(නිමල කොඩිතුවක්කු)
සිරිකොත පක්ෂ මූලස්ථානයට හෝ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ගල් ගැසීමට කිසිදු අවශ්‍යතාවයක් සමගි ජන බලවේගයට නොමැති බවත් අගෝස්තු පස් වනදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු ඔවුන්ගේ ඉරණම පිළිබඳ ජනතාව තීන්දුවක් ගනු ඇතැයිද සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද(29) කොළඹදී පැවසීය.
හොරකම දුෂණය වංචාව ප්‍රතික්ෂේප කරන නිදහස් ප්රජාතන්ත්රවාදය ගරු කරන කණ්ඩායම් දිනෙන් දින සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කරා පෙළගැසෙමින් සිටින බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
මව්බිම ජනතා පක්ෂයේ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ඇතුළු එම පක්ෂයේ පිරිසක් ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා අද ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේද කීවේය.
මේ රටට ආදරය කරන ප්රජාතන්ත්රවාදය සහ සිවිල් පාලනය ගරු කරන කණ්ඩායම් අද අපිත් එක්ක එකතු වෙමින් සිටිනවා. සමගි ජන බලවේගයට අද මව්බිම ජනතා පක්ෂය එකතු වුණා. අපට අවශ්‍ය හොරකම දූෂණය වංචාව ප්‍රතික්ෂේප කරන නිදහස හා ප්රජාතන්ත්රවාදය ගරු කරන දක්ෂ කණ්ඩායමක්. ඒ අයත් එක්ක රට ගොඩ නැගීමට අපි කැප වෙනවා.
පසුගිය අවුරුදු ගණනාවක්ම මේ රටේ ජනතාව කිව්වේ ඒ පක්ෂයේ හොරකම් කරහම මේ අය බේරගන්නවා මේ අය හොරකම් කරහම ඒ අය බේරගන්නවා කියලා. 225ම ප්‍රතික්ෂේප කරන තත්ත්වයට රටේ ජනතාව අද පත් වෙලා තියෙනවා.
රටේ උගතුන් බුද්ධිමතුන් වියතුන් අද අපිත් එක්ක එකතු වෙමින් සිටිනවා. භික්ෂූන් වහන්සේ බෞද්ධයන් අද අපේ ගමනට විශාල ශක්තියක් වෙලා තියෙනවා.
සෙබළුන් දෙදහසක් තුන්දහසක් ඝාතනය කළ කරුණා අම්මාන්ලා රාජපක්ෂලාට එකතු වෙද්දි රටේ සංස්කෘතිය කලාව ආරක්ෂා කරගනිමින් නිදහස ප්රජාතන්ත්රවාදය අගය කරමින් සජිත් ප්‍රේමදාස මහතා ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් වීම ගැන අපි මව්බිම මව්බිම ජනතා පක්ෂයේ නියෝජිතයන්ට ස්තූතිවන්ත වෙනවා. අද මේ වගේ විශාල පිරිසක් අපි වටා එකතු වෙමින් සිටිනවා.
ඒ සියලු දෙනාම රට ගොඩනගන වැඩපිළිවෙලෙහි කොටස්කරුවන් බවට පත් කර ගැනීමට අපි කටයුතු කරනවා.
ඒ සියලු දෙනාම රට ගොඩනගන වැඩපිළිවෙලෙහි කොටස්කරුවන් බවට පත් කර ගැනීමට අපි කටයුතු කරනවා. සමගි ජන බලවේගය විදිහට එක්සත් ජාතික පක්ෂයට හරි ඒ පාක්ෂිකයන්ට හරි අපි අගෞරව කරන්නේ නැහැ. මොකද ඒ පක්ෂය අද තියෙන්නෙත් මෙතන. කලින් ආණ්ඩු හිටපු මැති ඇමතිවරු අසූවක් අද අපිත් එක්ක ඉන්නවා. සිරිකොත බෝඩ් ලෑල්ලට පමණක් සීමා වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අද ඉන්නේ පහළොවයි. රනිල් වික්‍රමසිංහ මහත්තයට අද රැස්වීමක් තියාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.
දැන් සිරිකොතට ගල් ගහන කතා කියලා පාක්ෂිකයන් වෙන වෙන දේවල් වලට යොමු කරනවා. අපිට සිරිකොතටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයටවත් ගල් ගහන්න අවශ්‍යත් නැහැ. අගෝස්තු 5 වන දා පැවැත්වෙන මහ මැතිවරණයේදී ජනතාව මේ අය ගැන තීන්දුවක් ගනීවි. සිරිකොත දැන් ඉන්න පිරිසෙන් ඇඟිලි 5ටත් අඩු ගානක් තමයි මහ මැතිවරණයෙන් පස්සේ ඉතුරු වෙන්නේ.අපිට තියෙන්නෙ ආණ්ඩුව අල්ලන්න යන ගමනක් ආණ්ඩුව ගත්තට පස්සේ පාක්ෂිකයන් තීරණය කරයි මොකද්ද කරන්න ඕන කියලා යයිද ඔහු එහිදී පැවසීය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරිකොතට ගල් ගහන්න අපට අවශ්‍ය ඕන නෑ