සෙලාන් බැංකුව 2022 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස නවයක කාලය තුළ දී රු. මිලියන 2,505 ක පසු බදු ලාභයක් වාර්තා කිරීමට සමත් විය. නිදහසින් පසු ශ්‍රී ලංකාව වාර්තා කළ අයහපත් ම මූල්‍ය තත්ත්වයන් යටතේ ඇති වූ අස්ථාවර මූල්‍ය පසුබිමක් පවතින අවස්ථාවක දී මෙවැනි බදු පසු ලාභයක් නැවත වරක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් වීම මූල්‍ය විශ්ලේෂකයන්ගේ ප්‍රශංසාවට හේතු වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි.
සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස 9ක කාලය සඳහා බැංකුවේ ශුද්ධ පොලී ආදායම වසරක් මත වසරක් ආකාරයට සියයට 63.82 කින් වර්ධනය වූ අතර එහි මූල්‍යමය අගය රු. මිලියන 17,068 සිට රු. මිලියන 27,960 දක්වා වර්ධනය විය. එම මාස 9 ක කාලය තුළ දී බැංකුව් ශුද්ධ ගාස්තු පදනම් වූ ආදායම සියයට 38.22 කින් වර්ධනය වූ අතර එය රු. මිලියන 3,270 සිට රු. මිලියන 4,520 දක්වා ඉහළ ගොස් තිබිණ. මෙම වර්ධනය සඳහා මූලික වශයෙන් බලපා ඇත්තේ වෙළෙඳ මූල්‍ය හා කාඩ්පත් ආශ්රිත ආදයම්වල සිදු වූ වර්ධනයයි.
වෙළෙඳ කටයුතු ඔස්සේ ලැබූ ශුද්ධ ලාභ මූල්‍ය වත්කම් හඳුනා නොගැනීම නිසා ලැබූ ශුද්ධ ලාභ, විදේශ විනිමය ගනුදෙනු ඔස්සේ ලැබූ ශුද්ධ ලාභයන් මෙන් ම සෙසු මෙහෙයුම් ආදායම් ඇතුළත් වන පරිදි අනෙකුත් ආදායම් ශීර්ෂ පෙර වසරට වඩා සියයට 37.13 කින් වර්ධනය වූ අතර 2022 වසරේ අදාළ මාස නවය තුළ දී ශුද්ධ ලාභය රු. මිලියන 1,979 සිට රු. මිලියන 2,715 දක්වා ඉහළ ගියේය. මෙම ඉහළ යෑම ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත්තේ ශුද්ධ විදේශ විනිමය ප්‍රති-ඇගයීමේ ප්‍රතිඵලයක් ලෙසින් වාර්තා වූ ප්‍රතිලාභවලිනි.
අදාළ මාස නවයක කාලය තුළ දී සමස්ත වියදම් ප්‍රමාණය සියයට 9.75 කින් ඉහළ ගිය අතර පෙර වසරේ අදාළ කාල සීමාවේ දී වාර්තා වූ රු. මිලියන 10,036 ට සාපේක්ෂ ලෙස 2022 වසරේ අනුරූප කාල සීමාවේ දී සමස්ත වියදම් ප්‍රමාණය රු මිලියන 11,015 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. සාමූහික ගිවිසුමට අනුව කාර්ය මණ්ඩල ප්රතිලාභ වර්ධනය වීම හේතුවෙන් කාර්ය මණ්ඩල වියදම් රු. මිලියන 530 කින් ඉහළ ගියේය. ඉහළ උද්දමනය සහ දේශීය මුදල් අවප්‍රමාණ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිලදී ගැනීම් සහ සේවාවල මිල ඉහළ යෑම නිසා සෙසු මෙහෙයුම් වියදම් සහ ක්ෂයවීම් මෙන් ම ක්රමක්ෂය වියදම් ද සියයට 10.39 කින් ඉහළ ගියේය. කෙසේවෙතත්, පිරිවැය කප්පාදු කිරීම සඳහා බැංකු විසින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.
පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදය තුළ දී වාර්තා වූ රු බිලියන 6.2 ට සාපේක්ෂ වශයෙන් 2022 වසරේ අදාළ කාල පරිච්ඡේදය තුළ දී සමස්ත හානිකරණ ගාස්තුව රු. බිලියන 18.8 ක් ලෙසින් බැංකුව හඳුනා ගත් අතර එය සියයට 199.09 ක ඉහළ යෑමකි. ගෝලීය සහ දේශීය වශයෙන් වර්ධනය වූ ආර්ථික අභියෝගයන් සහ ණය අවදානම් අංශ පිළිබඳ අවධානය යොමු කර බැංකුව විසින් හානිකරණ ප්‍රතිපාදන ඉහළ නැංවීමට පියවර ගත්තේය.
සමාලෝචනයට ලක් කෙරුණු කාල සීමාව තුළ දී බැංකුවේ ශුද්ධ ණය සහ අත්තිකාරම්වල සියයට 2.66 ක ආන්තික වර්ධනයක් දැක ගැනීමට ලැබුණු අතර එහි අගය රු. මිලියන 453,730 කි. 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සමස්ත තැන්පතු පදනම වූ රු. මිලියන 488,653 ට සාපේක්ෂව 2022 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස නවය තුළ දී සියයට 7.32 ක වර්ධනයක් වාර්තා කරමින් මාස නවයක කාලයක් තුළ දී රු. මිලියන 524,439 ක් දක්වා ඉහළ ගියේය. බැංකුවේ ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය සියයට 30.25 ක් විය. මීට අමතර ව බැංකුවේ වත්කම් පදනම රු. මිලියන 50,223 සිට රු. මිලියන 657,800 දක්වා ඉහළ ගොස් තිබේ.
සමස්තයක් ලෙස ගත් විට අදාළ මාස නවයක කාලය තුළ දී වාර්තා වූ කාර්ය සාධනය ද සමගින් බැංකුවේ කොටසක ඉපැයීම් (EPS) රු. 4.34 ක් ලෙසින් වාර්තා විය. බැංකුව විසින් වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර) (ROAA) සියයට 0.74 ක් සහ හිමිකම් මත ප්‍රතිලාභය (ROE) සියයට 6.44 ක් ලෙස වාර්තා කළේය. 2022 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනට අදාළ ව බැංකුවේ කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රු. 91.47 ( සමූහ අගය රු. 94.74) ක් විය.
මූලික නියාමන අවශ්‍යතා ඉක්මවා යමින් ප්‍රධාන ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතවලට ගැළපෙන ලෙස සෙලාන් බැංකුව විසින් මනා ප්‍රාග්ධනීකරණයක් පවත්වා ගෙන යෑමට සමත් වී ඇති අතර සියයට 10.33 ක සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතයක් සහ සියයට 13.43 ක සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් වාර්තා කිරීමට ද බැංකුවට හැකි විණ.
බැංකුවේ ද්‍රවශීලතා අනුපාත නිර්දේශිත සීමාවන් තුළ පවතී. දේශීය බැංකු ඒකකයේ සහ විදේශ මුදල් බැංකු ඒකකයේ ව්‍යවස්ථාපිත ද්‍රව වත්කම් අනුපාතය (SLAR) පිළිවෙළින් සියයට 20.60 සහ සියයට 23.07 ලෙස වාර්තා වූ අතර බැංකුවේ සියලුම මුදල් ඒකක සහ රුපියල්වල ද්‍රවශීලතා ආවරණ අනුපාතය පිළිවෙළින් සියයට 122.92 සහ සියයට 201.26 ලෙස වාර්තා විය.
595
සෙලාන් බැංකුවේ සභාපති රවී ඩයස්
සෙලාන් බැංකුවේ අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න
බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල
නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෙලාන් බැංකුවට රු. මිලියන 2,505ක බදු පසු ලාභයක්
pakeer Wednesday, 21 December 2022 12:54 AM
මේ ලාභ වැඩක් නැහැ, ලංකාවේ මිනිස්සුන්ගෙන් සුරා කාපු රුපියල්, පුලුවන්නම් ඩොලර් හොයලා පෙන්නන්න.
janaka Wednesday, 21 December 2022 05:50 PM
මහජන සූරාකෑම්... ආයෝජන කියන්නේ ඕවා නෙවෙයි.. පුළුවන් නම් ඩොලර්ස් පෙන්වන්න..
nipuli Thursday, 29 December 2022 08:55 PM
2017 සිට ඉදිකිරීම් වැනි කොරෝනා හා ඉන්පසු ඇති වූ අයහපත් තත්ත්වයන් මත බිඳ වැටුණු ක්ෂේත්රවලට දේපළ ඇපයට ගෙන ලබාදුන් ණය සඳහා පොළියට පොලියකුත් මේ ගොල්ලෝ අය කරනවා. ඉතාමත් අසාධාරණ ලෙස සුහද හදවත පෙන්නලා මිනිසුන් හුරා කාලා බවට මීට වඩා සාක්ෂි ඕනෑද?