(යොහාන් භාසුර)
ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිරිපාල අමරසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් අද (5) පෙරවරුවේ තැන්පත් කළේය.
සිරිපාල අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ඒකාබද්ධ වෘත්තිය සමිති කේන්ද්‍රය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.
අමරසිංහ මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ 15 වැනිදා වන අතර හයවැනි ස්වාධීන අපේක්‍ෂකයා ද වේ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරිපාල අමරසිංහ ඇප තියයි
අරවින්ද මොනරවිල Monday, 05 August 2024 01:29 PM
රනිල්ගේ බැසිල්ගේ දේශපාලන කොන්ත්‍රාත් ඉටුකරන සදාතනික ජනාධිපති අපේක්ෂකයෝ...!
C.K.Lankaputhra Monday, 05 August 2024 01:40 PM
මේ ගොල්ලෝ කරන්නේ දුප්පත් මිනිසුන්ට සල්ලි වලට විනාශයක් මිසක් රටට හෝ රටේ ජනතාවට වැඩක් වෙන දෙයක්ද? මීටර් ගණන් දිග ඡන්ද පත්‍රිකා ගැහුවා කියලා උන්ට වැඩකුත් නෑ... අපට වැඩකුත් නෑ...
Vishaka Monday, 05 August 2024 02:51 PM
ඡන්ද පත්‍රිකාව දිග නම් මම කරන්නේ සම්පූර්ණයෙන්ම කටුගා දැමීම පමණයි... මොකද ඔහොම කළාම නාස්ති වෙන්නේ ජනතාව සතු මුදල් තමයි. මෙහෙම ජනතා මුදල් නාස්ති වෙන්න ඉඩදීලා තියෙන්නේ හිටපු පාලකයෝ තමයි... කවදා හෝ ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයෝ නැතුව ජනතා මනාපය තියෙන අවම වශයෙන් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු නොවී අවුරුදු 5ක් වත් මන්ත්‍රී තනතුරක් දැරූ කෙනෙකුට හැර වෙනත් අයෙකුට ඇප තැබීම තහනම් කරන්න ඕනෑ. එහෙම බැරි නම් රුපියල් මිලියන දහයක්වත් වනසේ ඇප මුදල් වැඩිකිරීම කරන්න ඕනෑ. මෙහෙම වෙනවිට ඡන්ද දායකයන් එකමුතුව ඡන්ද පත්‍රිකාව කටුගෑවොත් මොකද වෙන්නේ? රටේ විනාශයට හේතු වන දේවල් නිසා රටට වෙන්න පුළුවන් අනර්තය කොතරම් වේද?
Pradeep Kumara Monday, 05 August 2024 02:35 PM
අවුලක් නෑ 75000.00නේ.. අඩුම තරමින් ගෙදර අයගේ ඡන්ද ටිකවත් ගන්න බලන්න.
ඇන්ඩ්රු සෙබඩවිල Monday, 05 August 2024 03:16 PM
අපගේ පක්ෂයේ හිටපු විරෝධාර විප්ලවවාදී සාමාජිකයෙක්. අනුර වගේම එඩිතර සහෝදරයෙක්. ජයවේවා...! අනුරට දෙන ඡන්දයේ දෙවැනි මනාපය මේ සහෝදරයාට දෙමු...!
shantha Monday, 05 August 2024 04:06 PM
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්..? ඇයි හිටපු කියන්නේ? මෙයා කරපු දූෂණ වගයක් පක්ෂයට දැනගන්න ලැබුණු වහාම පක්ෂයෙන් එළවලා දැම්මා. ඊට පස්සේ ප්‍රසන්න කප්පමාට මුට්ටි අල්ලපු කතාවකුත් යනවා...!
රවීන්ද්‍ර Monday, 05 August 2024 08:27 PM
මෑත කාලීනව ප්‍රසන්න රණතුංගගේ කෙනෙක්. එවක, ජවිපෙ දේශපාලනයේ ඉඳලා, බොහෝ කලකට පෙර, දරුණු දූෂණ චෝදනා කිහිපයකින් වැරදිකරු වී, පක්ෂයෙන් පන්නා දැමුවෙක්. දෙවනි මනාපය නොව, පළවන මනාපයට සුදුසූ බව යෝජනා කරමි.
Shantha ගෙ සහෝදරයා Monday, 05 August 2024 08:44 PM
ජවිපෙ වහලෙක් නොවී වෙනස් අදහසක් දැරුවොත් එයා හොරෙක්. ඕකෙ නායකයෝ රැකියාවක් ව්‍යාපාරයක් නොකර යහතින් ඉන්නේ කොහොමද කියලා අපටත් කියන්නකෝ...!
Bamunuarachchi Monday, 05 August 2024 09:18 PM
ඔය මිනිහත් පරණ ජේවීපී කාරයෙක්. ඒකාලේ නම් පක්ෂයේ උරුමක්කාරයෝ. හැබැයි දැන්? ඔහොම මිනිස්සු තවත් කොපමණ ඔය පක්ෂය තුළ ඉන්නවද? අනුරත් තව කාලෙකින් ස්වාධීනව ඡන්දේ ඉල්ලයි. එයාගේ වත්කම US $ මිලියන 1.3 කියලා Forbes සඟරාව කියනවා. පටන් ගත්තේ, එයාම කියන විදිහට, කෝච්චියේ වඩේ විකුණලා.
Asanga thiththagalla gamage Tuesday, 06 August 2024 10:16 AM
ඇත්තටම මුන්ට පිස්සුද?