(ෂේන් සෙනෙවිරත්න)
දින පහක් තිස්සේ කිලෝ මීටර් 150 දුර ගෙවා ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා පැමිණි පා ගමනට විශේෂ අමුත්තෙක් සහභාගී වූ පුවතක් වාර්තා වේ. ඒ නමක් නොදන්නා බලු සුරතලෙකි.
සියම් දේශයේ සිට උපසම්පදා විනය කර්මය මෙරටට ගෙනවිත් වසර 270 ක් පිරීම නිමිත්තෙන් සියම් දේශයේ සිට භික්ෂූන් වහන්සේලා පනස් නමක් ඇතුළු විශේෂ දූත කණ්ඩායමක් මුහුදු මාර්ගයෙන් ත්‍රිකුණාමලයට පැමිණ එතැන් සිට මහනුවර දක්වා පා ගමනින් වැඩම කළ එම භික්ෂූන් වහන්සේලා ඇතුළු දූත කණ්ඩායම සමග මෙම බලුසුරතලා ද එක් විය.
ත්‍රිකුණාමලයේ සිට මෙම දූත කණ්ඩායම සමඟ එක් වී ඇති බලු සුරතලා දූත පිරිස නවතින ස්ථානවල නැවතී යළි මහනුවරට පැමිණි අවස්ථාවේදී දළදා මාලිගාව අසලටද පැමිණ භික්ෂූන් වහන්සේලා ඇතුළු දූත පිරිස මල්වතු අස්ගිරි මහාවිහාර යන්ට ගිය අවස්ථාවේදී ද එම සුනඛයා ඊට ද සහභාගි වන අයුරු දක්නට ලැබුණි .
එම දූත පිරිසේ සාමාජිකයන් එම සුනඛයාට අප්‍රමාණ සෙනෙහසක් දක්වමින් සුනඛයාගේ පාද තවමින් සාත්තු සප්පායම් කරන අයුරු අයුරුද දක්නට ලැබුණි .
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සියම් නිකායේ පා ගමනට ආ අමුත්තා
ලුම්බිණි Wednesday, 24 May 2023 07:06 AM
මේ සතාව ස්ථිරවම බලා ගන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න. මම හිතනවා ඒක තමයි මෙතැනදී කල හැකි ලොකුම පින.
යස Wednesday, 24 May 2023 07:19 AM
තුට්ටු දෙකේ දේශපාලකයින්ගෙ අප්‍රසන්න ආභ්‍යන්තරික පුවත්/පොටෝ අතරේ මේ බලු තඩියාගේ පුවත සහ පොටෝ දැකීමද සිතට සහනයකි...
sujeewarWednesday, 24 May 2023 10:40 AM
මෙම ප්‍රවෘත්තිය තුළ කිසිඳු දේශපාලන අදහසක් ගැබ්වී නැත. එසේම මේ තුළ කිසිඳු දේශපාලන මතවාදයක්ද නැත. තම තමන්ට ඇලජික් වූ පමණින් දකිනදකින සෑම දෙයකටම ඔබ දැක්වීමට යාම සුදුසු නැත. මැක්කාගේ තියරිය අනවශ්‍යයි.
Samitha S. Aluthgamage Wednesday, 24 May 2023 07:30 AM
ප්‍රවෘත්ති ගුණයෙන් හෙබි ඉතා දුර්ලභ අවස්ථාවක්. කිලෝ මීටර් 150 ක් සපත්තු හෝ සෙරෙප්පු නොමැතිව පාරේ ඇති පීඩාද දරාගෙන මේ සතා පැමිණියා කියන්නේ අසාමාන්‍ය සිද්ධියක් බවයි පෙනී යන්නේ.පුංචි කකුල් හතර රිදිලා ඉදිමෙන්න ඇති.සත්ව කරුණාව ඇති කාරුණික අය සතාට සාත්තු කිරීම අගනා ක්‍රියාවක්.
ravin Wednesday, 24 May 2023 07:48 AM
බලු ආත්මයක ඉපදුනත් සසරෙන් මිදෙන්න පින් කරනවා වෙන්න ඇති
චින්තක Wednesday, 24 May 2023 07:49 AM
මම මෑතක සිට දකිනවා සුනඛයන්ගේ අමුතු හැසිරීමක් ඇත්තටම මේ සතුන් සුලු පවක් නිසා මෙහෙම තිරිසන් ආත්මයක උපන්නත් මොවුන් පෙර කුමක් හෝ කුසලයක් කරන්න ඇති .මෙහෙම දෙයක් දැනට අවුරුදු දහයකට පමණ පෙර මටත් අත් දකින්නට ලැබුනා අපි බෝධියක් රෝපණය කරන්න බෝ පැලයක් පෙරහැරේ වඩම්මවා යද්දී සුනඛයෙක් දිගටම පෙරහැරේ ගමන් කලා මේ කාලයේ සමහර පක්ෂීන් පවා නිනිවාස ආසනයේ රාත්‍රියේ ලැගුම් ගන්නවා දකින්නට පුළුවන්