(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
කොළඹ අපරාධ කොට්ඨාශයට අද (29) පැමිණි සරත් ෆොන්සේකා මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව පිටව ගොස් තිබේ.
මෙරට කොරෝනා වයිරසය තත්වය පිළිබඳ ෆේස්බුක් හරහා තොරතුරු ලැබී ඇති සදහන් කරමින් මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව හිටපු අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (29) පෙරවරු 10.40ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව උසස් නිලධාරීයෙක් පැවසීය.
ඉකුත් මාර්තු 18 වෙනි දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වා කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ප්‍රකාශක් කර ජනතාව තුළ අනිසි බියක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි සඳහන් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කරන ලද පැමිණිල්ලකට අනුව සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ ලබා ගත්තේය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සරත් ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක්
indika Friday, 29 May 2020 07:17 AM
යුද විරුවන් සමරන්නද කොහෙද හදන්නේ ආණ්ඩුව? ටිකක් පරක්කු වෙලා...
lalFriday, 29 May 2020 08:38 AM
ලෝකයම කොරෝනා මැඩලන්න සටන් වදිනවා. අපේ රටේ ආධාර ගන්න ගිහින් මිනිස්සු මැරෙන තැනට පත්වෙලා. එදාවේල හොයාගන්න බැහැ. හෙට අනිද්දට බඩගින්නේ මැරෙයි.., සල්ලි නැතිව... මේ අතරේ වැදගත්ම දෙයක් තමයි මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ගෙනියන එක... හිරේදාන එක... මෙහෙමත් රටක්..?
Kumara Karunaratne Friday, 29 May 2020 07:26 AM
මම හිතුවා මෙදා පාරවත් විහිලු නොසපයා ඉඳීවි කියලා... නමුත් දිගටම විහිලු වලින්ම යන පාටයි පෙනෙන්නේ...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 May 2020 07:27 AM
මා පින්බර ලක් දෙරණේ...
සමිත සේනක අලුත්ගමගේ.Friday, 29 May 2020 08:06 AM
මා පින්බර ලක් දෙරණේ... නුඹ කොහි යනුදැයි නොදැනේ...
janis Friday, 29 May 2020 07:31 AM
කටවල් ටික වහල ඡන්දෙට යන්න වගේ.... හරි හරි ඔහොම යමුකෝ...!!!
indika Friday, 29 May 2020 08:18 AM
ජනතාව බලාපොරොත්තු වුනේ මහබැංකු මංකොල්ලය, අවසානේ හොරු ආණ්ඩුව ඇතුළට. රට බේරාගත් රණවිරුවෝ කූඩුවට...
de silva Friday, 29 May 2020 08:59 AM
මේ වැඩෙන් හැමෝටම අමතක වෙලා ඉන්න සරත් ෆොන්සේකාට අනිවාර්යයෙන් වැඩි මනාප 5000-10000 ප්‍රමාණයක් නිකන්ම ලැබෙනවා.
සරත් Friday, 29 May 2020 09:19 AM
ඉතාමත් කටුක අත්දැකීම් ලබමින්, ජීවිතය පරදුවට තබා, යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවීමට දායකත්වය ලබාදුන් අභීත රණකාමියෙක් ලෙසයි අප ඔබව දකින්නේ... ඔබ මෙහිදී එක් අවස්ථාවක හෝ පසුබට වුයේ නැත. ඔබට ජය...!!!
sas Friday, 29 May 2020 09:31 AM
ෆොන්සේකා මහතාට විරුද්ධව පැමිණිල්ල කරපු මිනිහා කවුද කියා බලන්න.
Galapara Friday, 29 May 2020 09:43 AM
කොරෝනා අස්සේ මේ කරන විගඩම් දැක්කම හිතෙන්නේ... දේශපාලනය කොයිතරම් අපේ රටේ බංකොලොත් වෙලාදකියල.. ඉස්සෙල්ලා පරණ රෙජීමය පැරදිලා ගෙදර ගිහිල්ලා... ආපහු එනකොට අපි හිතුවේ අලුත් නායකත්වය යටතේ හොඳ ගමනක් යයි කියලා. දැන් බැලුවම පරණ එකේ කාබන් කොපියමයි. අපි හිතපු වෙනස හීනයක්ම පමණයි.
wedage Friday, 29 May 2020 10:59 AM
ජීවිතකාලයක් යුද්දේ කරපු මව්බිම වෙනුවෙන් රුධිරය පූජාකරපු මේ විරුවාගෙන් පැයක කාලයක් ප්‍රශ්න කරපු එකනම් හොඳටම මදි..
Ajith Friday, 29 May 2020 11:06 AM
ලංකාවේ ඉපදී සිහිනයෙන් අවදිවූයේ ඇයිද, දිගටම සිහින ගත වන්න..
Nandalal DE SILVA - France Friday, 29 May 2020 11:25 AM
"සරත් ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක් ගත්තා "කියන්නේ ඒක එතරම් වැදගත්.., සලකා බැලිය යුතු, වටිනා කියන චෝදනාවක් නොවන බවයි...! එතුමාගේ පැරණි කැබිනට් ඇමති සගයන් පැය ගණන් මඩව මඩවා ප්‍රශ්න කිරීමත්, මෙතුමාට පැයකින් නිදහස් සුවය විඳීමට අවස්ථාව ලැබුණා කියන්නේ පොලිස් නිලධාරීන්ට වුණත් මෙවැනි සෙප්පඩ විජ්ජා, ප්‍රෝඩා තිත්තවී තිබෙන නිසායි.. කවුද එතුමාට එරෙහිව මෙවැනි අභූත චෝදනා ඉදිරිපත්කර එතුමා අපහසුතාවයට පත් කරන්න වලිකන්නේ? ඡන්දෙ අතළඟ එන නිසා වෙන්නත් පුළුවන් නේද?