(ඇන් ජේ පතිරාජ )
වල් අලියකු පහරදී මියගිය තම ස්වාමියගේ සිරුර වෙනත් අයකුට රැගෙන යාමට ඉඩ නොදුන් බල්ලකු ගැන පුවතක් මහඅන්දරවැව තල්ගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මහඅන්දරවැව පාසල අසළ පදිංචිව සිටි ඒ එච් එම් සමන්ත අබේසිංහ නමැති පනස් හැවිරිදි තිදරු පියකු බව ද පොලිසිය පවසයි.
මියගිය අයගේ මිතුරන් දෙදෙනෙකු තල්ගස්වැවට මාළු අල්ලන්න යමු යැයි යෝජනා කර ඇති අතර පාදවල ඇති තැලුම් තුවාල නිසා ගමන යාමට අලි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලය මුලින් අකැමත්ත පුකාශ කොට ඇත.
ඒ අවස්ථාවේ මිතුරකු ඔහුට සපත්තු දෙකක් ගෙනැවිත් දී ගමනට එකතු කරගෙන ඇතැයි පොලිසිය කියයි. මියගිය තිදරු පියාගේ නිවසේ ඇතිකරන බල්ලා ද මෙම ගමනට එකතු වී ඇත.
පිරිස කැලය මැදින් ගමන් ගනිද්දී වල් අලියකු ඉදිරියට පැමිණ ඇති බවත් මිතුරන් දෙදෙනාගෙන් එක් අයකු ගසකට ගොඩ වි ඇති අතර අනෙක් මිතුරා දුව ගොස් පඳුරකට මුවා වි ඇත.
තිදරු පියා හා බල්ලා තනි වි ඇති අතර , බල්ලා සිය ස්වාමියා බේරා ගැනීමට කීපවරක් ඉදිරියට පැන්නද බල්ලාට පහරදීමට උත්සහා කර පන්නා පසුව වල් අලියා තිදරු පියාට පහරදී මරා දමා ඇත.
වල් අලි පහරදීම නිසා තිදරු පියා එම ස්ථානයේ මියගොස් ඇති අතර ,ඔහුගේ සිරුර ඔසවා ගෙන යාමට සුනඛයා කිසිවකුට ඉඩ දී නොමැති අතර , අවසානයේ කිට්ටුම ඥාතීන් පැමිණි පසු දේහය රැගෙන යාමට සුනඛයා ඉඩ දී ඇතැයි පොලිසිය කියයි .
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ස්වාමියා බේරා ගන්න බල්ලා අලියාට තගක් දාලා
sarath Monday, 29 May 2023 04:22 PM
ගම්බදව වෙසෙන මිනිසුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තැබීමට මෙතරම් මැලි වන්නේ ඇයි? ඒ මේ මිනිසුන් දුප්පත් නිසාද?
සුනෙත් හේමන්තTuesday, 30 May 2023 09:42 AM
මෝඩ කතා කියන්න එපා. අලියා ගමට ඇවිල්ල පහරදීල නෙමේනෙ, මේ මිනිස්සු අලි ඉන්න කැළෑවේ මාලු අල්ලන්න ගිහිනුයි අලියා ගහල තියෙන්නේ.
de silva Monday, 29 May 2023 06:00 PM
අලි ඉන්න කැලෑ කපලා නිෂ්ඵල ගුවන් තොටුපලවල් හැදුවාම අලි ගම්වලට ඇවිත් මිනී මරති...
fairoos Monday, 29 May 2023 07:27 PM
බල්ලගේ ඒ සෙනෙහස අද මිනිස්සු ළඟ නැහැ...
Bamunuarachchi Tuesday, 30 May 2023 03:56 AM
කාරනාව එහෙම උනාට මුස්ලිම් මිනිස්සු බල්ලෝ ඇතිකරන්නේ නැහැ. මොකද බල්ලෝ තමන්ට වඩා ඉහල බව දන්නා නිසා.