(නිමල කොඩිතුවක්කු)
ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය , ගෞරවය සහ අභිමානය ශක්තිමත් කිරීමට වර්තමාන රජයට හැකි වූ බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවැසීය.
වත්මන් ආණ්ඩුව තරම් රාජ්‍ය සේවකයා වෙනුවෙන් කැපවූ වෙනත් කිසිදු ආණ්ඩුවක් ඉතිහාසයේ බිහි නොවූ බවත් පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය සේවකයා තවදුරටත් ශක්තිමත් කිරීමට සජිත් ප්‍රේමදාස පාලනයක් තුළින් කැපවෙන බවත් සඳහන් කළේය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේද කීවේය.
“මහින්ද රාජපක්ෂ මහතා 2009 දී වැටුප් වැඩිකළේ 2500කින්. ඉන් පසුව 2014 වෙනකම් වැටුප් වැඩිවුණේ නැහැ. කාර්යාල කාර්ය සහයකයෙකුගේ මූලික වැටුප 2015දී අපේ ආණ්ඩුව ගන්නකොට රුපියල් 11730යි. 2020 ජනවාරි වනකොට 24215යි. ඒ අනුව මේ වසර 05 තුළදී දෙගුණයකට වඩා වැටුප වැඩිවී තිබෙනවා.
ඊට අමතරව අතිකාල දීමනා, සංයුක්ත දීමනා, උත්සව දීමනා ලබාදී තිබෙනවා. රියදුරෙකුගේ මූලික වැටුප රුපියල් 12270 සිට 25790ක් දක්වා වැඩිවී තිබෙනවා. සංවර්ධන නිලධාරියෙකුට 15000 සිට 31490ක් දක්වාත් වැඩි කර තිබෙනවා.
පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුට මූලික ආරම්භක වැටුප තිබුණේ 21750යි. අපේ ආණ්ඩුව විසින් එය 44950 ක් දක්වා වැඩිකළා.
ප්‍රදේශිය ලේකම්වරුන් වැනි පරිපාලන නිලධාරියෙකුගේ මූලික වැටුප 22935 තිබුණා. එය 47615ක් දක්වා වැඩිකර තිබෙනවා. පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුගේ මූලික වැටුප රුපියල් 36755ක් සිට රුපියල් 76175ක් දක්වා වැඩිකර තිබෙනවා.
මේ විදියට රාජ්‍ය සේවකයින් ලක්ෂ 15 වකගේ වැටුප් වැඩිකර තිබෙනවා. අපි එනකොට රුපියල් බිලියන 375ක් වූ වැටුප් බිල 735ක් දක්වා වැඩිවී තිබෙනවා. මේ ආණ්ඩුව තරම් රජයේ සේවකයින්ට සලකපු ආණ්ඩුවක් නැහැ.
අද රාජ්‍ය සේවකයන් 2015 මහින්දගේ කාලයට වැඩිය දෙගුණයකට වැඩිය තමන්ගේ පඩිපත ගෙදර අරන් යනවා. දීමනා ලබාදුන් වැටුප් වැඩිකළ ආණ්ඩුවට කෘතගුණ සැලකීමට රාජ්‍ය සේවකයන්ට දැන් අවසථාවක් ලැබිලා තිබෙනවා.
අද පොහොට්ටුවේ පිරිස් යුද හමුදාව ගැන, යුද්ධය ගැන කතාකරනවා. මහින්ද රාජපක්ෂත්, ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂත් යුද්ධයෙන් පස්සේ යුද හමුදාවට සතපහක පඩි වැඩිකළේ නැහැ. රණවිරුවන්ගෙන් වැඩගත්ත එක විතරයි කළේ.
හමුදාවේ ලුතිනන්වරයෙක් 22935 සිට 47615 දක්වා මූලික වැටුප අපි වැඩිකර තිබෙනවා. කර්නල්වරයෙකුගේ වැටුප 36755සිට 76375දක්වා අපේ ආණ්ඩුව වැඩිකර තිබෙනවා. මේ හැමෝටම ආහාර සලාක ලබාදෙනවා. එය නිලධාරින්ට 14939 සිට 23231 දක්වා වැඩිකර තිබෙනවා. සෙසු නිලයන්ට 13199 සිට 19350 දක්වා ආහාර දීමනා ව වැඩිකර තිබෙනවා.
ඒ අනුව 120%කින් අපි ආහාර දීමනාව ඇතුලුව වැටුප් වැඩිකර තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට අයිතියක් තිබෙනවාද හමුදාවේ සාමාජිකයන්ගේ ඡන්දය ලබාගන්න. ආබාධිත රණවිරුවෝ පසුගිය දවස්වල කණුවල නැගලා උද්ඝෝෂණය කළා. ඒ අය වෙනුවෙනුත් ඇහුම්කන් දුන්නේ අපේ ආණ්ඩුවයි.
2015 වනවිට ආබාධිත වු කර්නල්වරයෙකුට ලැබී තිබෙන වැටුප 10700යි. අද 167000ක් ලැබෙනවා. ලුතිනන්වරයෙකුට 84750 වුණා. අද 127500ක් ලැබෙනවා. මෙහෙම තිබියදී තමයි දේශපාලන කටයුතු සඳහා හමුදා සෙබලු යොදාගන්නේ. මීට අමතරව පැය 08ට වඩා වැඩකරන පොලිසියේ නිලධාරීන්ට 40%ක අතිරේක දීමනාවක් ලබාදෙනවා. 28000ක් ගත් පොලිස් රාලහාමි කෙනෙකුට අද 58000ක් ලැබෙනවා
විශ්‍රාමිකයින්ට 2006 සිට 2015 දක්වා වැටුප් වැඩිකළේ නැහැ. ඔවුන් පාරට බැහැලා විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කරන්න කියලා හන්දිවල උද්ඝෝෂණය කළා. නමුත් රාජපක්ෂ ආණ්ඩුව එය ලබාදුන්නේ නෑ. අපි 2015 බලයට පැමිණ පළමු මාස තුන ඇතුලත විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කළා. ඒ අනුව රජයේ සෑම විශ්‍රාම වැටුප් ලාභියෙකුගේම 45%කින් විශ්‍රාම වැටුප් වැඩිවීම සිදුවුණා.
මේ බව දන්නා රාජ්‍ය සේවකයන්ටත්, විශ්‍රාමිකයන්ටත් සජිත් ප්‍රේමදාසගෙන් පිට ඡන්දයක් දෙන්න බැහැ. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම ලබාදී තිබෙන අවස්ථාවේදී රජයේ සේවකයන්ට යුතුකම ඉෂ්ට කරන්න අවස්ථාව ලැබී තිබෙනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වුණා‘‘