IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සංවර්ධනයට පෙර ජනතාවගෙන් අහන්න

(ෂේන් සෙනෙවිරත්න)

නගරයක් ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේදී සියලු දෙනාගේ අදහස් විමසිය යුතු බවත් එසේ නොවුණහොත් යම් විරෝධයන් ඇති විය හැකි වුවත් අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුත්තක් නම් ඩෝසර් කර හෝ එය සිදුකළ යුතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ අද (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විසල් මහනුවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍ය අරුණ කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් හා මහනුවර ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.

එහිදී අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

සංවර්ධන කටයුතු සිදුකිරීමේදී සියලු දෙනාගේ අදහස් නොවිමසා සැලසුම් සකස් කළහොත් විවිධ විරෝධයන් දුක් ගැනවිලි ඉදිරිපත් විය හැකියි. එම නිසා සියලු ප්‍රජාවන් සමග සාකච්ඡා කොට සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම ඉතා වැදගත්.

අද පැවති සාකච්ඡාවට අනුව ඉදිරියේදී සිදු කිරීමට මහනුවර සංවර්ධනන ව්‍යාපෘතියට 99% කැමති බවක් පෙනුනා. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුන බවක් පෙනුනත් එය නිරාකරණය කර ගැනීමට හැකියාව තිබෙනවා. කටුගස්තොට සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වෙළඳ ගංගම් වල විරෝධතාවයක් තිබෙන බව සඳහන් වුණා. එය කළමනාකරණය කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි.පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සින්නක්කර ඔප්පු දීමේ සටහන නවතා දැමීමට තීරණය කළ බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළ අතර නව ක්‍රමවේදයකට අනුව එම ඔප්පු ඉක්මනින් නැවත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසීය.

පසුගිය කාලයේ ලබාදුන් ඔප්පු ක්‍රමයට අනුව ඉඩම් විශාල ප්‍රමාණයක් කැබලවීමේ අනතුරක් තිබෙන බව පැවසූ අමාත්‍යවරයා උරුමය ඔප්පු ක්‍රමය තුළින් එය ලබාගන්නා පුද්ගලයාට පවුලේ අන් කිසිවෙකු ගැන නොසලකා එම දේපොළ විකුණා දැමීමේ හැකියාව තිබෙන බවද පැවසීය.

 



අදහස් (8)

සංවර්ධනයට පෙර ජනතාවගෙන් අහන්න

R.T. sarath Friday, 14 February 2025 02:17 PM

කරුණාකර නාගරික සංවර්ධන අධිකාරිය නගර සභා ප්‍රදේශ වලට පමණක් සීමා කරන්න , ගමේ ගෙයක් හැදුවත් ඔය නිලධාරීන්ට පගාව දෙන්න සිද්ධ වෙලා මේක විශාල කරදරයක්

:       0       12

පැරකුම්Friday, 14 February 2025 03:11 PM

දන්නව නේ පගාව ගන්නවා වගේම පගාව දීමත් දඩුවම් ලැබිය හැකි වරදක් බව. පගා ගන්නවුන් නීතියේ රැහැනට හසුකරදීම නීතිගරුක රටවැසියන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් බව කිව යුතුය.

:       0       11

K Perera Friday, 14 February 2025 02:37 PM

මහනුවර මීට වඩා පිළිවෙළකට ආකර්ශනීය ලෙස තියාගන්න පුළුවන් සහ තියාගත යුතු නගරයක්... විශේෂයෙන් විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයින් පිළිගන්න මීට වඩා වැඩ පිළිවෙළක් අවශ්‍යයයි. නැත්නම් මේ නගරයේ වටිනාකම කිය කියා ආඩම්බර වුණාට පිටින් එන මනුස්සයෙක්ට හරියට කන්න කෑමක් නෑ වැසිකිලි පහසුකම් මඟ තොට නිදහසේ ඇවිද යන්න විදියක් නැති වෙලා ශබ්ද විකාශන දාගෙන තැන තැන හිඟන්නෝ ගීත ගායනා කරනවා කන්දොස් කිරියාවේ බෑ මේවාට අවසර දෙන්නෙත් ඔලමොට්ටල නගර සභාවමයි... කාට කියන්ඩද නගරයේ නිදහස නැති කරන්න දෙන්න එපා...

:       0       16

Kabir Friday, 14 February 2025 03:33 PM

පිස්සුද හැටිද?

:       4       4

sene Friday, 14 February 2025 03:44 PM

දැන් රට දුවන්නේ බැඳුම්කර විකිණීමෙන් එන මුදලින් ඔය සංවර්ධනයට මුදල් කොයින්ද? කියවීම රැකියාවක් කරගත් මොවුන්ගෙන් දැනටමත් රටට වී ඇති විනාශය නොපෙන්වීමට ජනතාව තවදුරටත් රවටනවා...

:       0       0

casmir Friday, 14 February 2025 03:45 PM

ජනප්‍රිය දේශපාලනය කරලා රටවල් හදන්න බැහැ. හොඳම උදාහරණය කොළඹ, පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකට යන පාර, මිනිස්සුන්ට පාරේ යන්න ඉඩ නැහැ. මේ කඩ දාගෙන ඉන්න අයගෙන් අහලාද වැඩ කරන්න බලාපොරොත්තුව? හැබැයි ඔය ආණ්ඩුවෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...

:       0       0

මහජනයා Friday, 14 February 2025 05:41 PM

ඔය කබීර් කියලා අදහස් දාලා තියෙන්නේ කටුගස්තොට අන් අයට කරුමයක් විදියට වෙළඳාම් කරන ප්‍රජාව නියෝජනය කරන කෙනෙක් විය යුතුයි. කටුගස්තොට සියලුම පාරවල් ඉදිරියේදී අධිවේගී මාර්ගය එකතු වෙන්න පෙර විශාල නොකළහොත් අධික තදබදයක් ඇති වනු නොඅනුමානයි..

:       0       0

ajith Friday, 14 February 2025 05:59 PM

පාරේ තාර දමලාවත් නැහැ. මඩ ගොඩක් සමහර තැන්වල පළල අඩි 7 වගේ තිබෙන්නේ..., අපේ ගෙදරට ඉස්සරහ ගෙදර මිනිස්සු තාප්පේ බඳිනකොට අඩි 2 1/2 පස්සට කරලා බැඳගත්තා. එමනිසා අපිත් අඩි 2 1/ 2ක් පස්සට කරලා වැට ගැහුවා. අපි ජීවත්වෙන්නේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක.. දැන් නාගරික සංවර්ධන අධිකාරියෙන් ඇවිත් කියනවා පාරේ පළල අඩි 15 ලු ගෙවල් හදන්න පුළුවන් පාරේ මැද සිට ආදී 25 පසු පසින්ලු එක නිසා දැන් මේ COC එක දෙන්න බැහැලු... නමුත් අපි ගෙවල් හදලා තිබෙන්නේ දැනට වසර 5 කට පෙර අනුමත කරපු ප්ලෑනට අනුව අවශ්‍ය ඉඩ තබලා, බ්‍රෝකර් කෙනෙක් වැඩේ කරලා දෙන්න ලක්ෂ 5ක් ඉල්ලනවා... තවම අපි නිවසට පිගන් ගඩොල් ටිකවත් අල්ලලා නැහැ... හරිම අසාධාරණයක්... අපි ජනාධිපතිතුමාටත් මේ ගැන ලිව්වා තවම උත්තරයක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තැපැල් ජන්ද සළකුණු කිරීම අද ඇරැඹේ
2025 අප්‍රේල් මස 24 42 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ
2025 අප්‍රේල් මස 24 370 0

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.


දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි
2025 අප්‍රේල් මස 24 468 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි


වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 1147 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 58 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති
2025 අප්‍රේල් මස 24 1366 0

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 681 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 338 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site