(අජිත්ලාල් ශාන්තඋදය)
උඳුවප් පුර පොහොය (29) දිනයෙන් ආරම්භ වන මෙවර සිරිපා වන්දනාවාරයේ සධාතුක කරඬුව සහ දේවාබරණ වැඩම කිරීමේ පෙරහර හතරම සීමා සහිත පිරිසක් පමණක් සහභාගි කරවාගෙන සම්පූර්ණ සෞඛ්‍ය නීති රීති අනුව පමණක් සිදුකරන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.
ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා මත රත්නපුර දිස්ත්‍රික් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවති සාකච්ඡාවකදී මෙවර ශ්‍රීපාද වන්දනා වාරය සම්බන්‍ධයෙන් අනුගමනය කරන කටයුතු සම්බන්‍ධයෙන් තීරණ රැසක් ගනු ලැබීය.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේ දී තීරණය කරනු ලැබුවේ වෙනදා මෙන් ම මෙවරත් සධාතුක කරඬුව සහ දේවාභරණ වැඩම කරවීම හැටන් නල්ලතන්නි, රත්නපුර ශ්‍රීපලාබද්දල, කුරුවිට එරත්න, සහ බළන්ගොඩ නල්ලතන්නි, යන මාර්ග හතරෙන්ම සිදු කිරීමටය.
ඒ අනුව දෙසැම්බර් 27දා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහ විහාරස්ථානයේ ආගමික චාරිත්‍ර සිදුකර 28දා ඉහත මාර්ග හතර ඔස්සේ පෙරහර හතරකින් සාධාතුක කරඬු සහ දේවාභරණ මලුවට වැඩම කරවනු ලබයි.
උඳුවප් පොහොය එලඹෙන 29දා සිරිපා මලුවේ පවත්වන මුල්ම අගමික වතාවත් වලින් අනතුරුව මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වෙයි. එහෙත් මෙවර පෙරහර සමග සිරිපා මලලුවට ඇතුලුවීමට අවසර ලැබෙන්නේ තේවාව භාර ස්වාමීන් වහන්සේලාට, රාජකාරී මණ්ඩලයේ ගිහි පිංවතුන්ට, සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශවල නිලධාරින්ට පමණක් බවට තීරණය කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරිය පවසන්නීය.
එලැඹෙන සිරිපා සමය තුල සිරිපා කරුණාකරන්නට බලාපොරොත්තු වන සියලු දෙනාම තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බවට මෙම රැස්වීමේදී තීරණය කරනු ලැබීය. පොලිස් නිලධාරීන් විසින් එම අවසර පත්‍ර නියමිත ස්ථානවලදී පරීක්‍ෂා කරනු ලැබීමට නියමිතය. එකී අවසර පත්‍ර නැති කිසිවෙකුටත් මෙවර සිරිපා වන්දනා කිරිමට අවසර නොලැබේ.
සෞඛ්‍ය උපදෙස් අනුව දුරස්බව තබාගෙන වන්දනා කිරිම අත්‍යවශ්‍ය අතර රාත්‍රී කාලයේදී කිසිම කෙනෙකුට උඩමලුවේ නවාතැන් පහසුකම් නොදීමට ද තීරණය කරනු ලැබීය. එසේම දිවා කාලයේ වුව ද උඩමලුවේ සිටිය හැකි බැතිමතුන්ගේ සංඛ්‍යාව 200ක උපරිමයක් වේ. උඩමලුවේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරිපා මළුවට දේවාභරණ වැඩමවීමට සීමා සහිත පිරිසක්