IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සරසවි අහිමි සිසුන් කොතලාවලට යවන්න

(ඩිල්ශානි චතුරිකා දාබරේ)

ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ, විශිෂ්ටම සාමාර්ථ ලබාගත් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බදවා ගැනීමේ හැකියාව පිළිබදව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අද (02) උපදෙස් දුන්නේය.

විශ්වවිද්‍යාලවලට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් අරලියගහමන්දිරයේ දී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ අද පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව
සඳහන් කළේය.

සරසවි ප්‍රවේශය අහිමි වූ සිසුන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියත්මක කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී පැවසූ කරුණකට අදාලව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා පැවසූයෙ, රජය ප්‍රතිපාදන ලබාදෙන්නේ නම් ඔවුන් බදවාගැනීමට තම විශ්වවිද්‍යාලයට හැකි බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව යමින් මෙවර වැඩිපුර බඳවාගත් සරසවි සිසුන් 10588 දෙනෙකුට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාදෙන්නැයි ද එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එසේම, වසරේ දී විශ්වවිද්‍යාල සඳහා දරුවන් 41000 ක් බඳවාගෙන ඇතැයි පෙන්වා දුන්විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, 10588 ක් තරම් සිසුන් සංඛ්‍යාවක් මෙවර විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර බඳවා ගෙන ඇත්තේ නිදහසෙන් පසු පළමු වතාවට බව අනාවරණය කළේය.

බිලියන 5ක පමණ අමතර මුදලක් විශ්වවිද්‍යාල පද්ධතියේ භෞතික හා මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය වී ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දැනට ලබාදෙන මුදල් ප්‍රතිපාදනවලට අමතරව මෙම අතිරේක මුදල් පියවරෙන් පියවර අදියර කිහිපයකින් විශ්වවිද්‍යාල පද්ධතියට මුදාහරින්නැයි උපදෙස් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඒ සම්බන්ධ ක්‍රමවේදය මහා භාණ්ඩාගාරය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව එක්ව සාකච්ඡා මාර්ගයෙන් තීන්දු කරගන්නැයි දන්වා සිටියේය.

 

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස්, අග්‍රාමාත්‍ය ලේකම්ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කේ. කපිල සී. කේ පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස් ඩී ජුඩ්නිලුක්ෂාන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් මහාචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහත්වරු සහ සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරු මෙම හමුවට එක්ව සිටියහ.



(ඡායාරූප - අග්‍රාමාත්‍ය කාර්යාලය)



අදහස් (5)

සරසවි අහිමි සිසුන් කොතලාවලට යවන්න

Raveendra Wednesday, 03 March 2021 01:52 AM

මැදමූලන වලව්වට යවන්න බැරිද දන්නේ නෑ.. මෙවන් නූගත් පාලකයින්ගෙන් කොහොමත් අපිට මීට වැඩිය බුද්ධිමත් තීරණ බලාපොරොත්තු වෙන්න බෑ.

:       5       13

ලුම්බිණි Wednesday, 03 March 2021 03:57 AM

ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ, විශිෂ්ඨම සාමාර්ථ ලබාගත් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බඳවා ගන්නවා නම් ඉසෙඩ් අගය අයින් කරන එක ලෙහෙසි නැද්ද?

:       2       15

MO77 Wednesday, 03 March 2021 02:23 PM

අපිට බුද්ධි මට්ටම හිතාගන්න පුළුවන්... අධ්‍යාපන ඇමැතිතුමාගේ...!

:       0       3

sharm warn Thursday, 04 March 2021 03:45 AM

ඔයාගේ නංගිගේ පුතාව දාගන්න හදපු සයිටම් එක ආපහු අරින්නකෝ. ඔයාගේ නංගිගේ පුතා ඇරුණාම තව ගොඩක් ළමයි එතන උන්න විශිෂ්ඨ සාමාර්ථ ලබලා උඩ බලන් ඉන්න වෙච්චි...

:       0       1

sampath Sunday, 07 March 2021 05:29 PM

ජාතික සරසවි පද්ධතියේ ගුණාත්මකභාවය සහ ජීව ගුණය ඔය බෝඩ් කෑලි ගහගත්තු හැම තැනම නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 59 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 219 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 622 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 554 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1403 6

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1726 3

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site