(සුජිත් හේවාජුලිගේ )
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවෙන් අපහාසයක්වූ බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාට රුපියල් කෝටි පහක 5 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව එල්ල කළ චෝදනාව පදනම් විරහිත මෙන්ම තැති ගන්වනසුලු එකක් බවත් තමා එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් සලේ මහතා එම එන්තරවාසියෙන් දැනුම් දී ඇත.
මේජර් ජනරාල්වරයා මෙම එන්තරවාසිය යොමු කර ඇත්තේ නීතිඥ ලක්ෂිකා බක්මීවැව මහත්මිය මාර්ගයෙනි.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම් පුද්ගලයා තමා මුණගැසී ඇති බවට පියතුමා එල්ල කරන චෝදනාවද මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හෝ ඔහුගේ අනුගාමිකයෙකුට හෝ සංවිධානයකට ලද මූල්‍ය ආධාර හෝ සහාය දුන් බව කියැවෙන ප්‍රකාශ සියල්ලද ප්‍රතික්ෂේප කරන බව සලේ මහතා එම එන්තරවාසියෙන් ප්‍රකාශ කර ඇත.
පියතුමා සඳහන් කරන කාලයේදී තමා සිටියේ විදේශගතව වෙනත් රැකියාවක නිරතව බවද ඔහු දැනුම් දී ඇත.
මෙම වන්දි ගෙවීමට අපහසු වුව හොත් දැනුම් දීමකින් තොරව රොහාන් සිල්වා පියතුමාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බවද එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන්වේ.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සලේ රොහාන් පියතුමාගෙන් කෝටි පහක් ඉල්ලයි
බද්රානි Wednesday, 30 August 2023 06:58 PM
මේක මහා පුදුම රටක්නේ... හිරේ ලගින්න ඕනා එවුන් ඇත්ත කතාකරන පුද්ගලයින්ව, සල්ලිත් අරගෙන හිරේට දක්කන්න උත්සහ කරනවා... පාස්කු ප්‍රහාරයට අනුබල දුන්නු මිනීමරුවන්ට පිස්සු හැදී, ඇත්ත වමාරන දවස වැඩි ඈතක නැහැ....!!!
පූර්ණ Thursday, 31 August 2023 01:00 PM
මිනිස්සු ඉන්ඩ ඕනෙ එකම මතය තමයි, "ප්‍රහාරය වෙද්දි පාර්ලිමේන්තුවෙ හිටපු හැම දේශපාලකයෙක්ම වගකීම භාරගන්ඩ ඕනෙ" කියන එක. බලයේ හිටියෙ අරය මෙයා කියල කථාවක් නෑ. ඔහොම දෙයක් ආවම ඒ හැමෝගෙම පුද්ගලික ආරක්ෂක අංශවලට ඕව ලස්සනට දැනුම් දෙනව. ඒ නිසා "අපි දැනන් හිටියෙ නෑ" කියල කාටවත් බේරෙන්ඩ බෑ. මැරුණු මිනිසුන් වෙනුවෙන් සාධාරණයක් නොවුණෙ, තමන් කැමති දේශපාලකයා හැර අනිත් උන් පමණක් මේකට වගකිවයුතුයි කියල සමහරු හිතන නිසා.. එච්චරට ම මිනිස්සු දේශපාලනයෙන් කුණු වෙලා..