියට ලියුමක් ලියන්න බෑ. එයාගේ අනික් නෑනලා වගේ අයගෙන් තමයි උදවු ගන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 5 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 483 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 885 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 212 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 759 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1444 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site