(දයාසීලි ලියනගේ)
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා පසුගිය වසර දහය ඇතුළත අධ්‍යන දීමනා වශයෙන් රුපියල් කෝටි අටසියයක් පමණ ගෙවා ඇති බව වාර්තා වේ.
එහෙත් මෙම අධ්‍යන දීමනා ලබන බොහොමයක් දෙනා තම විෂයට අදාළව පර්යේෂණ අධ්‍යන ඉදිරිපත් කර නැති අතර අවශ්‍ය කරුණු පරිශීලනය කිරීමක් ද කර නැති බව විගනන වාර්තා පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුපෙන් සියයට 30 මෙම දීමනාව වශයෙන් ගෙවනු ලබයි. අධ්‍යනදීමනා ලබන ආචාර්යවරුන්ගේ අධ්‍යන කටයුතු දියුණු කර ගැනීම සඳහා ඔවුන් කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම නොකරන බවද එම වාර්තා සඳහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සරසවි ඇදුරනට වසර 10 අධ්‍යන දීමනා කෝටි අටසියයක්
jayantha Silva Monday, 27 February 2023 08:56 AM
මේක එක් දූෂණයක් විතරයි විශ්වවිද්‍යාල වල වන. ඇදුරනට පමණක් නොවේ මෙම දීමනාව විශ්වවිද්‍යාල තුල ලැබෙන්නේ. නිලධාරීන්ටත් මෙම පර් යේෂණ දීමනාව ලැබෙනවා. පුස්තාල නිලධාරීනුත් මේ දීමනාව ගන්නවා කිසිම අධ්‍යයන කටයුත්තක නොයෙදී. පාසල් ගුරුවරු මීට වඩා කාර්‍යයක් රටට කරනවා. ඔවුනට මේ කිසිවක් ලැබෙන්නේ නෑ. මේක මහජන මුදල් හොරා ගැනීමක්.
අරගල Monday, 27 February 2023 01:36 PM
හැබැයි ඔය ඇදුරන් බොහෝ දෙනෙක් අරගලයෙදි ඉස්සරහින්ම ඉඳන් කෑගැහුව දූෂණ නාස්ති නැති කරන්න කියලා අනික් අයගේ. තමුන් කරන ඒවා හොඳයි. උදාහරණයක් තමයි මහාචාර්ය සෞම්‍ය ගුනැත්තා. ආචාර්ය උපාධිය වගේ එකක් කරන්න රටේ සල්ලිවලින් ශිෂ්‍යත්වයක් අරන් අවුරුදු අටක් බඩ ගාලා මුකුත් කරන් නෑ. ඒක අහුවෙලා මහාචාර්ය පට්ටම අයින් කරන්න ගියාම ආණ්ඩුවට වයිර බැඳලා කැගැහුව. තමුන්ගේ යුතුකම හා වගකීම ගැන මේ ගොඩක් අයට වැඩක් නෑ.
indika Monday, 27 February 2023 09:02 AM
පිං ජනදිපතිගේ පිං පඩි ගන්න උපදේශක ගැනත් ඔයාගේ පත්තරේ ලියන්න
චන්දන Monday, 27 February 2023 09:49 AM
ලංකාවෙ සරසවි ලෝක මට්ටමේ ගත් විට තියෙන්නේ ඉතා පහල ශ්‍රෙණි ගත කිරිම් වල. ඒක එම සරසවි වලින් උපාධි ගත් අයට අවාසිය . ඒව ඉහල මට්ටමේ තියාගන්න තියෙන නිර්ණායක අතරෙ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඉහල සුදුසුකම් බලපානව. එනිසා මේ වියදම ආයෝජනයක් වියයුතුය . රජයඊට එකඟ නැති නම් ඔවුන් වෙනත් රටවල විශ්ව විද්‍යාල වලට සම්බන්ධ වෙනව. බුද්ධි ගලනය නවත්වා ගන්න නම් මීට වඩා ඉදිරියට හිතන්න ඕන .
රමණී හෙට්ටිආරච්චි Monday, 27 February 2023 09:49 AM
කෝප් කමිටු හිටපු සබාපතිත් පේරදෙනියේ දර්ශන දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයෙක්. එයත් අරගෙන තියෙනවා. කරපු වැඩකුත් නෑ. හැබැයි එයාත් මේ ගැන ලොකුවට කතා කරපු කෙනෙක්.
මගෝඩිස්තුමාMonday, 27 February 2023 11:28 AM
අවුරුදු 75 ක පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ හිටියෙ එකම සභාපතිද රමණි අපිට කියන්න තියෙන්නෙ ගාය ඇත්තෝ මැරයෝ දූෂිතයෝ කතිබොති කියලා තමයි උද්ඝෝෂණ කරති බදු එපාකියා වර්ජන තර්ජන කරති කියලා තමයි
anura Monday, 27 February 2023 10:16 AM
ඕකට තක්කඩිකම් කරන අනධ්‍යන ඇඩ්මින් ස්ටාෆ් එකට ගෙවන බොරු දීමනා හොයල බලන්න. මෙලෝ දෙයක් නොකර එයාල ගන්න වරප්‍රසාද බලන්න. ලෙක්චර් කෙනෙක් රිසර්ච් එකක් කොහොමත් කරන්න ඕන. අරුන් ටික සල්ලි බා ගන්නේ මොනවත්ම නොකර.
Dr Sampath Jayaweera Monday, 27 February 2023 11:09 AM
මම හිතන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාව පර්යේෂණ දීමනාව ප්‍රයෝජනයට ගනිමින් යම් දුරකට වැඩ කරනවා. මෙය අඩු වියදම් පරිභෝජන භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමට උපකාරී වනු ඇත. නමුත්, අපි පර්යේෂණ ප්‍රතිපල සලකා බලන විට අපට විශාල ආධාර අවශ්‍ය වේ. අවාසනාවකට, අපි වසර 4 සිට 5 දක්වා එවැනි ප්‍රදානයක් ලබා දී නොමැති අතර අපට හොඳ පර්යේෂණ ප්‍රතිසාධනයක් ලබා ගත හැක්කේ කෙසේද.
academic Monday, 27 February 2023 11:30 AM
පර්යේෂණ කටයුතු සඳහා අධ්‍යයන දීමනාව ගෙවනු ලබන අතර සෑම විද්‍යාර්ථයෙක්ම එම පර්යේෂණ කටයුතු සඳහා සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.
Kantha Monday, 27 February 2023 12:16 PM
හැමෝම දේශපාලන නායකයින් වගේමයි. කවුරුවක්වත් රටට ආදරේ නෑ.. බොරුවට කිඹුල් කදුළු හෙලනවා. මේ වගේ තක්කඩි රැලක් ඉන්න රටක් කිසිදා ඉදිරියට යන්නේ නෑ...
Rocky Monday, 27 February 2023 12:50 PM
සමහර විශ්ව විද්‍යාලවල අඳුරන්න තබා මහඇදුරන්ටවත් ඔවුන්ගේ විෂය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නෑ.
mahipala Monday, 27 February 2023 02:24 PM
අපේ වි. විද්‍යාල ආචාර්යවරුන් අතර අවංකවම වැඩකරන ඇත්තටම හොඳ අය 5%ක් විතර ඉන්නවා. අනෙක් අය නිකන් කයිවාරු කාරයින් විතරයි. තමන්ගේ මඩිය කොහොමද තරකරගන්නේ කියන එක තමයි ඔවුන් බලන්නේ.... වරප්‍රසාද ගැන ලොකුවට කයිවාරු ගැහුවාට යුතුකම් හා වගකීම් ගැන කිසිම තැකීමක් නැහැ... වෙනත් රටවල වි.වී. ආචාර්ය වරුන් සමග අපේ රටේ වී වී ආචාර්යවරුන් නිසි සැසඳීමක් කළොත් පෙනේවි අපේ අය ඉන්නේ කොහේද කියලා. ඒනිසා මේ අයගෙන් 2% කටවත් වෙනත් හරිහමන් රටක වි විද්‍යාල සේවයට ඇතුළත් වෙන්න බැහැ... නමුත් බොරු කයිවාරු ගහනවා.. අපි මේ රට වෙනුවෙන් හිතලා තමයි රට දාලා නොයන්නේ කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. දන්නෝ දනිති වී විද්‍යාල ඇතුලේ සිද්ධවෙන දේවල්...
himal Monday, 27 February 2023 03:19 PM
මෙතන මේ අධ්‍යයන දීමනා කියලා දාලා තියෙන්නේ පර්යේෂණ දීමනාව ගැන. අධ්‍යයන දීමනා ලැබෙන්නේ ලෙක්චර්ලලාට. වැඩේ තියෙන්නේ ඔය කොහොමත් කරනවා කියන රිසර්ච් එකයි, ළමයින්ගේ රිසර්ච් එකයි එකට යන්නේ කොහොමද? අවුරුද්දට මෙච්චර රිසර්ච් කළා කියන ලෙක්චර්ලා බලද්දී තමන්ගේ ශිෂ්‍යයින් කරපු ඒවා බර ගාණකට නම් දාගෙන අධීක්ෂණය කළා කියලා. තමන්ගේ දේශනයට එන්නේ නෑ... ඒක අලුත ආපු ඩිමෝ කෙනෙක්ට දීලා ටියුෂන්වලට යන අය කීයක් ඉන්නවාද? දීමනා අරගෙන සතියට පැය කීයක් උගන්වනවාද කියලා බලන්නේ නැත්තේ ඇයි...?