IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සරසවිවල වටපිටාව දරාගන්න බෑ: රූමි රූබන් කියයි

(සුජිත් හේවාජුලිගේ  සහ නිමන්ති රණසිංහ )

විශ්වවිද්‍යාල පරිසරයේ පවතින යම් යම් පීඩාකාරී තත්වයන් හේතුවෙන් දරුවන් සියදිවි හානිකර ගැනීම  වැනි ඉරණම්වලට  ගොදුරුවිය  හැකි බව  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.

සමහර විශ්ව විද්‍යාලවල ඉගෙනුම්  ක්‍රියාවලිය නිර්මාණයවී ඇත්තේ  පීඩනය වැඩිවන ආකාරයට බවද ඔහු සඳහන් කළේය.

පීඩනය සමග ඇතිවන  විශාදය  වැනි තත්වයන් සහ  ආවේගශීලීත්වය හේතුවෙන්  ශිෂ්‍යයන් මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණම්වලට ගොදුරු විය හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා  ආර්ථික පීඩනය සහ නවකවදය වැනි හේතුද මේ තත්වය උත්සන්න කළ හැකි බව ප්‍රකාශ කළේය.

සමහර දරුවන්ට කුඩා කාලයේ සිටම මවුපියන් ඔවුන්ගේ සියලු වැඩකටයුතු කරදීම නිසා ප්‍රශ්න  දරාගැනීමේ හැකියාව නැතිවන බවත් සමහර ශිෂ්‍යයන් සමාජය සමග ගැටෙන්නේත් ප්‍රශ්නවලට මුහුණ දෙන්නේත් විශ්වවිද්‍යාලවලට පැමිණි පසුව බවත්  රූමි රූබන් මහතා කීවේය.

බොහෝ ශිෂ්‍යයන් නිවෙස්වලින් ඈත්වී නේවාසිකාගාරවල තනිවීමෙන් විවිධ මානසික ව්‍යාධීන්ට ගොදුරුවන බව පෙනී ගොස් ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

සරසවිවල වටපිටාව දරාගන්න බෑ: රූමි රූබන් කියයි

රනේ Friday, 16 June 2023 05:47 PM

රටේ අනාගතය?

:       3       19

චන්දිම ෆොන්සේකා Friday, 16 June 2023 09:26 PM

මේකනේ කතන්දරේ. පේරාදෙණියේ ඉංජිනේරු පිඨයේ පළමු වසරේ අවසානයට පවත්වන විභාගයෙන් වැඩියෙන් රැකියා අවස්ථා තියෙන පාඨමාලාවලට ගන්නේ ටික දෙනයි. ඉතින් හැමෝම තරග කරනවා. බලාපොරොත්තු කඩවෙන බව දැනුණාම ආතතිය වැඩිවෙනවා. මොකද අද සිවිල් ඉංජිනේරු අංශයේ රැකියා අඩුවෙලා. හැමෝම ට්‍රයි කරන්නේ ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවට යන්න. ඒ නිසා ඒ ගැනත් හිතන්න ඕනෑ.

:       0       0

Mahaachaarya Saturday, 17 June 2023 10:34 AM

කාටහරි පින්සිද්ද වෙයි, නවක වදය දෙන ඔය පීඩාකාරී හැතිකරය එළවලා හරි, විනාශ කරලා හරි දාන්න පුළුවන් නම්... අඩු තරමින් යහපත්, විනයගරුක සහ සාමකාමී පවුල්වලින් එන දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් වෙයි.

:       2       7

Ranjith Sunday, 18 June 2023 07:28 AM

ඉස්සෙල්ලම ඔය රැග්කරන අය ජීවිත කාලෙටම කැම්පස්වලින් එලවන්න ඕනේ. ඔවුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානව අයිතිවාසිකම් කඩකිරීම් උඩ හිරේ දාන්න ඕනේ. ළමයින්ට මීටවඩා පහසුවෙන් තමන්ගේ මානසික පීඩනය අඩුකරගන්න ඔවුන් ආචාර්ය මණ්ඩලය මගින් පත්කරන පුද්ගලයින් යොදවන්න ඕනේ... පිටරට විශ්ව විද්‍යාලවල වගේම... ඉතාමත් දුප්පත් ළමයි වෙනුවෙන් මෙයට වඩා මැදිහත්වීම් කරන්න ඕනේ... ඔය පෙළපාලිවලට බලෙන් ළමයි ඇදන් යන හැත්ත හිරේ දාන්න ඕනේ...!

:       0       0

සුනේත්රා කල්‍යාණි Thursday, 22 June 2023 10:14 PM

ලමයින් සහ ආචාර්යවරුන් අතර මනා සබඳතාවක් තිබිම කාලීන අවශ්‍යතාවයකි..එසේම ලමයින්ට පොතටම සීමාවුන අධ්‍යාපනය සහ අසීමාන්තික දෛනික වැඩ පීඩාකාරීය.රටේ පවත්නා අවිනිශ්චිත බවද මනස ව්‍යාකූල කිරීමට හේතුයි..අඩු ආදායම් දරුව න් සහ භාෂා ප්‍රශ්න ඇති දක්ෂ දුෂ්කර පලාත්වලින් එන දරුවන්ට කල් ඇතිව විශේෂ අවධානයක් සහ වැඩ පිලිවෙලක් අවශ්‍යයි.සෑම දරුවෙකුටම පහසු මිලට පෝෂණය පිරි ආහාර වේලක පහසුකම දීම.සරසවි සිසුන් සදහා සපයන ආහාර පිලියෙල කිරීමට භාවිත කරන අමු ද්‍රව්‍ය වල සෞඛ්‍ය සම්පන්න බව ඇගයීම කල යුතුමයි .ලමයින් ද විනය ගරැක විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 33 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 891 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2788 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1887 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1032 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1211 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27392 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19741 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 391 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site