IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


සාලේ සාක්කි දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

අන්තර්ජාතික යුක්ති සංසඳය  සූම් තාක්ෂණය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වු රැස්වීමකදී මීගමුව සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිරිල් ගාමිණී පියතුමා ඉදිරිපත් කළ කරුණුවලින් තමාට පමණක් නොව තම දරුවන්ටද අගතියක් වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවේ සාක්කි දෙමින්  පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වු රැස්වීමකදී පියතුමා ඉදිරිපත් කළ කරුණුවලින් සිය කීර්තිනාමයට හා රාජකාරී දිවියට අගතියක් වූයේ යැයිද සිය දරුවා පාසලෙන් ඉවත් කරගැනීමට පවා සිදුවුයේ යැයිද සුරේෂ් සලේ මහතා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා නම් කොට ඇත'

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශීය සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා අන්තර්ජාතික යුක්ති සංසඳය විසින් 2021 ඔක්තෝම්බර් 23 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වු සම්මන්ත්‍රණයකදී තමන් සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ඉදිරිපත් කොට ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු ඉන් තමන්ට සිදුවු අපහාසයට සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගෙන් රුපියල් මිලියන 30ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලීමක් කොට ඇත.

පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාර මීගමුව සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිරිල් ගාමිණී පියතුමාද අධිකරණයේ පෙනී සිටියේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පහන් වීරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කිදුන් සුරේෂ් සලේ මහතා තමන් වසර 36ක කාලයක් සේවය කොට ඇතැයිද තමා දරු දෙදෙනකුගේ පියකු යැයිද තම පවුලේ සහෝදරයන් සිව්දෙනාගෙන් තිදෙනෙක්ම රට වෙනුවෙන් හමුදාවේ සේවය කොට අතපය පවා දන් දී ඇතැයිද කීය.

 



අදහස් (9)

සාලේ සාක්කි දෙයි

බද්රානි Monday, 04 September 2023 08:21 PM

ලංකාවේ මිනීමරු තක්කඩි කෙරුමුන්ගේ කෙරුවාවල් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව හෙට අනිද්දා එළියට දාපුවාම ඔය තප්පුලන කාගේ කාගේත් රෙදි ගැලවෙයි... ලංකාවේ නීතියෙන් ගැල වුණත් විශ්ව ධර්මයෙන් මේ මිනීමරුවන්ට ගැලවීමක් නැහැ... පරම්පරා ගානකට, සසර වසන තුරාවටම ශාප වේවා!!!

:       22       137

මැක්ස්Tuesday, 05 September 2023 06:03 AM

භද්‍රානි වැනි පවිටු නෝනාලා මහත්තුරැන්ට ඇත්තේ දේශපාලන වෛර ය පමණි. චැනල් 4 වැනි පාදඩ නාල්කා පසුපස ගොස් හෙණ ඉල්ලන්නේ තමන් උපන් රටට වීම මැයට නොතේරෙන්නේ ද වෛරය නිසාමය.

:       8       0

kushanTuesday, 05 September 2023 11:43 AM

චැනල් 4 ආයතනය ක්‍රියාකරන්නේ ඩයස්පෝරාවේ කොන්ත්රතුවක්. ඔය සාක්කි දීල තියෙන්නේ කවද දන්නවද ? අර LTTE එකේ හිටපු නායකයෙකු වන පිල්ලයන්ගේ මාද්‍ය ප්‍රකාශක. මුදල් වෙනුවෙන් හා මේ රට දෙකඩ කරන්න ඕනා ජාර වැඩක් කරන්න පුළුවන් උන් තමයි ඔය LTTE එකේ හිටපු කාලකන්නි. ඔය චැනල් 4ට සාක්කි දුන් ය ඇයි ලංකාවේ අධිකරණයට යන්නේ නැත්තේ? රාජපක්ෂලාගේ යම් සම්බන්ධතාවයක් තියෙනව ඇති නමුත් ලබන මාසේ ජෙනිවා සමුළුවේදී ලංකාවේ මානව හිමිකම උල්ලංගනය කරා කියල මහා ලොකු නාඩගමක් නටන්න . දැනට ලංකාවේ යාන්තම ගොඩ එන ආර්ථිකය නැවත වට්ටවන්න තමයි ඔය ඩයස්පෝරා කාරයන්ගේ බලාපොරොත්තුව.

:       5       4

එරංගTuesday, 05 September 2023 12:43 PM

97 වතාවක් විවිධ ක්‍රම මගින් පාස්කු ප්‍රහාරය ගැන අනතුරු අඟවා තිබියදීත් එය එල්ල වීමට මගපෑදු දේශපාලන ම්ලේච්ඡයින්ම, මෙි මෑතක සිරස විසින් රුපියල් 2000ට ගත් වොයිස් කට් මෑන් කෙනෙක් වගේ ම එකෙක් කියන ඒවා විස්වාස කරන එක ගැන පුදුම වෙන්න එපා. රාජපක්ෂල කන්ටේනර්වලින් උගන්ඩාවට මුදල් ගෙනිච්ච කියල විස්වාස කරන්නෙත් මේ තකතිරුවො ටිකමයි. ඇත්තටම ISIS විතරක් නෙවෙයි, මේ ප්‍රහාරයට තමන්ගෙ පුතාල දෙන්නම බිලි දුන්න ජවිපෙ ජාතික ලැයිස්තු ඊබ්‍රාහිමුත් මේවට හිනාවෙනවා ඇත්තෙ පස්ස පැත්තෙන්. උන්ව හෝදන එවුන් ඉන්නෙ ලංකාවේ විතරයි.

:       1       3

Lalla Monday, 04 September 2023 10:32 PM

රාජපක්ෂ පවුල මොන තරම් අපරාධකරුවන්ද කියල හෙට අනිද්දා ලෝකය දැන ගනියි. එතකොටත් උන්පස්සේ යනව නම් ඒ කාලකන්නින්ට දෙන්න ඕන මරණීය දණ්ඩනය පමණයි....

:       0       5

Perera Tuesday, 05 September 2023 09:11 AM

රාජපක්ෂලා මහමොලකරුගේ සැලැස්ම ක්‍රියාවට නැංවූයේ මේ හාදයයි දේශබන්දුයි

:       3       11

Hasitha Tuesday, 05 September 2023 10:14 AM

පාසල් කාලයේ සිටම ඉතාම විනීත දක්ෂ සිසුවෙක්.මා ගේ පන්තියේ රිස්වි සලේ ගේ සොහොයුරා .සුරේෂ් මේ රටට කළ සේවය අති විශාලයි සලේ පවුලම දේශප්‍රේමීන් .ඔවුන්ට මඩ ගසන්නේ මුග්දයන්

:       15       5

මැක්ස් Tuesday, 05 September 2023 11:41 AM

තම දේශපාලන අද බාලකම නිසා චැනල් 4 වැනි දුෂ්ට එසේම මිලට ගත හැකි මාධ්‍යවල මුදල් ගෙවා පල කරන දේ දේව වාක්‍ය සේ විශ්වාස අමන පිරිසක් සිටීම රටේ අවාසනාවකි. මෙම සාහසික උත්සාහට සිදු වන්නේත් "කිලින්ග් ෆීල්ඩ්" මඩ ගොහොරුවට වූ දේමය.

:       6       5

fairoos Tuesday, 05 September 2023 12:38 PM

රාජපක්ෂ යි වහල්ලුන්ට දැන් සැප ද ?කෝ බමුණුආරච්චි කොරෝනා හැදිලද ?

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1192 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2136 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 941 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9204 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3358 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site