IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සරසවි අනධ්‍යන සේවකයෝ අඛණ්ඩ වර්ජනයක

(නිමල කොඩිතුවක්කු)

වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළ ද ඊට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බැවින් මෙම තීරණය ගත් බවත් ඔහු සඳහන් කළේය. තම ගැටලු නිරාකරණය කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රීයාත්මක කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාරික මණ්ඩලයේ 15%ක වැටුප් කප්පාදුව සහ අනෙකුත් ඉල්ලීම් පිළිබඳව වසර 07 ක කාලයක සිට සිදුකරන ඉල්ලීම් පිළිබඳව බලධාරීන්ගේ නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අනධ්‍යන සේවකයන් යොමුවී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාල වෘත්තිය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී. ඒ. ඩී. සුරංජීව මහතා පැවසීය .

පේරාදෙණිය - ෂේන් සෙනෙවිරත්න

සබරගමුව - ප්‍රින්ස් රත්නායක



අදහස් (4)

සරසවි අනධ්‍යන සේවකයෝ අඛණ්ඩ වර්ජනයක

Thusara Thursday, 02 May 2024 06:36 PM

මම විශ්වවිද්‍යාල පද්ධතියක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙක් විදියට වැඩ කළා. මම කියන්නේ යුජීසීය යටතේ ඕනෑම විශ්ව විද්‍යාලයක 11 ශ්‍රේණියේ ගුරුවරයකුට වඩා වැඩි වැටුපක් කාර්යාල සේවකයක කෙනෙක් හෝ වැඩ සහයකයෙක් ගන්නවා කියන එක විතරයි. මොනතරම් කණගාටුවක්ද? 111 ශ්‍රේණියේ කළමනාකරණ සහකාරවරුන් බඳවා ගනු ලබන්නේ අමාත්‍ය ලැයිස්තුව අනුව ප්‍රායෝගික ක්‍රමයක් ලෙසය. යුජීසීය ක්‍රමයේ බොහෝ අතිරික්තයන් තිබේ. උදාහරණයක් ලෙස, යුජීසීය අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ලිපිකරුවෙකු සඳහා වන වැටුප් සූත්‍රය මෙන්න> රු. 36,000 මූලික ජීවන වියදම් 55% අමතර දීමනාවක් ලෙස 7700 වැටුප් ගැලපීම 2016 චක්‍රලේඛයට අනුව අධ්‍යාපනඥයාට ලැබෙන අධ්‍යයන දීමනා නිසා ඔවුන් වැඩිපුර ඉල්ලා සිටිති. මෙම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ බහුතරයක් සුදුසුකම් ලත් දේශපාලන පත්වීම් යටතේ සිටින බැවින් ඔවුන් සියල්ලෝම ඇත්තෙන්ම මේ රටට ශාපයකි. දවසකට ලියන්න පුළුවන් ඒත් මෙතනින් නවතිනවා.

:       0       0

Lal Thursday, 02 May 2024 09:32 PM

මුන් කොහොමත් කරන වැඩක් නෑ... Ice කඳු මුන්....

:       0       1

abeygunasekarasampath95 Thursday, 02 May 2024 09:43 PM

මේවා රටා කඩාකප්පල් කරන වැඩ .අප්‍රේල් පඩිය ගන්නකම් ඉඳලා වර්ජනය කරන්නේ මැයි ඉවර වෙලා ජුනි වෙනකම් ඉන්න ද්නෙන ඕනේ .ආයේ ස්ට්‍රයික් නොකරන්න මේ යකාට පඩි ගෙවන්න ජනතාවට වැට් ගහන්න දේශපාලකයන්ගේ පක්ෂ අරමුදල් වලින් ඉල්ලගන්න

:       0       1

Warnasinghe Friday, 03 May 2024 06:23 AM

අනේ අපොයි විභාග වලට පෙනී සිටීමට නියමිත විවි දරුවන් ගේ අනාගතය රජයත් මොවුනුත් එකතුව බිල්ල ට අරන්

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 323 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 165 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 387 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 445 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1328 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 363 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site