(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කඳවුරේ නිරෝධායනය වන සිවිල් ආරක්ෂක භටයින් අතර සිටි තවත් භටයින් 11දෙනෙකු හදිසියේ ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවයන් නිසා රෝහල් ගතකර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා ඊයේ රාත්‍රියේ රෝහල් ගතකර ඇති භටයින් 11 දෙනොගෙන් 3දෙනෙකු දඹුල්ල රෝහලටත් තවත් 8 දෙනෙකු අනුරාධපුර මහරෝහලටත් ඇතුලත් කර තිබේ.
රෝහල්ගත කළ පිරිස අතරින් දඹුල්ල රොහලට ඇතුලත් කළ තිදෙනාට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී එක් අයෙකු ආසාධිත බවට හඳුනාගත් බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා පැවැසීය. ඒ අනුව එම කඳවුරෙන් වර්තාවන ආසාධිත භටයින් ගණන 7 දක්වා ඉහළ ගොස් තිබේ. අනුරාධපුර රෝහලට ඇතුලත් කළ 8දෙනාගේ පීසීආර් වාර්තා ලැබීමට නියමිතව ඇත.
ඒ අනුව අද පෙරවරුව වනවිට ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කදවුරේ නිරෝධායනය වන භටයින් අතුරින් හමුව ඇති කොවිඩ් 19 ආසාධිත භටයින් ගණන 07ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් ආසාධිත බවට හඳුනාගෙන ඇති එම සිවිල් ආරක්ෂක භටයෝ ගල්කිරියාගම, මැදවච්චිය, මහියංගනය, වව්නියාව, මහනුවර හා පදවිය ප්‍රදේශවල පදිංචිකරැවෝ වෙති.පැවැති නිදහස් දින ජාතික උත්සවයට සහභාගී වීමෙන් පසුව ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කදවුරේදී මෙලෙස නිරෝධායනය වන සිවිල් ආරක්ෂක භටයින් ගණන 140කි. ඉන් 50ක පමණ පිරිසක් දැනට කොවිඩ්-19 මූලික රෝග ලක්ෂ පෙන්නුම් කරන බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා පැවසීය.
නිරෝධායනය වන එම භටයින්ගෙන් 56 දෙනෙකුගේ පීසීආර් සාම්පල ලබාගැනීමට පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ කටයුතු කර තිබූ අතර එම ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැත. පවතින තත්ත්වය අනුව ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කඳවුර දැඩි අවධානම් තත්ත්වයකට පත්ව ඇති නිසා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම කඳවුරට ඇතුල්වීම හා පිටවීම මේ වනවිට නවතා දැමා ඇති බව ද පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා පැවැසීය.
ගල්කිරියාගම ප්‍රාථමික විද්‍යාලය රෝහල පොලිස් ස්ථානය විහාරස්ථානයක් හා බස්නැවතුම්පල වැනි මහජනයා ගැවසෙන පොදු ස්ථාන රැසක් ද ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කඳවුර අවට පිහිටා තිබේ. එබැවින් ගල්කිරියාගම නගරය හා පොදු ස්ථානයන්හි සංචරණණයෙන් හැකිතාක් වළකින්නැයි පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මහජනතාට දන්වා සිටී.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිවිල් ආරක්ෂක භටයන් 11කට ස්වසන අමාරු