(යොහාන් භාසුර)
වෙසක් පෝය වෙනුවෙන් විශේෂ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 988 ක් අද (5) දිනයේ නිදහස් කරන බවත් එයට සිරකරුවන් 982 ක් සහ සිරකාරියන් 6 ක් ඇතුළත් බවත් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
අද (5) දිනට යෙදී ඇති වෙසක් පුර පසොළොස්වක පෝය දිනය වෙනුවෙන් මෙවර බන්ධනාගාරගත සිරකරුවන් සඳහා ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇති බවත් ඒ අනුව පහත සඳහන් නියමයන් හා කොන්දෙසි මත සිරකරුවන් සඳහා මෙම පොදු සමාව ප්‍රදානය කරන බවක් ඒකනායක මහතා කීය.
බන්ධනාගාරගතව අද දිනට සිර දඬුවම් විදින සිරකරුවන් හට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට දින 14 ක සමාවක් දීම, දඩ මුදල් නොගෙවීම මත අද දින වන විට බන්ධනාගාරගතව සිරදඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහොසි කිරීම,
දඩ දඬුවම්ද ඇතුලත්ව වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර අද දිනට එම දඬුවමේ වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරිම මෙහිදී ක්‍රියාත්මක විය.
ජීවිතාන්ත සිරදඬුවම් නියම වු සිරකරුවන් අතරින් අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිරදඬුවම නියමකර ඇති සිරකරුවනගේ සිර දඬුවම වසර 15 කට අඩු කිරීම, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් අද දින වන විට පුණරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ පුණරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පණත පරිදි ප්‍රජා විශෝධන නිලධාරීයෙකුගේ අධික්ෂණය යටතේ ගත කිරීමට යටතුව අහෝසි කිරිම සෙසු ආකාරය වේ.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිරකරුවෝ 988 කට අද නිදහස