IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සිරුරට ගිනි ඇවිලී ස.ප්‍රා.ලේ.මරුට

 

( රොමේෂ් මධූෂංක)

යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඇගේ නිවසේදී ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව ඊයේ (16) දින මියි ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය පැවසීය.

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය රෝහලගත කරන විට ඇය සයමස් ගැබිනියක්ව සිටි හෙයින් දරුව බේරා ගැනීමටද රෝහල් වෛද්‍යවරුන් විසින් දැඩි පරිශ්‍රමයක් දැරුවද දෙදෙනාගෙම ජීවිත බේරාගැනීමට නොහැකි වූ බවට රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.

මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා විසින් පොලීසියට පවසා ඇත්තේ සිය බිරිඳ කාමරයක් තුල ඉටිපන්දමක් හෝ යමක් දැල්වීමට ගත් උත්සහයකදී ඇගේ සිරුරට ගිනි ඇවිලීමෙන් ඇය රෝහල්ගත කල බවටය.

කෙසේ වෙතත් අදාල මරණය සියදිවි හානිකරගැනීමක්ද, අත්වැරදීමකින් සිදුවූවක්ද නැතහොත් ඝාතනයක්ද යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම සැමියාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකොට පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයි චාවකච්චේරි පොලීසිය පැවසීය.

මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය චාවකච්චේරි නීර්වේලි ප්‍රදේශයේ පදිංචි තමිලනී සතීස් නැමති 35 හැවිරිදි අවුරුදු 06 දියණියකගේ මවක්ද වන අතර ඇගේ සැමියා චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමසේවක වරයෙක් වශයෙන් සේවය කරයි.

 



අදහස් (3)

සිරුරට ගිනි ඇවිලී ස.ප්‍රා.ලේ.මරුට

Nihal Monday, 17 February 2025 09:41 AM

නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       4       71

Hemantha Tuesday, 18 February 2025 12:04 PM

පව් අපැහැදිලි මරණයක් පරීක්ෂණ යක් කරන්න

:       1       6

Ranaraja - I was So Saddened when this heard. We must have a Methodology to protect our Brainy Scholars. We give our great condolences to her Family. pr Thursday, 20 February 2025 02:57 AM

මේක ඇහුවම මට ගොඩක් දුක හිතුනා. අපගේ බුද්ධිමතුන් ආරක්ෂා කිරීමට ක්‍රමවේදයක් අපට තිබිය යුතුය. ඔවුන් අපගේ අනාගත නායකයින් වේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 176 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1308 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 23 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1113 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 16 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 609 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site