(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමට සූදානම් වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනමට ලක්කර, ඒ සම්බන්ධයෙන් අදාළ නීතිමය කටයුතු ආරම්භ කර ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා අද(26) පැවසීය.
වැඩ තහනමට ලක්ව ඇත්තේ හලාවත මූලස්ථාන පොලිසියේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකි. සිද්ධියට මුහුණ පා ඇත්තේ, හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාය.
සිද්ධියත් සමග පොලිස් සැරයන්වරයාගේ රාජකාරි ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබුණි.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රියේ සිට අදඅලුයම දක්වා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා අතර බහින් බස්වීමක් සිදුව තිබිණි. කෝපයට පත්වූ පොලිස් සැරයන්වරයා තම රාජකාරි ගිනි අවියෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තැබීමට සූදානම් වෙද්දි ඒ ආසන්නයේ සිටි තවත් පොලිස් නිලධාරියකු එය වළක්වා ඇති බව තිබිණි.
අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැරයන් පොලිස් පරීක්ෂකට වෙඩි තියන්න යයි
Raveendra Friday, 26 February 2021 08:32 AM
හිතවත්කම් සමග "බීමත් රියදුරු උත්තමයන්" බේරා ගැනුමට දෙදෙනා අතර තර්ක විතර්ක සටනක් ඇතිවූවා යන්න සිතීමට නොහැකිද? කෙසේවෙතත් හික්මීම, විනය නැත්තේ කොතැනද... එතන මහා විනාශයකි. මේ එවන් සිදුවීමකි.
Perera Friday, 26 February 2021 06:49 PM
ලොක්කගේ හිතවතෙක් නිදහස් කරන්න කියලාවත්ද ගැටුමට මුල? ඒ වගේ වැඩක් ඉංගිරිය පොලිසියේත් වුණා... ටික කලකට ඉහතදී...
රුක්මාල් Saturday, 27 February 2021 02:29 AM
අනිවා අත්අඩංගුවට ගත්ත සෙට් එකේ OIC ගේ කෙනෙක් ඉන්න ඇති... ඌව අතාරින්න කිව්වම තමා වලිය පටන්ගත්තේ...
සම්පත් Saturday, 27 February 2021 10:32 AM
සමහර ලොක්කෝ පොඩ්ඩන්ට හෙන සයිස් දානවනේ.. ඉවසලා ඉවසලා බැරිම තැන දුන්නා ඇති.