සිරියාවෙන් අසල්වැසි රටවලට හෝ බටහිර රටවලට හෝ කිසිදු තර්ජනයක් නොමැති බව, එරට විපක්ෂයට සහාය දක්වමින් රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ නායකයා වන අහ්මද් අල් ෂාරා අවධාරණය කර ඇත.
අහ්මද් අල් ෂාරා මේ බව අවධාරණය කළේ බ්‍රිතාන්‍යයේ බීබීසී පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. අහ්මද් අල් ෂාරා සැලකෙන්නේ, සිරියාවේ නිල නොවන නායකයා ලෙසය. ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වුණු පළමු අවස්ථාව මෙයයි.
“සිරියාව දශකයකට වැඩි කාලවක් තිස්සේ සිවිල් යුද්ධයකින් බැට කෑවා. රට මේ වනවිට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද ලොකු කඩා වැටීමකට ලක් වී තිබෙනවා. අප කවුරුත් ඉන්නේ යුද්ධයෙන් හෙම්බත් වෙලා. මම සහතික වෙනවා, සිරියාවේ අසල්වැසියන්ට, විශේෂයෙන් ඊශ්‍රායලයටත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලටත් සිරියාවෙන් කිසිදු තර්ජනයක් එල්ල වන්නේ නැහැ.” යැයි අහ්මද් අල් ෂාරා පැහැදිලි කළේය.
‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සන්නද්ධ කණ්ඩායම, සිරියානු සිවිල් යුද්ධය ආරම්භයේ දී, ‘අල් නුස්රා’ යන නමින් පෙනී සිටියේය. ‘අල් නුස්රා’ යනු ‘අල් කයිඩා’ ත්‍රස්ත සංවිධානයේ ශාඛාවකි.
“මා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ජාත්‍යන්තරය අප ත්‍රස්ත කණ්ඩායමක් ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව අපට සම්බාධක පැනැවීමක් ද සිදු කර තිබෙනවා. මෙය අපගේ කටයුතුවලට බාධාවක්. හැකි ඉක්මනින් අපට පනවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි මම ඉල්ලීමක් කරනවා” යැයි ද සම්මුඛ සාකච්ඡාවක් අතරතුරේ අහ්මද් අල් ෂාරා ඉල්ලීමක් කළේය.
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිරියාව ලෝකයට තර්ජනයක් නෑ