IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


සරසවි ඇදුරෝ 519 ක් පැදුරටත් නොකියා මාරු වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 519 දෙනකු පසුගිය කාලයේදී  ( 2021 වසරේ  සිට  මෙම  වසරේ මේ දක්වා) සේවය හැර ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (21)  පැවසීය.

මීට අමතරව ආචාර්යවරුන් 663 දෙනකු  එම කාලසීමාවේදී  සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව පැවසූ අමාත්‍යවරයා ආචාර්යවරුන් තවත් පිරිසක් විශ්‍රාම ගොස් ඇතැයිද ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  ජාතික ජනබලවේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.

මම මේ ගැටළුව  සම්බන්ධයෙන්  ජනාධිපතිතුමා මහාභාණ්ඩාගාරය සහ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළා.  විශ්‍රාම ගිය සහ සේවය  හැරගිය හැර ගිය පිරිස වෙනුවට පිරිසක් බඳවා ගන්න කටයුතු  කරගෙන යනවා. ඒ ටික ගත්තත් තව දාහක් විතර අඩුයි.අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා ඒ සඳහා කටයුතු කරනවා.



 

 



අදහස් (9)

සරසවි ඇදුරෝ 519 ක් පැදුරටත් නොකියා මාරු වෙලා

Cisco Friday, 21 July 2023 04:11 PM

ඔවුන්ට ඉන්න හිටින්න බැරි තරමට ටැක්ස් ගහලා පැදුරට නොකියා ගිය එක ගැන දුක්වෙන්න එපා...

:       4       26

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Friday, 21 July 2023 05:44 PM

සරසවි ඇදුරෝ එහෙම රට හැර ගියාට සමහර රජයේ විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුපට අමතරව තවත් රජයේම ආදායම් මාර්ග කිහිපයක් තියෙනවා. මම වගකීමක් ඇතිවයි කියන්නේ... දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදේශකවරයා හිටපු රාජ්‍ය නිලධාරියෙක්. දැන් විශ්‍රාමිකයි. ඒ උපදේශකවරයා දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේත් සාමාජිකයෙක්. වැටුප් සහ දීමනා 3 යි. අනික වැඩේ කොච්චර වැරැදිද?. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්ද? ඇයි එයාම ආණ්ඩුකාරයාගේ උපදේශක වෙලත් ඉන්නවා. ඇත්තටම මේවා මහා අපරාධ. මේ අය ගන්නේ දකුණේ අසරණ ජනතාව ගෙවන බදු මුදල්. මේ අයට නම් කවදාවත් රට හැර යන්න වෙන්නේ නැහැ... මොනවා හරි කරලා සල්ලිම තමයි ඕනෑ. නැත්නම් මෙහෙම නීති විරෝධී විදියට ආයතන දෙකක එකවිට තනතුරු ගන්නවාද? ඉතින් මෙහෙම රටක සාධාරණ මිනිස්සු රට හැර යන එක වැරැදිද? ඇමැතිතුමනි, සොයලා බලන්න මම කියන්නේ බොරුද කියලා...

:       1       15

බද්රානි Friday, 21 July 2023 07:10 PM

ඒ අම්බරු රැල නම් රටින් පිට වුණයි කියලා මේ රටට සතේක පාඩුවක් නැහැ. මොකද, ලංකාවේ හිටියයි කියලා ඒ අය බුද්ධිමතුන් හෝ උගත් යහපත් පුරවැසියන් බිහිකෙරුවාද? මේ අයගේ ආකල්ප ගත්තොත්, දියුණු රටක පාර අතුගාන කම්කරුවෙකුටත් වඩා ආකල්ප වලින් නොදියුණුයි, ගෝත්‍රිකයි. යහපත් ආකල්ප ගොඩ නොනැගෙන අධ්‍යාපනයකින් ඇති පලේ මොකක්ද? ලංකාවේ විශ්වවිද්‍යාලයක උගතෙක් කියන්නේ, තනිකරම උද්දච්ඡ නරුමයෙක්.. කාට තිත්ත වුණත් ඇත්ත ඒකයි. ඇත්තම කියනවා නම්, ඇෆ්රිකන් රටක පවා ඒ රටක විශ්වවිද්‍යාල උගතෙක් කියන්නේ යහපත් වැදගත් නුගතුන්ට උපකාර කරන වැදගත් උසස් පුද්ගලයෙක්... ඒ රටවල අනෙක් පුද්ගලයින්ට වඩා ඔවුන් වෙනස්. ලංකාවේ කොහෙද එහෙම වෙනසක්. ඔක්කොම වල් සත්තු...

:       19       7

Nimal Friday, 21 July 2023 07:44 PM

පිටරට ලක්ෂ 10-20 දෙනකොට මොන ගොනාද මේ රටේ ලක්ෂ 1-2 පඩියට වැඩ කරන්නේ ඒකෙනුත් සෑහෙන ගාණක් ටැක්ස් ගහනවා. ඒ ගහන ටැක්ස් එකත් දේශපාලුවන් හොරා කනවා....

:       3       19

Perera Saturday, 22 July 2023 05:52 AM

තව නුවර එළියේ විශ්ව විද්‍යාලත් අරින්න හදනවා.

:       0       1

Rocky Saturday, 22 July 2023 05:52 AM

ඉන්න ටිකත් එළවලා දාන්න.. දැන් ඉන්න විශ්ව විද්‍යාල ඇදුරන් වැඩි දෙනෙකුට ඔවුන්ගේම විෂයන් පිළිබඳ ආව වුවත් ප්‍රමාණවත් දැනුමක් නැහැ.. !

:       0       1

Mahaachaarya Saturday, 22 July 2023 10:00 AM

මේ ගොල්ලන්ට කොහේද පඳුරු...? මේ ගොල්ලෝ නිදා ගන්නෙම හොඳ මෙට්ට සහ පුළුන් යහන්වල. ඉන්නේ මාලිගාවල්වල...

:       1       1

බද්රානි Saturday, 22 July 2023 02:21 PM

සංවර්ධිත රටවල්වල රජයේ ප්‍රධාන ආදායම තමයි ව්‍යාපාරිකයින් හා විවිධ රැකියාවල නිරත වූවන්ගෙන් ලබාගන්න බදු ආදායම. අතට ලැබෙන සියලුම මුදල් පොකට් එකට දාගැනීමට පුරුදු වී සිටින ලංකාවේ උගතුන් බදුවලට බයෙන් රටෙන් පලා යාමෙන්ම තේරෙනවනේ ඔවුන්ගේ මහලොකු උගත්කම..? යුරෝපය, ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල රැකියාව මත ගෙවිය යුතු බද්ද දැක්කාම මේ අයට මුහුදට තමයි පනින්න වෙන්නේ. ඒ රටවල පාර අතුගාන කම්කරුවෙක් පවා ඔවුන්ගේ ආදායමට සාපේක්ෂව රජයට බදු ගෙවිය යුතුයි. ඒ නිසා තමයි ඒ රටවල සෞඛ්‍යය, අධ්‍යාපනය, හා ආබාධිත අය වෙනුවෙන් විශාල මුදලක් රජය විසින් වෙන්කොට තිබෙන්නේ.. ඒ වගේම ආහාරවලට අයකරන බදු ඉතාම අල්ප නිසා ඒ රටවල කෑමබීම වල මිල ඉතාම අඩුයි. දුප්පතාටත් බඩ කට පුරා කන්න ලැබෙන්නේ ඒ නිසයි. ලෝකය ගැන මෙලෝ හසරක් නොමැති ලංකාවේ බඩ පිනුම් ගහන බක පණ්ඩිත උද්දච්ඡ ලෝන් මැඩි උගතුන් යයි සිතාගෙන පුද්ගලයින්ට දියුණු රටවල බාලාංශ පාඩම් පොතේ සිටම බොහෝ දේ ඉගෙන ගැනීමට සිදුවෙනු ඇත. අන්න එදාට තේරෙයි, සැබෑ උගතෙකුගේ ස්වභාවය හා ඔවුන්ගෙන්, රටට හා අනාගත පරම්පරාවට සිදුවිය යුතු ජාතික මෙහෙවර...

:       4       1

.ගාල්ගේ ගමගේ වසන්ත Saturday, 22 July 2023 05:25 PM

ඔය ජයවීර මහතා කියන කථාව ඇත්ත නම් වහාම දඩුවම් දෙන්න ඕනෑ. අනික සොයා ගන්න බැරි දෙයක් නොවෙයිනේ. බොරුවට සමුර්ධියයි, අස්සැසිල්ලයි අල්ලාගෙන ඒවා නිවැරැදි කරනවාට වඩා මේ ගසා කන සල්ලි රුපියල් දාහක් දෙදාහක් නොවෙයි. මේවා ලක්ෂ ගණන්... වහාම සොයන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 805 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 909 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 174 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 656 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 786 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 1378 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 490 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site