(ඩයනා උදයංගනී)
ඉකුත් 2016 වසරේදී රාජ්‍ය සේවයට එක් වූ සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීම සඳහා 2019 දෙසැම්බර් මස පැවති කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල මේ වන තෙක් නිකුත් කර නොමැති බවට එම නිලධාරීහු චෝදනා කරති.
සංවර්ධන නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීම සඳහා මෙම විභාගයේ ප්‍රතිඵල අත්‍යවශ්‍ය බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ද සඳහන් කර ඇති අතර වසරකට ආසන්න කාලයක් තිස්සේ එම විභාග ප්‍රතිඵල නිකුත් නොකිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඔවුහු පවසති.
එබැවින් තම සේවය ස්ථිර කර ගැනීම ප්‍රමාද වෙමින් තිබෙන බව එම නිලධාරීහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර 2019 දෙසැම්බර් මස පැවති සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ඔවුන් පවසයි.
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් සනත් පුජිත මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ බලපෑ කෝවිඞ්-19 වසංගත තත්වය හේතුවෙන් උත්තර පත්‍ර පරීක්ෂකවරුන් කැදවීම නතර කර තිබු නිසා මෙම ප්‍රතිඵල නිකුත් කිරීම පමා වී ඇති බවය.
මේ වන විට කෝවිඞ් තත්වය පහව යමින් පවතින නිසා යළි පිළිතුරු පත් බැලීම සඳහා නිළධාරීන් ගෙන්වීම ආරම්භ කළ බව කී විභාග කොමසාරිස්වරයා මේ වනවිට පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ආරම්භ කර ඇති නිසා ඉතා ඉක්මණින් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවේවි යැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංවර්ධන නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල කඩිනමින් ඉල්ලයි