IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගය වාර්තා කරයි

 

(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද (18) වාර්තා කළේය.

මේ වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු වූ 10 වැනි දිනය අද (18) වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,922.66 ලෙස දැක්විණි.

මීට පෙර සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගයක් වාර්තා කරන ලද්දේ 2011 වසරේ පෙබරවාරි 11 වැනිදා ය. එදින, දිනට නියමිත ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,811.80ක් ලෙස සටහන්ව තිබිණි.

දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 188.09කින් ඉහළ ගිය අතර කොළඹ කොටස් හුවමාරුවේ වසර 35ක ඉතිහාසයේදී ඉහළම අගයක් වාර්තා කළ 8වැනි අවස්ථාව මෙය විය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද අද (18) ඒකක 3,000 සීමාව ඉක්මවා ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 3,003.30ක් ලෙස දැක්විණි. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය අද ඒකක 100.32කින් ඉහළ ගිය අතර එය 3.46%ක වර්ධනයකි.

දිනයේ අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 12 ඉක්මවූ අතර ගනුදෙනු පිරිවැටුම අඛණ්ඩව රුපියල් බිලියන 12.18ක් ලෙස වාර්තා වූ දෙවැනි දිනය ඊයේ විය.

මේ අතර අද දිනය තුළ කොටස් ගනුදෙනු 67,153 ක් වාර්තා වී තිබූ අතර එය ඉතිහාසයේ තනි දිනක් තුළ සිදු වූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව ලෙස සටහන් විය.



අදහස් (1)

සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගය වාර්තා කරයි

චන්ද්‍රසිරි Tuesday, 19 January 2021 05:05 AM

දේශපාලකයන්ගේ පිටරට තියෙන කලු සල්ලි සුදු කරන්න විවිධ නම්වලින් ව්‍යාපාර ලියාපදිංචි කරමින් ලංකාවට ගේනවා කියලා තමයි ආරංචිය..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 251 0

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 131 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 174 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
2024 නොවැම්බර් මස 08 520 0

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර


’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 1466 2

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්
2024 නොවැම්බර් මස 08 662 0

වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 76 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1410 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site