IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සරසවි ඇදුරන් බාගයක් රට ගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විශ්වවිද්‍යාලවල සිටිය යුතු ආචාර්යවරුන් 12000න් දැන් සිටින්නේ පන්දහසක්  පමණ අඩු සංඛ්‍යාවක් හෙයින්  ඒ ගැටලුව වහා  විසඳීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (5) ඉල්ලීමක් කළේය.

පළමුවැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා  සියලුම පාසල් සිසුන්ට පරිගණක අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දිය යුතු බව පැවසූ විපක්ෂනායකවරයා  කොරෝනා පැවති වසර දෙකේදී රටේ දරුවන්ට අහිමි වූ අධ්‍යාපනය  දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ  මන්දැයි ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ  විවාදයේදීය.



අදහස් (5)

සරසවි ඇදුරන් බාගයක් රට ගිහින්

කසුන් Tuesday, 05 December 2023 12:34 PM

සරසවිවල ආචාර්ය මහාචාර්යවරුන් පිටවෙලා යන්නෙ. ඒකට අලුතෙන් ‌නවක අය බඳවගත්තට විසඳුමක් ලැබෙන්නෙ නෑ. දැනුම් මට්ටම් සහ අත්දැකීම් අහසට පොලව වගේ ඒ ‌දෙපාර්ශවයේ. උසස් අධ්‍යාපන ඇමතිතුමා කියන්නෙ අලුතෙන් බඳවා ගන්නවා, අනුමැතිය ලැබුනා, කටයුතු කඩිනම් කරනවා වගේ බොලඳ කතා. ප්‍රවීන ආචාර්ය මහාචාර්යවරු වසර ගනනාවක් විදේශවල බොහොම මහන්සියෙන් ඉගෙන ගෙන පර්යේෂණ කරලා පොත්පත් ලියලා විභාග, සම්මුඛ පරීක්ෂණ පාස් වෙලා ඔය ‌ජ්‍යෙෂ්ටත්වය ලබා ගන්නෙ, මං දන්න තරමට . ඒ අයගේ ඉගැන්වීමේ පර්යේෂණ කිරීමේ හැකියාවට සහ කුසලතාවලට ගැලපෙන වැටුපක්, ජීවන තත්ත්වයක් අත් කරලා දෙන්නයි ඔ්න. රටෙන් යන එක නවත්වලා බුද්ධි ගලනය නවත්වා ගන්නයි ඔ්න. අපි ඇමතිකම් නැති සාමාන්‍ය මිනිස්සු. මේ අපට තේරෙන දේ ඇයි ඔය ඇමැතියන්ට නොතේරෙන්නෙ?

:       1       43

abaran Tuesday, 05 December 2023 01:09 PM

ඔය රට යන ඇදුරන් යන්නේ සරසවි රැකියාවලටම නෙවෙයි. ඉතාම අතළොස්සකට විතරයි එවැනි රැකියා ලැබෙන්නේ. ඔය යන අය අවුරුදු 45ට අඩුයි. මොකද අනිත් අයට ගිහින් වෙනත් රටක පදිංචි වෙන්න අවශ්‍ය විසා ලැබෙන්නේ නැහැ. අනික මේ අය ඔය කියන රටවලට ගිහින් මොන රැකියාව කළත් බදු ගෙවන්න වෙනවා. අපේ සරසවි ඇදුරන් ඇත්තටම වැඩකරන්නේ සතියකට පැය කීයද? වරප්‍රසාද ඉල්ලුවාට බොහෝ දෙනෙක් වගකීම් හරි හැටි ඉටුකරන්නේ නැහැ. මේක තමයි තිත්ත ඇත්ත....

:       1       0

Mo77 Tuesday, 05 December 2023 03:37 PM

සජිත් කට ඇරියොත් ගොන් කතාවක්... ගිහිල්ලා බලන්න scheme of recruitment ලංකාවේ විද්‍යාලය ගන්න විදියයි, පිටරට විශ්ව විද්‍යාලයට ගන්න විදියයි. එතකොට තේරෙයි වෙනස... ලංකාවට ගන්න පළමු උපාධිය කරපු කිසිම රිසර්ච් එකක් කරපු නැති අය... පිටරට ගන්නේ ආචාර්ය උපාධිය කරලා, රිසර්ච් කරලා තියෙන වයස සීමාවක් සලකන්නැතුව බඳවා ගන්නේ. ලංකාවේ මහාචාර්යවරු පිටරටවල් වල වැඩ කරනවා... ඔවුන් ලංකාවේ වැඩ කරන්න කැමැතියි. ඒත් ලංකාවේ විශ්ව විද්‍යාලවල වැඩකරන හැත්ත ඒවගේ ටැලන්ට් මහාචාර්යවරු ගන්න කැමැති නෑ. ඔය පිටරට විදිහට බඳවාගන්න... එවිට පිටරටවල වැඩකරන ශ්‍රී ලංකා මහාචාර්යවරු වයස සීමාවක් දන්නැතුව බඳවා ගත්තොත් (උපරිම 66) ඕනතරම් බඳවා ගන්න පුළුවන්. ඒ මිනිස්සු මුදල්වලට වඩා, රටට සේවයක් කරන්න එන්න කැමැතියි.

:       2       0

chandima Wednesday, 06 December 2023 01:39 AM

ඉතින් ඔබතුමාලට පුලුවන් නේ ගිහින් උගන්වන්න ?

:       0       2

Bamunuarachchi Wednesday, 06 December 2023 08:06 AM

මොනව අර එස්. බී ගොයියා කියන්නේ රට ගියා කියන හාදයින්ගේ 99% ගෙදර ඉඳන් වෙනවැඩ කරනවා කියලා. නම් ගම් පාස්පෝට් නොම්මර වලින් බලන්නකෝ රටින් පිටඋනාද නැතිනම් ගෙදර පෝල් ගානවද කියලා.කෝ එස් බී ලොක්කා නැගිටලා උත්තර දෙන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 409 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1095 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2573 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 2924 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 345 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 1217 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39368 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25662 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1134 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 390 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site