IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


සෙරක්කුලිය කලපුව රතු පැහැ ගැන්වෙයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

පුත්තලම කලපු තීරයට අයත් සේරක්කුලිය කලපුව අද (23) අලුයම සිට ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයෙන් ගලා ගිය රතු පැහැ ගැන්වු ජලයෙන් රත් පැහැ ගැන්වී ඇති බව ගම්වැසියෝ පවසති.

ඊයේ (22) රාත්‍රීයේ අරුවක්කාඩු කසල අංගන ප්‍රදේශයට ඇදහැලුන මහ වැසි වලින් එකතු වු විශාල ජල කදක් ජල පොම්ප මගින් ගොඩබිම් විවෘත ප්‍රදේශයට පොම්ප කිරිමත් සමඟ එම ජලය රත් පැහැවී කලපුවට ගලා එමින් තිබෙන බව ඔවුහු කියති.

සේරක්කුලිය ප්‍රදේශවාසීන් මෙයට පෙර තමන් කසල අංගනයට විරෝධය මතු කරමින් පළමුව විරෝධය මතුකර සිටියේ ද මෙම ඉදි කරමින් පවතින කසල අංගනයේ සිට දැවැන්ත ඇළ මාර්ගයක් කපා එහි අපිරිසිදු ජලය මේ ආකාරයට කලපුවට දැමීමට සූදානමක් පවතින බවයි.

 



අදහස් (8)

සෙරක්කුලිය කලපුව රතු පැහැ ගැන්වෙයි

Sugandhi Tuesday, 23 October 2018 02:54 PM

මම අහලා දැකලා තියන විදිහට නම් ඔය ඇල්ගී වර්ගයක්... නමුත් හරියටම දන්නේ නැහැ.

:       4       122

ධනුෂ්කWednesday, 24 October 2018 12:31 AM

අැලිගී වලටත් මෙහෙම වෙනවා හැබැයි මෙතනනම් මේ ඉදිකරීම නිසා පස විශාල වශයෙන් වැස්සට නිරාවරණය වීම නිසා. පසේ අැති රක්ත වර්ණය ජලයට මුසු වීම නිසා මෙලෙස සිදු වෙනවා. මේ පලාත්වල පසේ බොරලු ගතිය වැඩියි. එනිසා පස රතුපාටයි. මට මතකයි වැව් ඉස්මත්තේ බොරලු කැපීම නිසා. වැස්සට පස්සේ වැව් ජලයත් රතුපාට වුණා.

:       0       0

lalith Tuesday, 23 October 2018 03:06 PM

විජය කුමාරයා ගොඩ බැහැපු කාලෙත් ඔය පැත්ත රතුපැහැ ගැන්විල තිබුණලු. මේ පාරත් එහෙන් විජය කුමාරවරු මෙහෙ ගොඩබහින්න වගේ යන්නේ. මෙයා ගිහින් එන්න කියලත් ආවනේ.

:       112       154

Ananda Jayasinghe Tuesday, 23 October 2018 11:12 PM

රතු ඇල්ගී අසාමාන්‍ය ලෙස වර්ධනය වී මුහුදු වල එක වර ඉහළ යන්න පුලුවන්. මසුන් මැරෙන අවස්ථා වාර්තා වී තිබෙනවා (උදා.පිලිපීන් රටේ).

:       0       0

රවින් Wednesday, 24 October 2018 04:14 AM

බැලූ බැල්මට නම් පෙන්නේ මඩ පස් . ඉදිකිරීම් ප්‍රදේශයේ මෙහි පලවන පින්තුර අනුවයි කියන්නේ. අනික් කරනයනම් ඉදිකිරීමක් පවතින ස්ථානයකින් කිසියම්ම හෝ රසායනික ද්‍රව්‍යක් පිටවුවානම් එම ප්‍රමාණය ටොන් ගණනක් වියයුතුය. නැතිනම් විශාල ජල ප්‍රමාණයක් පැහැගන්විය නොහැක.

:       0       0

sajitha Wednesday, 24 October 2018 04:30 AM

මේ වෙලා තියෙන්නේ වැස්සත් සමග පිහිටි පොළොවේ තියන පස් සෝදා කලපුවට ඇවිත්. 2 සහ 3 ජයාරූප වලින් පේනවා පිහිටි පොලවේ පස් රතු පාටයි කියල. පාංශු ඛාදනයේ ප්‍රතිඵලයක්. ඉදිකරීම් සමගම පරිසර නීති රීති මීට වැඩ හොඳින් රකින්න ඕනේ.

:       0       0

benat Wednesday, 24 October 2018 09:50 AM

අපේ රටේ පරිසරය සහ ජලාශවලට විශාල පරිසර හානියක් කරන්නේ අපේ රටේම රජයේ ආයතනයි . කොටින්ම පත්වෙන සියලුම රජයන් සහ එහි ආයතනයි . පාරක් හැදුවොත් කාණුවක් නැත . කානුව පසුව හදයි . එම කානුව හැදීමට පාර කඩයි . නැවත පාර හදයි . ඉන්පසුව නැවත පාර කඩා ජලනල එලයි . එහිදී කාණුව වැහෙයි . නැවත පාර හදයි . අන්තිමේට කාණුවක් නැත . මෙය රටේ සියලුම පලාත්වල සිදුවෙයි .මෙම උදාහරණය ඉහත පුවතට අදාළ නැති උනත් කීමට අවශ්‍ය විය . මෙම කලපුව පමණක් නොව . සියලුම කලපු , ගංගා, මුහුදු වෙරල විනාශ වීමට හේතුව පත්වෙන සියලු රජයන්ගේ නොහැකියාවයි . දැක්මක් සහ ප්‍රතිපත්තියක් නැත .පත්වෙන ඇමතිගෙන් ඇමතිට සිතෙන පරිදි වැඩ කටයුතු සිදුවේ . පත්වෙන ඇමති අදාළ අංශය ගැන මෙලෝ දැනුමක් නැති පුද්ගලයෙකි . වියයුත්තේ රටක දියුණුව සහ පවත්වාගෙන යාම සඳහා එක ප්‍රතිපත්තියක් නිර්මාණය කර පත්වෙන ආණ්ඩුව එය හොඳින් කරගෙන යාමට උත්සහ කිරීමයි . එහිදී මොන ආණ්ඩුව වෙනස් උනත් ඉලක්කය වෙනස් නොවේ .

:       0       1

wattala Wednesday, 24 October 2018 10:00 AM

පෑලියගොඩ මාළු මාකට් එකේ සියලුම ජරාව කානු හරහා හැමදාම දිනකට කීපවතාවක් අමු අමුවේ ගඳ ගගහා කැළණි ගඟට මුදාහරින බව කවුද දන්නේ . අයි මාළු මාකට් එක හදනකොට ඔය ජරාව විනාශ කරන්න ඔය ඉඩම ඇතුලෙම ස්ථානයක් හැදුවේ නැත්තේ ? ඔය මාකට් එකෙන් රජයට ලැබෙන ආදායමෙන් අවට පරිසරය පිරිසිඳු කරන්න සතපහක් වියදම් නොකරන්නේ අයි ? කිසිම ලැජ්ජාවක් නැතුව අතිවිශාල මුදලක් වියදම් කරමින් මාළු මාර්කට් එකේ ජරාව ගඟට මුදාහැරිමට මිගමු කොළඹ පාර හරහා පාලමක්ද සහිතව විශාල කාණුවක් කපන වෙලාවේ අයි මේ ජරාව විනාශ කරන්න ස්ථානයක් හදන්න කල්පනා නොකළේ ? දැන් හෙට අනිද්දා වෙද්දී එම අසලටම කොළඹ එළවලු මාකට් එක පැමිණියාම එහි ඉතුරුවෙන ජරාවත් ඔය කාණු වලින්ම කැළණි ගඟට නේද ? ඕවලින් ගන්න බදු සල්ලි වලින් මොනවටද වියදම් කරන්නේ ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රට පුරා විදුලි බිද වැටීමක්
2025 පෙබරවාරි මස 09 113 0

රට පුරා විදුලිය බිඳවැටීමක් මීට පැයකට පමණ ආසන්න කාලයකට පෙර සිදුවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.


ගුරු යුවළ නි.විදුහල්පති පැහැරගෙන ගොස් පහරදීලා
2025 පෙබරවාරි මස 09 57 0

බියගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු ජීප් රථයකින් පැහැරගෙන ගොස් පහර දුන් බව කියන ගුරු යුවළක් අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය


ගිනි අවියක්-ජීව උණ්ඩ රැගෙන පීසී පැන ගිහින්
2025 පෙබරවාරි මස 09 135 0

ගල්කිස්ස පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ටී 56 ගිනි අවියක් හා ජිව උන්ඩ 30 ක් රැගෙන පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.


උමාඔයෙන් අසරණ වුවන්ට සහන දෙනවා
2025 පෙබරවාරි මස 09 102 0

උමා ඔය ව්‍යාපෘතිය හෙතුවෙන් අසරණ වු ජනතාවට සහන සැලසිම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබාදීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරිමට සහ එම යෝජනාව පෙබර


ත්‍රිරෝද රියක් මස් කළ තුනක් අල්ලයි
2025 පෙබරවාරි මස 09 117 0

සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක් කොටස් වලට ගලවමින් සිටි සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන පොලීසිය කියයි.


මත් ජාවාරම්කරුවෙක් ඇතුළු 6ක් මාට්ටු
2025 පෙබරවාරි මස 09 204 0

හොරණ බටු විට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසක් වටලා එම ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් හය දෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව හොර


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 48 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 110 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 852 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site