IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සූරියකන්ද-දෙනියාය මාර්ගයේ ගමනාගමනය නවතී

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

පසුගිය දින කිහිපය තුල ඇදහැලුන මහවැසි නිසා රත්නපුර මාදම්පේ හන්දිය හරහා ගාල්ල දක්වා දිවෙන ඒ 17 මාර්ගයේ කිලෝමීටර් 100 සහ 101 අතර නෑදොළ, කීනතැන්න ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටී විශාල ගලක් පෙරළීමෙන් අද (02) සිට ගමනාගමනය ඇණහිට ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ගලපෙරළී ඇත්තේ සූරියකන්ද සහ දෙනියාය අතර කොටසේ දී බව කොළොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා ද තහවුරු කළේ ය.

පස්කන්දක් සමග පෙරළී ආ ගලත් සමග තවත් සාමාන්‍ය ප්‍රමාණයේ ගල් පාරට පෙරළී විත් තිබේ. මේ නිසා එම ස්ථානයෙන් වාහන ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. අද (02) අලුයම් කාලයේ මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මේ දිනවල කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද වරින්වර මහවැසි ඇදහැලෙන බව කොළොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා පැවසුවේ ය. 

අධිකවැසි ඇති අවස්ථාවල නායයාමේ අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් සිටින ලෙස දැනුවත් කර ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේය.

රන්හොටිකන්ද වැනි ප්‍රදේශවල ඇතැම් ස්ථාන නායයාමේ අවදානම් බවට හඳුනාගෙන ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය.

අවදානම් සහිත ස්ථානවල පදිංචිව සිටින පිරිස් පිළිබඳව ග්‍රාම සේවා නිලධාරින් දැනුවත් කර ඇති බවද කී ප්‍රාදේශීය ලේකම්වරයා ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවුව හොත් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි ද උපදෙස් දුන් බව ද කීවේය.

 



අදහස් (1)

සූරියකන්ද-දෙනියාය මාර්ගයේ ගමනාගමනය නවතී

ශ්‍රීලකුමාර Tuesday, 02 May 2023 10:41 AM

1969 වර්ෂයේ දෙසැම්බර් මාසයේ (අවුරුදු පනස් තුනකට පමණ පෙර) ඔය කියන ප්‍රදේශයේ නායයාමක් නිසා විශාල හානියක් වුණා. ඒ අවස්ථාවේ කොලොන්න (නගරය) කඩපොලත් පස්වලින් යටවුණා.. ඒවා මතක තියෙන කෙනෙක් නම් නැතුව ඇති ඒ නිසා ඔය ප්‍රශ්නය වෙනුවෙන් දිගුකාලීනව සැලසුමක් හැදුවොත් තමයි හොඳ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 685 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2173 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 542 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 560 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 273 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 514 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site