IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි

(අංජුල මහික වීරරත්න)

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

දේශීය සහ විදේශීය මූල්‍ය ප්‍රතිපාදන යටතේ සිදු කරන රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘති වලදී රාජ්‍ය නිලධාරීන් සතු විශේෂඥ දැනුම භාවිත කරමින් අදාළ පාර්ශව සමග යහපත් සංවාදයක් ගොඩනගා ගැනීමේ හැකියාව තිබිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.රජය ලෙස අවශ්‍ය මඟ පෙන්වීම  සිදු කරන බවද ඇය සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය  මේ අදහස් පළ කළේ,  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් එහි ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය. 



අදහස් (7)

සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි

gama Saturday, 12 October 2024 05:48 AM

අනිවාර්යයෙන්, ඒ අය වැටුප් ගන්නේ ඒකට. ඔෆිස් ඇවිත් නිදා ගන්න නෙවෙයි...

:       1       9

Nilantha Saturday, 12 October 2024 02:04 PM

ඒ වුණාට මෙතෙක් කලක් රාජ්‍ය සේවයේ ඔක්කෝමලා හිටියේ තම තමන්ගේ පක්ෂ වලට එල්ලිලා මිස රට ගැන කිසිම හැඟීමක් ඇතුව නොවෙයි... අන්තිමට උන්දැලාත් කිසිම දෙයක් නොකර ඉඳලා කිව්වේ අවුරුදු 76ක් ආණ්ඩු මොනවාද කළේ කියලා තමයි කොහොම වුණත් සියලු රාජ්‍ය සේවකයින් සංවර්ධන වැඩ ගැන වගකිවයුතු නැහැ. මොකද දහස් ගණනක් සේවකයින් සංවර්ධන නිලධාරි කියලා කිසිවක් නොකර ඉන්නවා. ඔවුන්ට ඒ වගකීම අනිවාර්යයෙන් පැවරෙනවා. සෑම කෙනෙක්ම සංවර්ධන කටයුතු සඳහා වගකිවයුතු නම් සංවර්ධන නිලධාරින් කියන ඔක්කෝමලාගේ තනතුරු නාමය නොපමාව වෙනසක් කරන්න ඕනෑ...

:       0       6

pj Saturday, 12 October 2024 06:50 AM

බලයට එන්න පෙරාතුව කීවේ සහභාගි වෙන්නත් එපා කියලයි. ඔහොම යන්...

:       16       3

සෙනෙවිරත්න Saturday, 12 October 2024 08:09 AM

වෙනදා ඕව ණය මත කරන බව නෙවෙයි ඇඟෙව්වෙ තමන්ගෙ බූදලයෙන් කරනවා වගේ, දේශපාලඥයන් සහ නිළධාරීන් දෙගොල්ලො එකතුවෙලා කොමිස් ගැහිලයි කලේ. මේ ප්‍රකාශය අනුව වගකීම් සහ වගවීම් පැහැදිලිවම පේනව, මේක තමයි විය යුත්තේ.

:       3       21

සෙනෙවිරත්න Saturday, 12 October 2024 08:14 AM

මීලඟ නිදහස් සැමරුම ප්‍රභූන් වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් බව ප්‍රකාශයක් අසන්නට ලැබුන. එය කෙසේ දැයි පැහැදිලි නොවුනද මෙතෙක් කල් අප දුටු නිදහස් සැමරුමවූයේ දේශපාලඥයන්ගේ බිරින්දෑවරු දරුවන්, සහ හමුදාවේ උසස් අයගෙ සහ බිරින්දෑවරුන් වාහන වලින් පැමිණ රතු පලස් මගින් අසුන් ගත කර අහසට වෙඩි තැබීමත් නිරස කතාවත් පමණි. තානාපතිවරුන්ද පැත්තක වාඩිකරවීමටද ඔවුන් අමතක නොකරයි. මේ ක්‍රමය වෙනස් කිරීම ඉතාම හොඳ වැඩක්. අප පැතු වෙනස මෙයයි

:       1       18

Deepal Nirosh Saturday, 12 October 2024 01:26 PM

නිදහස සමරන්න කියලා පෙබරවාරි 4 වැනිදා රුපියල් කෝටි ගණන් වියදම් කරගෙන ගාලු මුවදොර/ නිදහස් චතුරශ්‍රයේ නටන පිස්සු විකාර සන්දර්ශනය නවත්වන්න. එදෑට සෑම නිවසකම/ රාජ්‍ය ආයතනයකම ජාතික ධජය ඔසවා තබන්න නියම කරන්න. ආගමික ස්ථානවල සැඳැවට ආගමික පුද පූජා හා නැමදීම් පමණක් පවත්වන්න නියම කරා නම් ඇති...!

:       1       2

Thoththababa Sunday, 13 October 2024 05:01 AM

නිදහස සැමරීම ලෝකයේ බොහෝ රටවල සිදුවෙනවා ඒවා ප්‍රවෘත්ති මගින් නොදකින බව පැහැදිලියි නැත්නම් මෙහෙම කියන්නෙ කොහොමද ඊළඟට මෑතකදී හිටපු ජනාධිපති පදිංචිව හිටියෙ පුද්ගලික නිවසක තමයි ඒත් අවශ්‍යතා නිසා ජනාධිපති මන්ධිරයේ කුස්සියේ අහාර එකතුවක් තිබුනා ඒවා අනවශ්‍ය දේවල් කියලා සේවකයින්ට ගෙනයාමට කියලා තිබුනා ඇත්තටම ඒ ආහාර තිබුනේ ජනාධිපතිට පරිභෝජනය සදහාද කියලා නුවනැත්තෝ සිතත්වා එහෙම ශෝබන වැඩ කරන්නෙ මෝඩ මිනිස්සු රවටා බලය ගැනීමේ උපක්‍රමයක් ලෙසටද කියලා තේරුම් ගන්න බැහැ සාමාන්‍යයෙන් මැයි දිනය තමයි අගමැති කියන ආකාරයට වෙනසක් වෙන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 0 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 190 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 30 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 267 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 1520 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 679 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 733 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site