IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සරසවි සිසුන් වැඩි පිරිසකට හරිහමන් කෑමක් නෑ

(සුජිත් හේවාජුලිගේ )

විශ්වවිද්‍යාලවල සහ පාසල්වල සිසුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ආහාර හිගකමින් දැඩි පීඩාවට පත්ව සිටින බව අධ්‍යාපන බලධාරීහු පෙන්වා දෙති.

මේ හේතුවෙන් එම සිසුන්ගේ පෝෂණය සහ වර්ධනය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුව ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසේ.

සිසුන්ගෙන් වැඩි පිරිසක් දිනකට ලබාගන්නේ ආහාර වේලක් හෝ දෙකක් පමණක් බව පවසන එම බලධාරීහු පවතින ආර්ථික තත්වය හේතුවෙන් පෝෂදායි ආහාර වෙනුවට පෝෂණය අඩු පිටි සහිත ආහාරවලට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇතැයිද සඳහන් කළහ.

මේ අතර සමහර විශ්ව විද්‍යාල සිසුන් ආහාර කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන බව විශ්ව විද්‍යාල ආරංචිමාර්ග වලින් පැවසේ.

විශේෂයෙන්ම නිවාඩු දිනවලදී දවසේ වැඩි වේලාවක් නිදාගෙන දහවලේ ඇහැරී එක් වේලක් පමණක් ගැනීම එක් උපක්‍රමයක් බවත් වෙඩි කාල වේලාවක් නිදා ගැනීමෙන් ආහාර මගහැරීමට අවස්ථාව සැලසෙන්නේ යැයි ඔවුන්ගේ අදහස බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.

දැඩි ආහාර හිඟයට මුහුණදී සිටින්නේ ඈත දුර බැහැර ප්‍රදේශවලින් විශ්ව විද්‍යාලවලට පැමිණ සිටින දරුවෝ වෙති.

මේ අතර දැඩි ආර්ථික පීඩනය හේතුවෙන් මුදල් සොයා ගැනීමේ අරමුණින් මත්ද්‍රව්‍ය විකිණීම, ගණිකා වෘත්තිය සහ සම්භාහන ආදී නීති විරෝධී කටයුතුවලට ඇතැම් සිසු සිසුවියන් යොමුවී සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයි විද්‍යාල ආචාර්යවරු පෙන්වා දෙති.

ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ හේතු මත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 10 කට ආසන්න පිරිසක් පසුගිය දිනවල සියදිවි හානි කර ගත්හ. ඉන් වැඩි පිරිසක් උතුරෙන් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙති.

 



අදහස් (11)

සරසවි සිසුන් වැඩි පිරිසකට හරිහමන් කෑමක් නෑ

චන්දන Saturday, 30 September 2023 09:44 PM

ඒකට කමක් නැහැ. IMF කියන විදියට වැඩ කරපල්ලා. ඔබලා ඉගෙන ගත්තොත් තමයි ප්‍රශ්නේ. විභාගත් කල්දාලා ටිකක් ඇදගෙන ගියාම බුද්ධිමතුන්ගේ ප්‍රශ්නත් ඉවරයි. රට හැර දාලා යන එකේ ප්‍රශ්නෙකුත් නැහැ... මොවුන්ට හෙන හතම ගහන්න ඕන මේ කරන අපරාධ වලට...!

:       3       2

Kcn Sunday, 01 October 2023 06:49 AM

නංගිලා මල්ලිලා දුක්වෙන්න එපා. ඔය අවුරුදු කීපය කට්ට කාලා පිටරට රස්සාවකට සුදුසුකම් සපුරා ගන්න. ඊට පස්සේ මේකෙන් තොලොංචි වෙන්න. ඔය කාලේ රට හදන්න, අරගල කරන්න කාලේ නාස්ති කරන්න එපා. මේවා හදන්න පුළුවන් රටවල් නෙමේ...

:       1       5

Bamunuarachchi Sunday, 01 October 2023 07:18 PM

ආබොල Kcn අපේ බදූ මුදලින් ඉගෙනගෙන, අපේ බදු මුදලින් මහපොළ ශිෂ්‍ය දීමනා අරගෙන ඉගෙනගෙන පිටරට පනින්න? ගමේ පොල්ගහ කට යවා ගන්න කොල්ලෙක් නැහැ. ඔබලාට කන්න ලැබෙන්නේ JVP උද්ඝෝෂණවලට යන දවස් වලට විතරයිද?

:       4       2

රංජිත් Sunday, 01 October 2023 07:11 AM

කොහොමත් රටේ තියෙන ප්‍රශ්න විශ්වවිද්‍යාල කියලා නෑ. ඒවාටත් අදාලයි. එහෙව් ප්‍රශ්න විසඳන්නේ නැතුව පෞද්ගලික විශ්ව විද්‍යාල දාන්න යනවා. තුන්වේල කරන්නවත් බැරුව කොහොමද පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සල්ලි දෙන්නේ...?

:       1       4

යෝගා Sunday, 01 October 2023 07:33 AM

ඒ වුණාට සරසවි සිසුන් හැමෝම ගාව ස්මාර්ට් ෆෝන් නම් තියෙනවා..!

:       4       8

සුපුන් Sunday, 01 October 2023 08:27 AM

ඕක විශ්ව විද්‍යාලවලට විතරක් නෙමෙයි. රටේ සැමතැනම තියෙන ප්‍රශ්නයක්. බහුතරයක් මේ රටේ මිනිස්සුම මේවාට වග කියන්න ඕනෑ. අවුරුදු ගාණක් මාරුවෙන් මාරුවට දෙපැත්තේ ඉන්න හොරු රංචුවකට කඩේ ගිහින් මේ රට මේ තත්වෙට පත් කරගත්තේ ඔවුන්...!

:       2       3

කිරිපුතා Sunday, 01 October 2023 09:30 AM

මේ වාර්තාවේ සත්‍යතාවය කොතෙක්දැයි සොයාබැලීම අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යයකි...! 

:       2       2

nisjan Sunday, 01 October 2023 10:46 AM

කැපකරු ක්‍රමයක් විශ්ව විද්‍යාලය මගින් කරන්නේ නම් විදෙස්ගත අය හා සංවිධාන සහාය දෙනු ඇත...!

:       0       1

සමන් Sunday, 01 October 2023 05:39 PM

JVP පෙරටුගාමී සහ අන්තරේ එකතු වී මේ ගැන සොයා බලන්න. නවක වදය සහ අනිකුත් දේශපාලන කටයුතු සඳහා විශ්ව විද්‍යාල සිසුන් නම්මා ගන්නා ඔවුන්ටද මෙහි වගකීමක් තියෙනවා. අපි මේ දරුවන්ට කන්න දෙන එක වෙනම කතාවක්. නමුත් අප කැපකරුවන් ලෙස වියදම් කරන මුදල් වලින් අන්තිමට සිදු වෙන්නේ මේ ළමයින් කාගෙවත් දේශපාලන ඕනෑ එපාකම් සපුරන එක නම් අපේ සල්ලි වලින් පලක් වෙයිද?

:       0       2

fairoos Sunday, 01 October 2023 12:37 PM

ගෝඨාභය රටට කරපු විනාශය සහරාන්ගේ බෝම්බයටත් වඩා බරපතලයි. බයියන්ට දැන් සැපයි නේද?

:       5       3

ගමේ එකාලා Sunday, 01 October 2023 04:35 PM

ජනතාවගේ කතිරෙන් බලයට ආපු කාලකන්නි බලලෝභී බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්ට නම් කිසිම අවුලක් නැහැ. ඔවුන් හොඳට කාලාබීලා, සැපෙන්, සතුටින්, හොඳින් ඉන්නවා ජනතාවගේ පිහිටෙන්...! 

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1625 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 595 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 218 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 308 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 146 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 97 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39998 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 224 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1301 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site