(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
බලපත්‍රලාභී සුරාබදු සැල් ආගමික සිද්ධස්ථාන සහ පාසල් වලින් මීටර් 100 ක් දුරින් පවත්වා ගෙන යා යුතු බව අභියාචනාධිකරණය රිට් පෙත්සමක නඩු තීන්දුවක් අද (07) ප්‍රකාශයට පත් කරමින් සදහන් කළේය.
පාසල් දෙකක් සහ ආගමික ස්ථානයක් ආසන්නයේ පිහිටා තිබීම නිසා සිය සුරාබදු අලෙවිසැල වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා ගත් තීරණයට එරෙහිව වත්තේගම පදිංචි ව්‍යාපාරිකයකු ඩී.එල්.පී.බී.පතිරන්නැහේ ගොනු කල පෙත්සමක තීන්දුව දෙමින් අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කලේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොල සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් විසින් මෙම නඩු තීන්දුව ලබා දෙන ලදි.
අභියාචනාධිකරණ විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරු වත්තේගම ප්‍රදේශයේ පාසල් දෙකකට හා සිද්ධස්ථානයකට මැදිව සිය බලපත්‍රලාභි සුරාබදු සල පවත්වා ගෙන යයි. මෙම සුරාබදු සැල හේතුවෙන් එම ප්‍රදේශයේ නීතීය හා සාමය පවත්වා ගෙන යා නොහැකි බවට තීන්දු කළ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අභියාචන පෙත්සම්කරුගේ සුරාබදු සැල වසා දැමීමට නියෝග කර ඇත.ඉන්පසුව ඔහුගේ බලපත්‍රයද අත්හිටුවීමට තීරණය කළ බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් සදහන් කර සිටී.
මෙම ක්‍රියාව නිසා අගතියට පත් පෙත්සම්කරු විසින් මෙම අභියාචන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සම් විභාගයේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටින්නේ සිද්ධියට අදාළ සුරාසැල පාසල් දෙකකට හා සිද්ධස්ථානයකට මැදිව පවත්වා ගෙන යන බවත් , ඊඨ විරෝධය පා සිවිල් සංවිධාන කිහිපයක් තමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්ය.
මෙම රට බීම හල මෙම ස්ථානයේ තවදුරටත් පැවතියහොත් ප්‍රදේශයේ නීතීය හා සාමය පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වෙන බවත් , මෙම සුරාසැල පිහිටා ඇත්තේ සුරාබදු නීතීයට පටහැනි බැවින් එය වසා දැමීට නියෝග කළ බවද වගඋත්තරකාර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.
2008 අප්‍රේල් 10 වැනි දින අංක 1544/17 දරණ සුරාබදු විශේෂ ගැසට් නිවේදනයේ විධි විධාන අනුව අධිකරණය පෙනී යන්නේ බලපත්‍රලාභී සුරාබදු සැලක් පවත්වා ගෙන යා යුතු වන්නේ සිද්ධස්ථානයන්ට හා පාසල් වලට මීටර් 100 ක් දුරින් බවය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධය සුරාබදු සැල වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගත් තීරණය සුරාබදු නීතියට එකග බවත් , නිවැරදි බවත් අධිකරණයේ මතයයි.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා , නීතිඥ ආනන්ද සිල්වා සහ නිරාන් අන්කැටෙල් යන මහත්වරුන් පෙනී සිටියහ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ, රජයේ නීතිඥ ආර්. අලුවිහාරේ සමඟ පෙනී සිටියේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුරාසල් ආගමික ස්ථාන සහ පාසල්වලින් ඈතට
අබිලින් Thursday, 07 October 2021 06:22 PM
මීටර් සියයක් කියන්නෙ පංසලේ වේවා පාසැලේ වේවා ඉතාමත් කෙටිම දුරකි.මෙනිසා පනත නොපමාව මීටර් 500 ලෙසට වත් සංශෝධනය කල යුතුය
යෝගා Thursday, 07 October 2021 06:24 PM
මීටර් 100ක් යාමට ගතවන්නේ තත්පර කිහිපයයි. ඕක කිලෝමීටරයක්වත් කරන්න
Raveendra Thursday, 07 October 2021 08:22 PM
අනේද කියන්නේ.... එක්කෝ මේ පුවත වාර්තා කරලා තියෙන්නේ වැරදි ආකාරයට එසේ නොමැති නම් දුර පිලිබදව පස්චාත් උපාධිය සමතුන් විසින් මීටර් 100 යේ දුරට අලුතින් අර්ථකතනයක් ලබාදී තිබෙනවා...
Dr. SirilaL Warnakula Thursday, 07 October 2021 09:53 PM
එය කිලෝමීටර 1 ක් විය යුතුය.
wick Friday, 08 October 2021 05:44 AM
ලොටරි පාසල ඉදිරිපිටින් ඉවත් කළ යුතුය. දෙමාපියන්ට නරක පුරුද්දක් ඇත, මිලදී ගැනීමට මුදල් ලබා දීම, ඔවුන් පසුකාලීනව අධ්‍යාපනය ලැබීමට කිසි විටෙකත් සිතන්නේ නැත.
චන්දන Friday, 08 October 2021 09:35 AM
මේක රටේ පවතින නීතියක් . එය ක්‍රියාත්මක කරන්නත් උසාවි නියෝග අවශ්‍ය ද.