(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා තුනක සාමාජිකයන් පත් කිරීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ එකඟත්වයක් නොමැති වීම හේතුවෙන් කල් යමින් පවතින බව වාර්තාවේ.
සාමාජිකයන් පත් කර ගැනීම නොහැකිව ඇති අනෙක් කොමිෂන් සභා වන්නේ මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසමයි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පත්වීමෙන් පසුව සියලු ස්වාධීන කොමිෂන් සභා විසිර ගිය අතර ඒවාට නව සාමාජිකයන් පත් කිරීමට නියමිත විය.
නව සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවැරුණු අතර එය ජනපති, අගමැති නියෝජිතයන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් හා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සමන්විත විය.
එහි සාමාජිකයන් කිහිප දෙනකුගේ කඹ ඇඳීමක් නිසා මෙලෙස ස්වාධීන ආයතන සඳහා සාමාජිකයන් පත් කිරීම කල් යමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනු ලැබූයේ එම ආයතන පාරදෘෂ්‍ය භාවයෙන් යුතුව කටයුතු කිරීම වෙනුවෙනි.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ස්වාධීන කොමිෂන් තුනක නව පත්කිරීම් කල් යන ලකුණු
මොහොට්ටාල Saturday, 29 April 2023 07:45 AM
කොමිසම් සභා පත්කිරීම ප්‍රමාද වෙනවිට සිදුවන්නේ දේශපාලුවන්ගේ බලාපොරොත්තුව සාර්ථක වීම පමණයි. කොමිසම් සභා පත්කිරීමට විරුද්ධව සිටින සියලු දෙනාම සාර්ථක පාලකයෝ වෙන්න බැහැ. බුදුහාමුදුරුවෝ දේශනාකලේ අප්පමාදෝ අමතපදං.. පමාදෝ මච්චුනෝ පදං කියලා තමයි. ඉතින් දේශපාලුවන් පමාකරනවා කියන්නේ රටේ පරිහානියට හේතුවක් තමයි.
පුංචි බංඩා Saturday, 29 April 2023 08:48 AM
ප්‍රසම්පාදන කොමිසම පත්කිරීමට මොකද වුනේ... ?
චන්දන Saturday, 29 April 2023 12:32 PM
නියම උප්පරවැට්ටි. ලෝකයා රවට්ටන්න කොමිෂන් සභා දැම්මා. දැන් කියන්නේ එකඟතාවක් නැහැ කියලා. ඔය කිසිම කොමිසමක් වැඩක් නැහැ. දේශපාලකයාට ඕනෑ හැටියට ඔක්කොම... පොලිස් කොමිසම දැක්කා නේද? රූකඩ වගේ...