(ඉන්දිකා රාමනායක)
මගී ජීවිත අනකුරේ හෙළමින් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා බස්නාහිර පළාත ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම්ක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
ගත වු දින දෙක තුළ සිදුකළ මෙහෙයුම් වලින් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කළ රියදුරු 15 කු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
රියදුරන් බොහොමයක් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ හා වෙනත් වාහන ධාවනය කරන බවට ලද පැමිණළි අනුව මෙම මෙහෙයුම සිදුකළ බවද හෙතෙම කීය.
මෙතෙක් ශ්‍රි ලංකාව තුළ මත්පැන් පානය කර රථවාහන ධාවනය කරන රියදුරන් ඇල්කො ලයසිර් නළ භාවිතා කරමින් අත්අඩංගුවට ගෙන, වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කළ ද , ,විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට ක්‍රමවේදයක් නොතිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මාර්ග ආරක්ෂාව බාර ජාතික සභාව විසින් ඒ සදහා අවශ්‍ය මුදල් ලබා දීමේන් පසුව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ඒ සදහා විශේෂ පරික්ෂා කිරීමේ නළ කට්ටල පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමෙන් පසුව මෙම රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම නියමු ව්‍යාපෘතියක් වශයෙන් පසුගියදා බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා කීය.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 106 නිලධාරීන් සහභාගි කරගෙන බස් රථ 775 පරික්ෂා කළ බවත්, පරික්ෂා කළ බස් රථවල රියදුරන් 375 ගේ ඛේටය පරික්ෂා කිරීමෙන් ඉහත රියදුරන් 15 දෙනා හදුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගේ මුත්‍රා සාම්පල් වල ද මත්ද්‍රව්‍ය පරික්ෂා කර ඔවුන් එරෙහින නඩු පැවරීම කිරීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කළහොත් මුල් අවස්ථාවේ දඩය රුපියල් 25,000 වන අතර, රියදුරු බලපත්‍ර රියදුරු බලපත්‍රය ද තාවතාලික අත්හිටුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව අනුව ඉදිරියේ දිවයින පුරාම මෙම මෙහෙයුම් සිදුරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සූර් වී බස් එළවන රියැදුරන්ට වැඩ වරදී
Roshan Wednesday, 24 May 2023 03:44 PM
එතකොට කසිප්පු ගහලා රාජකාරිය කරන පොලිස් කාරයින්ට මොකද කරන්නේ?
පැරකුම් Wednesday, 24 May 2023 03:47 PM
තාවකාලිකව නොව සදහටම රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි...
Bunny Preena Wednesday, 24 May 2023 03:58 PM
සූර්වෙලා කරන අනතුරු වලට රියදුරන්ගේ ඛේටය පරීක්ෂා කරනවා වගේම, සූර්වී අනතුරු කරන රියදුරන්ගේ මොලය පරීක්ෂා කළොත් හොඳයි...
SUNIL MILANO Wednesday, 24 May 2023 04:11 PM
හැමදාම වැඩ වරදී... හැබැයි වැඩ වැරැදුණු දවසක් නම් නැත.