( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් නැමැති සමාගමට රජයට අයත් දේපල පැවරීම හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති සංශෝධිත මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03 ) අවසර ලබා දුන්නේය.
ඒ අනුව එම විරෝධතා ලබන ජනවාරි මාසයේ ගොනු කරන ලෙස නියම කෙරිණ.
එල්. ටී.බී.දෙහිදෙනිය, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සූම් තාක්ෂණය ඔස්සේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය සදහන් කලේ මෙම සංශෝධිත පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.
ඒ සදහා කල් ලබා දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඒ අනුව ඊට අවසර දුන් අධිකරණය පෙත්සම ජනවාරි මස කැඳවීමට නියම කලේය. වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් රේණුක පෙරේරා විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති , අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ , මුදල් අමාත්‍යාංශ ලේකම් හා භාණ්ඩාගාර ලේකම් එස් .ආර්.ආටිගල , විනිමය සුරැකම් කොමිෂන් සභාව , කොළඹ කොටස් වෙළදපොළ , සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් සමාගම ඇතුළු 19 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පසුගිය වසරේ මාර්තු මස 04 වැනි දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය යටෙත් "සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට්" සමාගම පිහිට වූ අතර එහි අයිතියෙන් සියයට සියක්ම මහා භාණ්ඩාගාර ලේකම්වරයා සතු වන අතර රාජ්‍යය සතු ව්‍යවසායක ආයතනයක් වන මෙම සමාගමේ ප්‍රධාන ව්‍යාපාර කටයුතු වන්නේ සත්කාරක සේවා සැපයීම බව සඳහන් විණි.
මෙම සමාගම පාලනය කිරීම සදහා නියෝජිත ආයතන මෙරටේ හෝ විදේශයන්හී පිහිට වීමට බලතල එහි අධ්යක්ෂ මණ්ඩලය ට හිමි වේ. එය රටේ ආරක්ෂාවට සහ ආර්ථික ආරක්ෂාවට තර්ජනයක් බව පෙත්සම් කරු කියයි. විගණකාධිපතිවරයාට මෙම සමාගමේ විගණන කටයුතු සිදු කිරීමට ඇති බලය අහිමි වේ.
පාර්ලිමේන්තු කෝප් කමිටුවේ ක්රියාකාරීත්වයටද මෙම සමාගමේ කටයුතු බරපතල ලෙසද බලපානු ඇතිබව පෙත්සමෙහි සදහන් වේ.
අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ස්ථාපිත සෙලන්දිවා සමාගම සතු බලතල මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ට තීරණය කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.
එසේම එම සමාගම සතු කොටස් , කොළඹ කොටස් වෙළද පොළේ ලැයිස්තුගත කිරීම වළක්වාලන අතුරු නියෝගයක්ද නිකුත්කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා ඇත. එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගැනීම විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට නියම කරන ලෙසද , පෙත්සම් විභාගයට අවසර දෙන ලෙසද , වගඋත්තර කරුවන් ට නොතීසි නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.
නීතිඥ දර්ශන වේරදූවගේ මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෙලෙන්දිවා පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර